• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ ගමේ සත්පත්තිනි ශාන්තිකර්මය! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
කොළඹ ගමේ සත්පත්තිනි ශාන්තිකර්මය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගම කියන්නේ අපේ සමාජයේ, සංස්කෘතියේ හර පද්ධතිය. මූල බීජය. එහෙම නැත්නම් මෙරට සංස්කෘතියේ අක්මුල් කිඳාබැසගත්ත තැන. එහෙම ගමක ජීවත් වෙන්නත් මේ සංකීර්ණ සමාජයේ කෙනෙක්ට පිනක් තියෙන්න ඕනේ. තලංගම වැව ආශ්‍රිත අවරිහේන වැවහේන අන්න එහෙම ගමක්. අපේ ගමේ සත්පත්තිනි ශාන්තිකර්ම උත්සවය පසුගිය සතිය අන්තයේ තලංගම වැව් ඉස්මත්තේ හරි අපූරුවට ආරම්භ වුණා.Sri Lanka Latest News

ලෝකය කොච්චර තාක්ෂණය අතින් දියුණු වුණත්, අපේ ගැමි විශ්වාස, ඇදහිලි, බලිතොවිල්, ශාන්තිකර්ම, නැටුම් ක්‍රම, කවි, ස්තෝත්‍ර, බෙර වාදන, කලා ශිල්ප, තාමත් අපේ ගම්වල නොනැසී පවතිනවා. ඒවායෙහි හරි අපූර්වත්වයක් තියෙනවා. ඒවා විශ්වාස කරන නොකරන එක තම තමන්ගේ කැමැත්ත. ඒ අපූර්වත්වයට, අව්‍යාජ ගැමි සුන්දරත්වයට කැලෑ කොලම තාමත් ළෙන්ගතුයි. මේ මහඟු කාර්යය සංවිධාන කරන පැරකුම් ගොවි සමාජය, ගමේ තරුණ ප්‍රජාව හා ගම්වාසීන් නියෝජනය කරමින් අප හා සම්බන්ධ වූයේ මෙකී කර්තව්‍යයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන පාල ගොවි මහතා.

පාල අයියා අපිට කියන්න මේ සත්පත්තිනි ශාන්තිකර්මය ගැන විස්තර ටිකක්?
මේ පත්තිනි ශාන්තිකර්මය කරන්න මූලිකම ආරම්භය වුණේ, මීට ප්‍රථමත් මේ ප්‍රදේශයේ මේ වගේ වැඩ කරනවා. අවුරුදු කීපයකට ඉහතදී මේ ප්‍රදේශය කොරෝනා වසංගතයට මුහුණ දුන්නා. ඒ තමා තුන්බියවලින් එකක් වන රෝග බිය. ඒකට ගමේ කීප දෙනෙක් මැරෙනකොට, අපේ පුංචි ගොවි මහත්තුරු තුන්දෙනෙක් හැමෝගෙම අවවාද, අනුශාසනා, උපදෙස් ඇතුව අපි කොහොමත් කවදත් පත්තිනි දේවාලය සමග රන්කඩු දේවාලය, කොරතොට දේවාලය ගාව අවුරුදු පතාම ඒ දේවාලවලට අපි සහභාගි වෙනවා. ඒවට පුද සත්කාර කරනවා. මේ වසංගතයෙන් බේරෙන්න පිරිත් කිව්වා, පිරිත් පැන් ඉහගෙන ගියා පාරවල්, නිවාස ගාව. සත්පත්තිනි දේවතාවුන් වහන්සේගේ ප්‍රධානම දේවාලය තියෙන්නේ බස්නාහිර පළාතේ හේවාගම් කෝරළේ නවගමුව ප්‍රදේශයේ. එම නිසා අපි සත්පත්තිනි ගම්මඩුවක් පවත්වලා උන්වහන්සේට පුදසත්කාර කරලා උත්සවයක් පවත්වන්න පොරොන්දු වුණා.

මම දන්න විදිහට මේ හරියේ කොළඹට කිට්ටු වුණාට, හුඟාක් ඉන්නේ ගොවි ජනතාව. එහෙම පිරිසක් එක්ක එකතු වෙලා නේද මේ ගොවි සමිතිය හැදිලා තියෙන්නේ?
මේ ගම් පියස කොළඹ කොටුවේ සිට කිලෝමීටර් දහසයක පමණ දුරකින් පිහිටා තියෙන්නේ. අපේ ගොවිතැනට මූලිකම අත්තිවාරමක් වුණේ තලංගම වැව. තලංගම වැව කෝට්ටේ යුගයේ මා දන්නා පරිදි බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ කාලේ අලකේස්වරන් නමැති පොඩි ප්‍රාදේශීය රජ කෙනෙක් ඉඳලා තියෙනවා. එතුමා සමග හිත මිත්‍රකමින්, රටට ආදරයෙන් වැඩ කරපු අමාත්‍යවරයෙක් ඉඳලා තියෙනවා ජයපාල කියලා. මේ දෙපළ පායන කාලෙක තමා මේ වැව හදන්න කටයුතු කරලා තියෙන්නේ. මේ ගම හේන් හතක් එකට එකතු කරපු පැරණි නම් ටිකක් තියෙනවා. කපුහේන, එගොඩ හේන, අවරිහේන, කජුහේන, වැවහේන, හේන, හෙට්ටියහේන. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා පංච බලවේගයක්. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු. ඒ බලවේග පහ තමා මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ මුතුන් මිත්තෝ අපි මතක් කරන්න ඕනේ. අපේ තාත්තලා, අපේ සීයලා අපිට කියලා තියෙනවා, සීයලාගේ වයසේ අය මේ ගමට හරි ආදරයෙන්, දැන් වගේ පහසුකම් නැතුව, හරකා බාන යොදාගෙන ගොවිතැන් කරලා, සශ්‍රීක කරලා, තුන් වේල බත් කන්න පුළුවන් විදිහට මේ ප්‍රදේශය රැකගෙන තියෙනවා. මේ ගමේ මූලිකයෙක් ඉඳලා තියෙනවා. ප්‍රදේශයේ ඕනෑම හොඳ වැඩකට ඔහු උර දෙනවා. ඔහුගේ නම නානායක්කාර ලොකු වෙද මහත්තයා.

ඒ කියන්නේ අපේ සර්ප විෂ වෙද මහත්තයා?
ඔව්, ඒ එතුමාට මේ ගම්පියස්වල පුදුමාකාර ගරු බුහුමනකමක් තිබුණා. ඔහු සහ සේරම් වෙද හාමිනේ දෙපළ කොයි ගෙදරක මළ ගෙයක් වුණත් කොයි ගෙදරක මඟුල් ගෙයක් වුණත්, කොයි ගෙදරක අසනීපයක් වුණත් ගිහිල්ලා ඒ අයට උදව් කරලා, මොකද වෙන්න ඕනේ කියලා අහලා, අඩුපාඩු බලලා කටයුතු කළා. එතුමා තමයි මේ වැව ඒ කාලයේ පාලනය කරලා තියෙන්නේ.

දැන් මේ ගොවි සංවිධානයෙන් මේකට දෙන සහයෝගය කොහොමද?
හරි සතුටුයි, ආඩම්බරයි. මේ ගැන මගේ සහෝදරයත් මීට මුල්වුණු දෙතුන් දෙනාත් එක්ක අපි ඥාති සහෝදරයෙනුත් කතා කළා, අපි සාමාන්‍ය විදිහට මේක කරමු, අපි භාරය ඔප්පු කරන්න ඕනේ කියලා. එහෙම සාකච්ඡාව යමින් ඉන්නකොට, අපිට උදව් කරන තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් ඇවිල්ලා මේ කටයුත්තට විශාල සහයෝගයක් ලබාදුන්නා.
මේ සත්පත්තිනි ශාන්තිකර්මය කොළඹ නගරය කිට්ටුව මෑත කාලේදී සිදුවෙන්නේ පළමු වතාවට නැත්නම් දෙවැනි වතාවට. ඒ ගැන මේ මොකක්ද ජනතාවට කියන්න තියෙන්නේ?

මේ වගේ ශාන්තිකර්මයක් පත්තිනි මෑණියන්ට පොරොන්දු වුණා නම්, ඒක කරන්න මුදල් විතරක් තිබිලා මදි. ශ්‍රමය, දක්ෂ ශිල්පීන්, කපුමහත්වරු වගේ විශාල සම්පත් ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍යයි. එවැනි පිරිසක් සමග තමයි මෙවර අපි මේ ශාන්තිකර්මය විචිත්‍රවත් විදියට පවත්වන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා හැම දෙනාටම මේ ගම්මඩු ශාන්තිකර්මය දැකබලා ගන්න එන්න කියලා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඇති යාන්තම් ආණ්ඩුවට ලංකාවේ සැබෑම ගීත කෝකිලාවිය පරක්කු වෙලා හරි මතක් වුණා..! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ අම්බිකා හොඳටම කැපෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.