පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඉහළ මනාපයක් දිනාගනිමින් වතුකරයේ ප්‍රධාන චරිතය බවට පත්වූ අම්බිකා සැමුවෙල් හට පසුගිය සතියේ බණ්ඩාරවෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිවාස හිමිකම් බෙදාදීමේ උත්සවයකදී කුඩම්මාගේ සැලකිලි ලැබී තිබූ බවක් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබේ.Sri Lanka Latest News
එහිදී වතුකරයේ ජනතාවට ජනාධිපතිවරයාගේ අතින් නිවාස හිමිකම් ලබාදීම සිදුකෙරුණද, ජනාධිපතිවරයා රැඳී සිටි වේදිකාවේ අම්බිකා සැමුවෙල් හට ලබාදී තිබුණේ දෙවැනි පෙළ ආසනයකි.
ජනාධිපතිවරයා වේදිකාවේ සිටි කිසිදු අවස්ථාවකදී අම්බිකා සැමුවෙල් හට ඉදිරි පෙළට පැමිණීමට සංවිධායකයන් විසින් අවස්ථාව ලබාදී නොතිබිණි.
අම්බිකා සැමුවෙල් සැලකෙන්නේ වතුකරයෙන් පාර්ලිමේන්තු පැමිණි පළමු මන්ත්‍රීවරිය ලෙසය.










