දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
සිද්ධියට අදාළව සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද(14) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර සැකකරුට ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් සහ 50,000ක මුදල් ඇපයක් නියම කර තිබේ.
එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කර තිබේ.
ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ දින 70ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම සහ විමර්ශන කටයුතු අවසන් අදියරේ පසුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටිම යන කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස ඇප නියම නියම කර තිබේ










