• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවාවලදී ලංකාව පැරැදුණාද? පැනලා දිව්වද? Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කිසිම බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් බෑ! අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා! සියලු විමර්ශන දේශීය යාන්ත්‍රණයක් හරහා පමණයි! විජිත ජිනීවා අමතයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොවම කතාබස් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විෂයට අදාළව එතෙරින් පසුගිය දශක කිහිපයක් පුරා අසන්නට ලැබුණු කතාන්දර බොහෝය. එනම් මෙරට පාලනයේ සිටි රජයන් ගණනාවක් යටතේදී මෙම වතගොත ඇසෙන්නට වූයේය. විශේෂයෙන්ම රාජපක්ෂ රජය පාලනයේදී මෙම කතාන්දර බොහෝ ඇසෙන්නට විය. එසේ වූයේ එකල සිවිල් යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් අර්බුද රැසක් මතුවූ හෙයිනි. එම තොරතුරු බොහොමයක් සමාජය දන්නා හෙයින් නැවත ලියා තැබීම අවශ්‍ය නැත. එම රාජපක්ෂ සමය දැන් අවසන්ව හමාරය. එවැනි වටපිටාවකදී වත්මන් ජාතික ජන බලවේග රජය පත්වීමෙන් පසුව බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ එම නව රජය යටතේදී මානව හිමිකම් ප්‍රශ්න යම් අයුරකින් සමථයකට පත්වන බවයි. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා මෙරටට එල්ල කෙරෙන විවිධ චෝදනා සමථයකට පත්වන බවයි. එහෙත් එය එසේ සිදුවුණේද? කෙටි පිළිතුර ‘නැත’ යන්න කිව හැකිය. එවැනි වටපිටාවකදී දැන් එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද?Sri Lanka Latest News

මෙම සුවිශේෂ කතාන්දරය අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීම එම පුවත විය. මෙයින් තවදුරටත් කියැවුණේ එක්සත් ජාතීන්ගේ මානව කවුන්සිලය විසින් ඔවුන්ගේ නවතම 60 වැනි සැසිවාරයේදී A/HRC/60/L.1/Rev.1 ලෙසින් සඳහන් කෙරුණු යෝජනාව සම්මත කරගත් බවයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් නම්කර තිබිණි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති 60 වැනි සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබුණේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ (Office of the High Commissioner for Human Rights – OHCHR) ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව තවත් වසර දෙකකට දීර්ඝ කරමින්ය. මෙහිදී විශේෂත්වය වූයේ මෙයට පෙර සැසිවාරවලදී මෙන් නොව අදාළ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමය.

2025 ඔක්තෝබර් 01 වැනි දින සංශෝධනය කර සභාගත කරන ලද යටකී යෝජනාවට රටවල් 22ක් සම අනුග්‍රහය දැක්වීය. එහි ප්‍රධාන අනුග්‍රාහකයන් වන්නේ එක්සත් රාජධානිය (එංගලන්තය), කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව වන අතර, අතිරේක සම අනුග්‍රාහකයන්ගෙන් බොහෝ දෙනකු යුරෝපීය රටවල් වෙයි. නවතම යෝජනාව ප්‍රථම වරට 2025 සැප්තැම්බර් 10 වැනි දින කැනඩාව, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ, මලාවි සහ උතුරු මැසිඩෝනියාව ඇතුළත් වූ ‘ශ්‍රී ලංකා මූලික කණ්ඩායම’ විසින් හඳුන්වා දෙන ලදී. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සංයුක්ත පියවර ගන්නා ලෙස කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙයට අමතරව ඔක්තෝබර් 01 වැනි දින ඇල්බේනියාව, ඔස්ටි්‍රයාව, කැනඩාව, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, නවසීලන්තය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30ක සන්ධානයක් විසින් සංශෝධිත අනුවාදයක්ද ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුකූලවූ දේශපාලන බලය බෙදාහැරීම සඳහා වූ පොරොන්දු ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ජාතික සංහිඳියාව සහ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සැබෑ බලය බෙදාහැරීම අත්‍යාවශ්‍ය බව එමගින් ඉස්මතු කර ඇත. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දිගු කාලයක් පුරා ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණ පවත්වා, එම ආයතන ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවට සහතික වන ලෙසටද යෝජනාව හරහා කොමිසම වත්මන් රජයෙන් ඉල්ලා සිටී.

මානව හිමිකම් අපරාධවලට මුහුණ දුන් වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක මෙන්ම ස්වාධීන සහ කාලෝචිත පරීක්ෂණ සිදුකරන ලෙස යෝජනාව තවදුරටත් ඉල්ලා සිටී.
ප්‍රමාණවත් සාක්ෂි පවතින විට අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමේ අවශ්‍යතාව එය අවධාරණය කරන අතර, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයන්, මාධ්‍යවේදීන්, දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත බියගැන්වීම් සහ පලිගැනීම්වලින් ආරක්ෂා කිරීමේ වැදගත්කම යෝජනාව අවධාරණය කර සිටී.
මෙම නවතම යෝජනාව මගින් තවමත් හමුදා පාලනය යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම සහ පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටලු සම්බන්ධ ආරවුල් සාධාරණ ලෙස විසඳීම සිදුකරන ලෙසට ඉල්ලා සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුවද නව යෝජනාව මගින් පිළිගනු ලැබේ. එනමුත් පනත යටතේ රඳවා තබාගැනීම් අඛණ්ඩව සිදුවන බවට කනස්සල්ල පළකරයි. එය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට අසමාන ලෙස බලපාන බව යෝජනාව අවධාරණය කර සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වහාම අත්හිටුවීම, කඩිනම් අවලංගු කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් වැළැක්වීම්වලට අනුකූලව නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීම යෝජනාව විසින් දැඩි ලෙස අවධාරණය කර සිටී.

මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) සංශෝධනය කිරීමට රජයේ ප්‍රකාශිත කැපවීම යෝජනාව සාදරයෙන් පිළිගන්නා නමුත් එහි පුළුල් විධිවිධාන සහ අධිකරණ අධීක්ෂණයක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල මතුකරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා, කඩිනම් සංශෝධන දිරිමත් කරන ලෙස යෝජනාව ඉල්ලා සිටී.

මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්ෂණය සහ වාර්තා කිරීම දිගටම සිදුකරගෙන යන ලෙසට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය වෙතින් ඉල්ලා ඇත.

ආණ්ඩුව යෝජනාව ප්‍රතික්ෂේප කරයි

මෙවැනි සංකීර්ණමය වටපිටාවක් හමුවේ පෙනීයන්නේ මෙම වත්මන් ආණ්ඩුවටද මානව හිමිකම් මරාලයක් කඩාවැටී ඇති ආකාරයයි. එනම් මානව හිමිකම් රැකගැනීම කෙරෙහි මෙම රජයටද තදබල ලෙස අනතුරු ඇඟවීම් සිදුකර ඇත. මෙම රජය මේ වනවිට බලයට පත්ව වසරක් ගතව ඇති අතර, මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර තුනකට සහභාගි වී ඇත. පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක්ද මෙරට සංචාරයකට පැමිණියේය. එය වසර 09කට පසුව මානව හිමිකම් මහකොමසාරිස්වරයකුගේ පැමිණීමක් විය. ඔහු තම සංචාරයෙන් පසුව නිගමනය කළේ මෙරට මානව හිමිකම් රැකගැනීම තවම නිසි ආකාරයෙන් සිදුව නොමැති බවයි. මෙම වටපිටාවේදී ආරංචි වන අලුත්ම පුවත වන්නේ මෙලෙස ඉදිරිපත් කරන A/HRC/60/L.1/Rev.1 කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජබ මන්ත්‍රීවරු 4 දෙනෙක් අස්වෙලා මහඇමැති තරගෙට එන්න දැන්ම සූදානම්! බස්නාහිරට සුපිරි බුලට් එකක්! VIDEO I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් ගෙනාවාට කෙහෙළිය ඇතුළට යවන්න මුලින්ම එළියට බැහැලා රටට තොරතුරු කියපු දොස්තර චමල් සංජීව මෙන්න බෙහෙත් ගැන තවත් බරපතළ හෙළිදරව්වක් කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.