කියන්න පුලුවන් උපරිම බොරු කියමින් රටේ ජනතාවත් ගොවි ජනතාවත් වත්මන් රජය අනාථ කර ඇති බවත් මුළු රටම මංමුලා කළ, අන්දවපු මේ රජය අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කිරීමේ යෝජනා පවා ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුරංග රත්නායක මහතාගේ සංවිධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ කලාවැව කොටසේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අපේ කම අමතක වෙන්න දෙන්න බැහැ
වත්මන් රජයට අනුව ඉතිහාස විෂය අනිවාර්ය නොවිය යුතු යැයි කියමින් රටේ අධ්‍යාපනය විනාශ කරන්න යන බවත් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමය වෙනස් වී හොද තාක්ෂණ අතින් දියුණු අධ්‍යාපනයක් රටේ දරුවන්ට ලබා දිය යුතු බවට එදා සිටම සමගි ජන බලවේගය විශ්වාස කළ බවත් කෘතීම බුද්ධිය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් භාෂා ප්‍රවර්ධනය කර අධ්‍යාපන ක්‍රමය දියුණු කරනවා සේම අපේකම අමතක කළ නොහැකි බවත් අධ්‍යාපන ක්‍රමය දියුණු කරනවා සේම ඉතිහාස විෂය හර විෂයක් බවට දියුණු කිරීම සදහා කළ යුතු උපරිම සටන කරන්න සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේක විකෘති මානසිකත්වයකින් පෙළෙන රජයක්
මේ ඉතිහාස දැනුම තුළ පරිපූර්ව පුරවැසියා සංස්කෘතික පුරවැසියා සහ ආධ්‍යාත්මක මිනිසා නිර්මාණය කරන නිසා කලාවට සෞන්ධර්යට ලබා දිය යුතු ස්ථානය ලබා දිය යුතු බවත් අධ්‍යාපනය නවීකරණය කරනවා සේම නවීකරණයේ නාමයෙන් මුතුන් මිත්තන් අමතක කිරීමට ඉඩ දිය නොහැකි නිසා දරු පරපුර මේවා අවබෝධ කර ගත යුතු බවත් රටේ දරුපරපුර සිසු පරපුර සම්පූර්ණයෙන්ම විකෘති කිරිමට රජය කටයුතු කරන බවත් විකෘති මානසිකත්වයෙන් රජය පෙළෙන බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ දරුවන්ගේ මානව සහ මුලික අයිතිය ආරක්ෂා කරනවා දරුවන් යහමගට ගැනීමට ද උපදෙස් ලබා දිය යුතු බවයි.
දරුවන් හිංසනයට පීඩනයට ලක් නොකිරීම මානව අයිතිවාසිකමක් වුවත් දරුවා යහමගට ගැනීමේ දෙමාපිය වැඩිහිටි ගුරුවරු වගකීම ද නිසි පරිදි ඉටු කිරිමට මනුෂ්‍යත්වයේ නාමයෙන් සත්භාවයෙන් පහදා දීමට ද අයිතිය තිබිය යුතු වුවත් මේවා නීති කෙටුම්පත් හරහා තහනම් කිරිමට වත්මන් රජය කටයුතු කරන බවත් අධ්‍යාපන ක්‍රමය තුළ දරුවාට දැනුම දිය යුතු බවත් සුහුරු අධ්‍යාපනය හරහා සුහුරු සිසුවෙක් සහ සුහුරු පුරවැසියෙක් බිහි කර උගතුන්ගේ ජන සමාජයක් ගොඩනැගිය යුතු වුවත් වත්මන් රජයට අනුව දරුවට යම් වයස් ප්‍රමාණයක් සම්පූර්ණ වූ පසු රජය වෙනත් දේවල් බෙදන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැරියන්ගේ සනීපාරක්ෂාව අමතක කළ රජය දරුවන්ට වෙන වෙන දේවල් නොමිලේ බෙදන්න යනවා
දැරින්ගේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාවලට අදාළ මෙවලම් නොමිලේ දිය යුතු යැයි පවසන විට අපහාස උපහාස කළ බවත් එදා රටේ නිහඩ කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරද්දි පහර පිට පහර ගැසූ වත්මන් රජයේ මැති ඇමතිවරු දැන් දූදරුවන්ට සංවේදී කාරණා ගැන රිසි සේ තීන්දු තීරණ ගන්න ඉඩ දෙන්න සූදානම් බවත් අධ්‍යාපනයේ සිදුවිය යුත්තේ මේ දේ නොවන බවත් සුහුරු අධ්‍යාපනය ක්‍රියාත්මක විය යුතු බවත් පාසල්වල පරිගණක නොමැති වුවත් රජයට ඒවා ප්‍රශ්න නොවන බවත් පාසල් පද්ධතියේ අඩුපාඩු තිබියදි රජය දරුවන්ට වෙන වෙන දේවල් බෙදන්න යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය රකින්නේ ගොවියා නොවේ. වී මෝල් හිමියා
ගොවියාට පොහොර, තෙල් බීජ, වන අලි තර්ජන ආදී ගැටලු තිබුණත් රජයට අනුව ගොවියාට ගැටලු නොමැති බවත් කනකර විකුණා උගස් කළ ගොවියා අද අසරණ වන විට ගොවියාගේ කරපිටින් බලයට පත් පාලකයන්ට ගොවියා අමතක වී ඇති බවත් දැන් රජය රකින්නේ ගොවියා නොව මහාපරිමාණ වී මෝල් හිමියන් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලනවා සේම ඔවුන්ට ලබා දිය යුතු නිසි දඩුවම් ලබා දිය යුතුයි
අද කුඩු පද්ධතිය පාසල් පද්ධතිය ආක්‍රමණය කර අවසන් බවත් ඊෂී කෑෂ් හරහා කුඩු බෙදන බවත් මේවා වැළැක්විය යුතු බවත් කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නවා සේම පාසල් පද්ධතියේ හා තරුණ පරපුර මේ කුඩු ජාවාරම්කාරයන්ගෙන් බේරා ගන්න දැඩි නීති ගෙන ආ යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය අල්ලනවා සේම ඔවුන්ට ලබා දිය යුතු නිසි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


























