ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි. Sri Lanka Latest News
කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්‍රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.
“ඡන්දයක් අවශ්‍ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා,” ආචාර්ය දායන් ජයතිලක පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.
BBC සිංහල










