පසුගිය දින කිහිපයේ නිහඩව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (23) දින ගාල්ලේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම ප්‍රකාශ කළේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයෙන් තරග වැදුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එදා අලුත් පක්ෂයක් හැදුවොත් මහපාරේ ඇවිද්දවන බව කී අයම අද අපේ පක්ෂයෙන් තරග වැදීම සම්බන්ධයෙන් තමන් ඇත්තටම සතුටු වන බවකි.
එමෙන්ම මන්ත්‍රීවරුන් තෝරා පත්කර එවීමේදී පාක්ෂිකයන් ප්‍රවේශම් විය යුතු බවත්, ගිනිපෙනෙල්ලෙන් බැට කෑ අප දැන් කනාමැදිරි එළියටත් බිය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී තුනෙන් දෙකේ බලයක් නැති වුවත් පාතාලය, කුඩු නැති කරන බවද ඒ මහතා කියා සිටියේය.










