මරදාන පොලිස් වසමේ බේරේ වැව ආශ්‍රිතව පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.Sri Lanka Latest News
මළ සිරුර සොයාගෙන ඇත්තේ, මරදාන පොලිසියට ඊයේ (21) සවස් කාලයේදී ලද තොරතුරක් මත කරන ලද සෝදිසි කිරීමකදීයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පිරිමි පුද්ගලයෙක් වන මරණකරු වයස අවුරුදු 55ත් 60ත් අතර පසුවන බවට සැක කෙරේ.
මරණකරු කළු පැහැති දිග කලිසමක් සහ කොළ පැහැති අත් දිග කමිසයක් හැඳ සිට ඇත.
හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.










