• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හරියට උත්තරයක් නොදී පැනලා යන ප්‍රශ්නයක් සජිත් අදත් අහයි! අදත් හරිහමන් උත්තරයක් ලැබු‌ණෙ නෑ! VIDEO I Sri Lanka Latest News

October 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවේ සදහන් ආකාරයට අලුත් ණය ප්‍රතිව්‍යුගතකරණයක් යටතේ නව කොන්දේසි සහිත අයි එම් එෆ් ගිවිසුමක් ඇති කර ගන්නවා කිව්වත් එය ක්‍රියාත්මක නොවී පසුගිය රජයේ ගිවිසුමම ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇති බවත් මේ වගේ තව ගොඩක් දේවල් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000 දක්වා අඩු කර සහන දෙනවා කිව්වත් එය ද නොවූ බවත් 15% විදුලි බිල අඩු කර දැන් ආයේ 6.8%කින් විදුලි බිල වැඩි කරන්න යන බවත් මේවා කරන්නේ නිසි පිරිවැය ගණනය කිරීමෙන් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

159ක බහුතරයක් තියාගෙන අයි එම් එෆ් එක කියන කියන පදයට නටන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් වත්මන් රජය විශ්වාස කර ජනතාව විශාල ජනවරමක් දුන්නේ අයි එම් එෆ් එකේ පදයට නටන්න නොවන වෙනසක් වෙනුවෙන් බවත් 2028 සිට රු. බිලියන 5ක ණය ගෙවිය යුතු බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ ආයෝජන පරිසරය ගැන කියමින් කියන්නේ අඩුපාඩුකම් රැසක් ඇති බවත් ප්‍රතිපත්ති නැවත හැරවීම, ආයතනික සහ නිලධාරීවාදී අසාර්ථකත්වය, නියාමන කටයුතු ගැන කල්තියා අනාවැකි පළ කළ නොහැකි වීම, විනිවිදභාවයේ ගැටලු ව්‍යූහාත්මක ගැටලු රාජ්‍ය ආයතනවලට අදාළ බර ගැටලුවක් බව සදහන් කර ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගැටලු රැසක් ඇති බවට පවසන බවත් අප රටේ ඇගලුම් අපනයනවල වැඩිම ගමනාන්තය වන ඇමෙරිකාව පවා දැන් මෙසේ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දුප්පත්කම වැඩි වෙලා

ලෝක බැංකුවට අනුව අප රටේ දරිද්‍රතාව ඉතාම ඉහළ මට්ටමක ඇති බවත් දරිද්‍රතා කම්පන සමාජයේ නිර්මාණය වී සැබෑ වැටුප් සහ ශ්‍රම බලකා සහභාගීත්වය 2019 සමග සංසන්දය කරන විට පහළ ගොස් ඇති බවත් ගෘහයක භාණ්ඩ හා සේවා මිල දී ගැනීම අර්බුධකාරී තැනකත් රැකියා උත්පාදනය දුර්වල මට්ටමක පෝෂණ ඌනතාව ඉහළ මට්ටමක ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව සදහන් කරන බවත් ධනවත් පවුල්වලට වඩා දුප්පත් අය තුන් ගුණයක් වැඩියෙන් ආහාර සදහා වියදම් කරන බවත් දරිද්‍රතා රේඛාව තුළ මෙන්ම ඒ රේඛාව ආසන්නව තවත් විශාල ප්‍රමාණයක් සිටින බවත් ලෝක බැංකුව පෙන්වා දෙන විට Center For poverty analysis කියන ආකාරයට අප රටෙන් 50%ක් දුප්පත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කොහොමද 2028 ණය ගෙවන්නේ ?

මෙවැනි තත්ත්වයක් උඩ අපිට සතුටු විය හැකි සෘජු විදේශ ආයෝජන අප රටට ලැබෙනවාද නව ව්‍යවසායකයන් බිහි වෙනවාද විරැකියා පෝළිය අඩු වෙනවාද කියා සෙවිය යුතු බවත් ජනතාවගේ අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවාද දුප්පත්කම තුරන් කිරීමේ නිසි වැඩපිළිවෙළක් ඇත් ද යන කරුණු දෙස බලන විට 2028 ඇ. ඩොලර් බිලියන 5ක් ගෙවීම වාර්ෂිකව ක්‍රියාත්මක වන විට මේ යන විදිහට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජිනීවා යෝජනාවේ සිදුවූ වාද විවාද සාකච්ඡා තුළ රටවල් 47න් 43ක් අප රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන සුබවාදීව කතා කලා කියා අහන්න ලැබුණු බවත් එහෙම සුබවාදීව කතා කළ නම් ඉදිරිපත් වූ යෝජනාවට අප රටක් ලෙස විරැද්ධ වූවාව නම් අපිට සුබවාදීව කතා කළ රටවල් 43 අපට පක්ෂපාතී ඡන්ද බවට පරිවර්තනය කරන්න නොහැකි වූයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජිනීවාවලදී අපට පක්ෂපාතී රටවල් 43 ඡන්ද ගන්න බැරි වුණේ ඇයි කියා රජය පැහැදිලි කළ යුතුයි

මේ රටවල් 47න් 43ක් අපිට පක්ෂපාතී වූවා නම් ඒවා පක්ෂපාතී ඡන්ද බවට පත් කිරිමට නොහැකි වීම ගැටලුවක් බවත් එය අප රටේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ දුර්වලතාවක් බවත් 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට යෝජනාව ජය ගන්න හැකි වූ බවත් එදා අපට පක්ෂ ඡන්දව 29ක් හා විරුද්ධව 12ක් ලැබූ බවත් එයට ප්‍රධාන හේතුව සාර්ථක ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම බවත් මානව හිමිකම් ක්ෂේත්‍රය බාරව කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා තනි ශක්තියෙන් ඡන්ද 29ක් ගත් බවත් දැන් මේ සිදුවු දේ බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්ජාතිකත්වයෙන් අපි එකට එක්ව පෙරට යමු

එම නිසා මේ මොහොතේ හෝ මේ අසාර්ථකභාවය ගැන පාඩම් ඉගෙන ගෙන රටක් ලෙස ජාති භේදය ආගම් භේදය වර්ණ භේදය කුල භේදය පන්ති පක්ෂ භේදය තුරන් කර සත්ජාතිකත්වය ශ්‍රී ලාංකිකයත්වය ශක්තිය බවට පත් කර සියලු දෙනා එකට එක්ව එක මවගේ දරුවන් ලෙස සංහිදියාව අවබෝධතාව සහෝදරත්වය එකමුතුභාවය ශක්තිය කර ගෙන රටේ ප්‍රශ්න රට ඇතුළේ විසදාගෙන මේ ගැටලුවලට විසදුම් ලබා ගත යුතු බවත් රට අභ්‍යන්තරයේ සංහිදියා ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කළොත් වාර්ෂික ජිනිවා යන ගැටලුව විසදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

වැස්සේ පැය 2යි! මීපිළිමාන ජපන්වත්ත යටවෙයි! වගා විනාශයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජබ නායකත්වය සහ මූලිකත්වය යටතේ එජාපය සමග පොදු ගමනක් යාමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.