• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම කතාකරපු රටම නැගීහිටපු කොස්තාපල් චණ්ඩියෙක්ද? වතගොත හොයාගෙන ගමටම ගියා! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රටම කතාකරපු රටම නැගීහිටපු කොස්තාපල් චණ්ඩියෙක්ද? වතගොත හොයාගෙන ගමටම ගියා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඉකුත් සිකුරාදා (10 වැනිදා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම මේ වනවිට රට තුළත්, සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය තුළත් විශාල කතාබහක් නිර්මාණය කර තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බහුතරයක් දෙනා පවසන්නේ එලෙස තර්ජනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ රැකියාව සුරක්ෂිත කරන ලෙසත්, ඔහුට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සියලු පාර්ශ්ව පෙනීසිටිය යුතු බවයි. එවන් පසුබිමක එම කොස්තාපල්වරයා පිළිබඳ තොරතුරු සෙවීමට ඔහුගේ ගම් ප්‍රදේශය වන මහනුවර උඩිස්පත්තුව බලා යෑමට ඔදච භැඅි ඛන යූටියුබ් නාලිකාව පසුගියදා කටයුතු කර තිබුණා. පහත පළවන්නේ එම නාලිකාව අදාළ පොලිස් නිලධාරියාගේ ගම්මානයට ගොස් එහි වැසියන් සමග සිදුකළ සාකච්ඡාවකි.Sri Lanka Latest News

හිටපු පොලිස් නිලධාරී රත්නායක
ඇත්තටම මම බෙහෙවින් කනගාටු වෙනවා. මේ සිදුවීම ගැන 100%ක නිවැරැදි අවබෝධයක් මා තුළ නැහැ. නමුත් අපේ මාධ්‍යයෙන් දැක්ක විදිහට, එම නීතිඥ මහත්මයා පොලිස් නිලධාරියා හඳුන්වන්නේ, මූ නූගතෙක්, ගම්කබරයෙක් කියන ආකල්පයෙන් තමයි එයා කතා කරන්නේ. අපි ඒක හරි කියමුකෝ. එතකොට මෙයා ඇත්තටම මේ වගේ ලස්සන ගමක උප්පත්තියක් ලබලා, බොහොම කටුක ජීවිතයෙන් අධ්‍යාපනයක් ලබලා, අසරණ මවුපියන්ගේ දරුවෙක්. අධ්‍යාපනය ලබලා, අද එයා හොඳ තැනක ඉන්නවා. පොලිස් නිලධාරියෙක් කියන්නේ සියලු දේවල්වලින් සම්පූර්ණ කෙනෙක්. එතකොට මේ නිලධාරියාගේ තාම සේවා අඩු හින්දා දැනුමත් අඩු ඇති. නමුත් අපි දැනුමෙන් පරිපූර්ණ වෙලා තමයි දැන් ඉන්නේ. අපිට ඒවා දකිනකොට ඇත්තටම වේදනාවක් හිතට දැනෙනවා. හේතුව තමයි, මේ නීතිඥ මහත්තයා කතා කරන්නේ ගම් කබරයෙක්, ඒ වගේ නොහොබිනා විදියට. ඇත්තටම එයා ගම් කබරයෙක් කියලා කියනවා ඇත්තටම මේක අපේ ගම තමයි.

කොළඹ මහත්තුරුන්ට මේවායේ වටිනාකමක්, ලස්සනක්, අගයක් තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් අර ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ කොළඹ විතරයි දන්නේ. කොන්ක්‍රීට් පරිසරයේ ඉන්න කට්ටිය. නමුත් අපි දුක් විඳලා ඒ වගේ තැනකට ගියා. නමුත් මේ මහත්තයා කතා කරන්නේ ගම් කබරයෙක් කියලා. එතකොට මේ නීතිඥ මහත්තයා අවුරුදු ගානක් සේවා කාලයක් තුළ හොඳ අධ්‍යාපනයක් ලබලා, හොඳ තැන්වල ඉගෙන ගත්ත මහත්මයෙක්, කතා කරන විදිහ බොහොම කැතයි නේද? එතකොට ඒ මහත්මයාගේ උගත්කම ඒ කතාවෙන් තේරෙනවා නේද ඔබතුමාට? එතකොට ඒ මහත්මයාගේ ඉවසීම කොතැනද තියෙන්නේ? බුද්ධිය කොතැනද තියෙන්නේ? තේරුම් ගැනීමේ හැකියාව කොතැනද තියෙන්නේ කියලා ඒ මහත්මයා මාධ්‍යයෙන් පෙන්නුවා. හැබැයි බුද්ධිමත්තු හරියට තේරුම් ගන්න ඕනේ කවුද බුද්ධිමතා, කවුද නිවැරදි, කවුද ඇත්තටම ගම් කබරයා කවුද කියලා.

ප්‍රශ්නය
මේ වෙනකොට පොලිස්පතිවරයා කියලා තියෙනවා, පොලිසිය ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා?

හිටපු පොලිස් නිලධාරී රත්නායක
අනිවාර්යයෙන් පෙනීසිටිය යුතුයි.

ප්‍රශ්නය
මේ ප්‍රශ්නයට මැදිවෙච්ච පොලිස් නිලධාරියා, ගමේ චණ්ඩියෙක්ද ?

හිටපු පොලිස් නිලධාරී රත්නායක
අද ඇත්තටම ඕක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඒකට හේතුව තමයි, අනිත් රැකියාවලට යනවා වගේ පොලිසියට යන්න බැහැ එහෙම. එතකොට අනිවාර්යයෙන් පොලිස් නිලධාරියෙක් වුණම හොයලා බලන්න, දහම් පාසල් ගිහිල්ලා ඇති. ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා බලන්න, හොඳ සමාජයක් තියෙන්න ඇති. පන්සලට ගිහිල්ලා අහලා බලන්න. නිවැරදිව, ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට විතරයි පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. පරම්පරාවෙන් හොඳ වැදගත් මිනිහෙක් තමයි පොලිසියට යන්නේ. එහෙම නැතුව පොලිසියට යන්න බැහැ. පොලිස් නිලධාරියෙක් කියන්නේ හොඳ හික්මීමක් තියෙන කෙනෙක්. හැබැයි එහෙම නොවන අයත් සුළු පිරිසක් ඉන්නවා. නමුත් මේ පුද්ගලයා එහෙම නෙමෙයි. අහිංසක ගමක, අහිංසක මවුපියන්ගේ, දුක් මහන්සියෙන් හම්බ කරන, මවුපියන්ගේ අගය දන්න, නෑදෑයන්ගේ, හිතවතුන්ගේ, දුප්පතුන්ගේ අගය දන්න නිලධාරියෙක් තමයි ඔය නිලධාරියා.

ප්‍රශ්නය
ඔහුගේ ගමේ අසල්වැසියෝ විදියට මේ නිලධාරියා වෙනුවෙන් රටේ ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ මොකක්ද?

හිටපු පොලිස් නිලධාරී රත්නායක
අපි ඉල්ලන්නේ මේකට නිවැරදි විසඳුමක් දෙන්න. නිවැරදි දේ කරන්න. මෙයා වෙනුවෙන් හැමෝම පෙළගැහෙන්න. මෙයා බේරාගැනීම සහ මෙයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සැලසුමක් ඇතුව, හරි දේ කරගෙන යන්න ක්‍රියාත්මක වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

තවත් ගම්වැසියෙක්
මේ විදියට ගියොත් නිලධාරීන් රාජකාරිය කරන්න බය වෙනවා. ඒ කියන්නේ ලොකු මිනිහට ලොකු නීතියකුත්, පොඩි මිනිහට පොඩි නීතියකුත් තියෙන්න බෑනේ. එතකොට මෙයා වාහනයක් හසුරුවන්න ගිහින්නේ මේ ප්‍රශ්නයට මැදිවුණේ. එතකොට ලොකු මිනිහගේ වාහනය කියලා එච්චර බලපෑමක් එන්න බැහැනේ. එතකොට ලොකු මිනිස්සු පාරේ ගියාට පස්සේ තමයි පොඩි මිනිස්සුන්ට පාරේ යන්න හම්බවෙන්නේ. එහෙම නීතියක් රටේ තියෙන්න බැහැ. එතකොට ලොකු මිනිහගේ වාහනයට යන්නත් ඉඩ තියෙනවා, පොඩි මිනිහාගේ වාහනයට යන්නත් ඉඩ තියෙනවා. මෙහෙම ගියොත් එහෙම ලොකු මිනිස්සු ටික ඔක්කොම ඉස්සෙල්ලා යයි. පොඩි එවුන්ගේ ටික පස්සේ යන්නේ. එහෙම කරන්න එපා. රටේ නීතියක් තියෙනවනේ. නීතිය සාධාරණව ඉෂ්ට කරන්න මේකට. එතකොට නීතිඥ මහත්තයෙකුට පුළුවන්ද මේ මිනිහෙක්ගේ වැඩ තහනම් කරන්න පොලිස් නිලධාරියෙකුගේ? එයා කියනවා වැඩ තහනම් කරනවා, උඹ ගම් කබරයා, තොගේ ගම කොහෙද, එහෙමද කතා කරන්නේ? එතකොට අපේ ගම්වල ඉන්න ඔක්කොම ගම් කබරයොද? මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි මේක හෙළාදකිනවා. අපි ලොකු උද්ඝෝෂණයක් කරනවා මේකට සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්නම්.

විහාරාධිපති ස්වාමින්වහන්සේ
ඒ දරුවාට යම් විදිහක අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ ප්‍රකාශය කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොලිස් නිලධාරීන් විදිහට ඔබ අපි හැමදෙනාම දන්නවා, අපේ ලංකාවේ යම් යම් විදිහේ කියවීම් තියෙනවා පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව. එතකොට එහෙම තියෙද්දි, ඒ මට්ටමෙන් ලංකාවේ සේවය කරන, ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු වෙලා ඉන්න හැම පොලිස් නිලධාරියෙක්ම අපිට මනින්න පුළුවන්කමක් නැහැ. බොහොම සාධාරණව, යුක්තිගරුකව, තමන්ගේ සේවය කරන පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දි ගල්කිස්ස අධිකරණ භූමියේදී, නීතිඥවරයකුට පහර දුන්නා කියලා, මගේ දායක ගමක ජීවත් වුණු, තරින්ද දිල්ෂාන් තරුණ මහත්මයා අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ වෙනකොට. අපිට තියෙන කනගාටුවට කාරණය තමයි, වැරැද්දක් වෙන්න පුළුවන්. අපි හිතමු අධිකරණ භූමියේදී ඒ නීතිඥයාට පහර දුන්නා කියලා, එහෙම අත්අඩංගුවට ගැනීමක් වෙලා තියෙනවා කියලා. දැන් කොහොමත් අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට වැරැද්දක් ඇති. වැරැද්ද සම්බන්ධව මම කතා කරන්නේ නැහැ. මොකද, නීතියට අදාළව කටයුතු කරන එක නීතියේ තියෙන සාධාරණත්වය, ස්වාධීනත්වය. හැබැයි, මෙතැන තියෙන ලොකුම ගැටලුව තමයි, කනගාටුදායක තත්ත්වය තමයි, ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ඇවිල්ලා තර්ජනය කරනවා. ඒ වගේම අමුතු වචනවලින්, බොහොම නරක වචනවලින් ඒ පොලිස් නිලධාරියාට එතැන ලොකු කෝලාහලයක් ඇති කරනවා.

එහෙම බැණුම් අහන්නේ මේ වගේ දුෂ්කර ගම්මානවල තරුණ දරුවෝනේ. ගල්කිස්සේ වැනි ඒ ප්‍රදේශවලට ගිහින් සේවය කරන්නේ මේ ගම්මානවල දරුවෝ. ඉතින් ඒ ගම්මානවල දරුවන්ගේ මවුපියෝ, ඒ නිවෙස්වල අය ජීවත් වෙන්නේ කොහොමද, කාලය ගතකරන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ ජීවිකාවන් මොනවද කියන එක අපි හොඳින් දන්නවා. ඉතින් කටුක අත්දැකීම් එක්ක තමයි ඒ ළමයි ඔය රැකියාවලට ගිහිල්ලා ඔය වගේ තත්ත්වයන්වල ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙද්දි, ඒ ළමයෙක්ගෙන් පුංචි හෝ වැරැද්දක් වුණා කියලා, අර විදිහට නීතිය අතට අරගෙන, නීතිඥයෙක් කියලා නීතිය අතට අරගෙන, කෑගහලා, උඹගේ රස්සාව නැති කරනවා, ඉන්ටඩික් කරනවා, උඹව බන්ධනාගාරගත කරනවා, එහෙම තීරණ දෙන්න තරම් ඒ නීතිඥවරයා කටයුතු කරනකොට, ඒ නීතිඥවරයාගේ තියෙන දැනුම පිළිබඳ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. නීතිය පිළිබඳ එයාගේ තියෙන අවබෝධය පිළිබඳව. මොකද ඔය උසාවි භූමියකට, නීතිය ආරක්ෂා කරන තැනකට ගිහිල්ලා, එයා තර්ජනාත්මකව කටයුතු කරද්දි. අනිත් කාරණය, අද වෙනකොට මේ පොලිස් නිලධාරියා පැත්තට කිසිම නීතිඥවරයෙක් ඉදිරිපත් වෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා.

එතකොට ඔබ අපි හැමදෙනාම දන්නවා, මේ වෙනකොට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ව්‍යාපාරය වගේ නොයෙකුත් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ, හැමෝම අසාධාරණයි කියලා හිතන වැරදිවලදී පවා ඔය නීතිඥයෝ ඉදිරිපත් වෙනවා ඒ වැරදිකාරයන්ගේ පැත්තට. එයාලව නිදහස් කරගන්න. එයාලගේ තියෙන නිදහසට කාරණා උසාවියට ඉදිරිපත් කරන්න, ඒ නීතිඥයෙක් ඉදිරිපත් වෙනවා. නමුත් මේ ළමයා දුෂ්කර ගමක ඉපදිච්ච නිසාද ඒ විදිහේ අසාධාරණ විදියට මේ නීතිඥයෝ කටයුතු කරන්නේ?
ඒ අනිත් කාරණය තමයි, මම එක වීඩියෝ එකක දැක්කා, අධිකරණ භූමියේ දැන් ටික කාලයකට ඉස්සෙල්ලා වෙඩිතැබීමක් සිද්ධ වෙලා තියෙන්නේ නීතිඥයෙක් විදිහට වෙස්වළාගෙන ඇවිල්ලා. එදා මේ සිද්ධිය ඇතිවෙලා තියෙන්නේ, බන්ධනාගාර බස් රථය රිවර්ස් කරන වෙලාවේ, ඔය පහර දුන්නාය කියන නීතිඥවරයාගේ වාහනෙත් එතැන තිබීම නිසා ඇතිවෙච්ච බහින්බස් වීමක් හේතුවෙන්. මම ඒක හරියටම කියන්න දන්නේ නැහැ. එතකොට හිතන්න, එතැන ඒ පොලිස් නිලධාරීන් ඉන්නේ ආරක්ෂාවටනේ. ඒ නිසා මේකට සාධාරණයක් ඉටුකරන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා, ගමේ පන්සලේ හාමුදුරුවෝ විදිහට. ස්වාධීන පරීක්ෂණයක් කරන්න. විශේෂයෙන්ම මේ දරුවාගේ ඉදිරි ජීවිතය පිළිබඳ තීරණයක් ගන්නකොට, හොඳට හිතලා බලලා ඒ තීරණ ගන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

හැමෝම උපතින් ගේන දක්ෂතාවන් තියෙනවා…! වැඩේ හොද නම් අනිවා ගන්නවා…! Sri Lanka Latest News

Next Post

සමුපකාර ඡන්දයෙන් ආණ්ඩුවට රතු එළියක්! සජබ ඉදිරියෙන්! පොහොට්ටුව උඩට! එජාපය ඇත්තෙම නෑ! Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.