සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සදහා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කොට ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ පවසති. Sri Lanka Latest News
ඔවුන් අවධාරණය කොට සිටින්නේ ඉකුත් සජබ කළමනාකරණ කමිටුුුවේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ දෙක එකතු විය යුත්තේ කෙසේද යන යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කොට තමන්ට ලබා දෙන ලෙස කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබූ බවකි.
ඊට කබීර් හෂීම් මහතාට අමතරව මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්ද ඇතුළත්ය.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජබ එජාප එකතු කිරීම සදහා කබීර් හෂීම් මහතා පත් කළ බවට ඇතැම් මාධ්‍ය කල්ලි විසින් පළ කොට ඇති පුවත් සම්පූර්ණ සාවද්‍ය බවද එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දෙති.










