ඉන්දියාව විසින් ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක සහන ණය මුදලක් ලබා දීමට අදාළ ගිවිසුම් අස්සන් කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ (24) දිනයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර සිටියේය.
‘රිස්ර්ව් බෑන්ක් ඔෆ් ඉන්ඩියා’ හරහා මෙම මුදල ලබා දී ඇති අතර ලංකා රජය ඉකුත් කාලයේදී කළ ඉල්ලීමකට අනුව මෙම මුදල ලබා දීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
මෙම සහන ණය මුදල 2022 නොවැම්බර් දක්වා ක්‍රියාත්මකය.










