පොරොන්දු කඩ කිරීම අතින් ආණ්ඩුව අංක එකට අද වන විට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මහියංගණයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
ඉකුත් ජනාධිපතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ලබා දුන් පොරොන්දු කිසිවක් මේ වනවිට ජනතාවට ඉටු කර නොමැති බවද ප්‍රේමදාස මහතා එහිදී සදහන් කර සිටියේය.










