• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඕලුගල සර්…!’ “ආ… කෙල්ලෙ කොහොමද? ‘මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා…’! නේපාලයේදී ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගන්න ඕලුගල ගහපු ගේම් එකේ සියලු විස්තර මෙන්න! මුලින්ම ඇල්ලුවේ ‘බායි’! I Sri Lanka Latest News

October 15, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
‘ඕලුගල සර්…!’ “ආ… කෙල්ලෙ කොහොමද? ‘මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා…’! නේපාලයේදී ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගන්න ඕලුගල ගහපු ගේම් එකේ සියලු විස්තර මෙන්න! මුලින්ම ඇල්ලුවේ ‘බායි’! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය.Sri Lanka Latest News

ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.

නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.

කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබිණි.

ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇත.

පසුව එරට පොලිසියේ ද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන තිබේ.

ඉෂාරා සෙව්වන්දි සැඟවී සිට ඇත්තේ කත්මන්දු නගරයේ බක්තපූර් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණන් යටතේ කුලියට ලබාදී ඇත.

රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය.

එම නිවසේ සිට සිය මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ‘ජේ.කේ. බායි’ නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගත්තේය.

ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ. බායි නැමැත්තා විසින් බව පසුව හෙළිවිය.

ජේ.කේ. බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ ද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි ‘ඕලුගල සර්!’ යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇත.

එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල්බද්දර පද්මේ ගේ කල්ලියේ ප්‍රධානියකු වූ ගම්පහ බබා නමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබාදී අත්අඩංගුවෙන් බේරී යෑමට උත්සාහ කළේය.

එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තිය බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන රූපයක් හිමි කාන්තාවකි.

පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සක්ස්කර ඉෂාරා සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යෑමට සැලසුම්කර ගෙන සිටි බවයි.

ජේ. කේ. බායි නමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබාදීමට ඉදිරිපත්ව සිට ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යාර්ථ වූ බවද මේ වනවිට අනාවරණය වී ඇත.

මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු අනුව ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂරා සෙව්වන්දි දින කීපයක් තිස්සේ කොළඹ අවට ප්‍රදේශ කීපයක කට්ටි පනිමින් සැඟවී සිට ඇත.

පසුව ඇය මතුගම ප්‍රදේශයටත් එතැන් සිට මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටියාය.

මිද්දෙණිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ. කේ. බායි නැමැත්තා ඇය සමග එක්වී ඇත.

සෙව්වන්දිට මිද්දෙණියේ සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතු වී තිබේ.

පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි ජේ. කේ. බායි නැමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇත.

අපරාධකරුවන් නිත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල්වලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්ය සිය රැකියාව ලෙස කරගෙන යන ජේ. කේ. බායි නමැත්තා සෙව්වන්දි රටින් පැන්නීම සඳහා ද රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මේගෙන් ලබාගෙන තිබේ.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ. කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 06ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරටට රැගෙන ගොස් ඇත්තේ තම සබඳතා පාවිච්චි කරගෙනය. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ ජේ. කේ. බායි නමැති සැකකරු විසින් ය.

ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් නියෝගයක් මතය.

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගන්න එපා කියලා අපේක්ෂිත ඇප ඉල්ලලා නොලැබුණු මනූෂ අද අල්ලස් කොමිසමට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

ඉෂාරා සෙව්වන්දි අද ලංකාවට එනවා? Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.