හාලිඇල පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා හට පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
උදිත ලොකුබණ්ඩාර මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම රැස්වීම පැවැත්වී ඇති අතර එහිදී විජමු ලොකුබණ්ඩාර මහතා කතාකරමින් සිටියදී පාක්ෂිකයන් හූ තබමින් කෑ කෝ ගසනු දැකගත හැකි විය.
පසුව සංවිධායකයන් තත්ත්වය සමතයකට පත් කළ අතර ඉන් මොහොතකට පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම් භූමියට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට පොහොට්ටු වේදිකාවේ උණුසුම් සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී තිබිණ.








