ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ගාලු දිස්ත්‍රික් හිටපු ඇමැති වජිර අබේවර්ධන යන මහත්වරුන් මුදල් ලබා ගත් ආකාරය පිළිබදව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළේය.
ඒ ගාල්ලේ පැවැති රැස්වීමකට එක් වෙමිනි.
එහිදී රණවක මහතා කියා සිටියේ ඉකුත් මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාත්, වජිර අබේවර්ධන මහතාත් මුදල් ලබා ගත් බවත්, ඒ හේතුවෙන් ඇවන්ගාඩ් පරීක්ෂණ සියල්ල යට ගැසූ බවත්ය.










