• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළු පාලනය අවසන් කරනවා! ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ ජනාධිපතිගෙන් පොරොන්දුවක්! I Sri Lanka Latest News

October 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කළු පාලනය අවසන් කරනවා! ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ ජනාධිපතිගෙන් පොරොන්දුවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පැවසීය. Sri Lanka Latest News

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බව ද පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව ඇතැයි ද කියා සිටියේය.

“එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවිබලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා.”

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, සමාජයේ ඇති වී තිබෙන යම් යම් පිරිහීම් හමුවේ, විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බවය.

“විශේෂයෙන්ම විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වගන්තිය අවශ්‍ය වන සංශෝධනය සහිත බලයන් ලබාදෙන්න කියලා ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කරා. නැවත සංශෝධනය කරලා මහනායක උන්වහන්සේලාට ඉදිරිපත් කළා. උන්වහන්සේලාගේ අදහස් සහිතව නැවත සංශෝධනය කරමින් දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඉතා ඉක්මනින් අපි ඒ නීතිය සම්පාදනය කරලා ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එහි පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට නීතිමය රැකවරණය අපි විසින් ලබාදෙන්නම්…හැබැයි නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.”

සමාජයේ කැලඹීමක් ඇති වෙන ඕනෑම වේලාවක මහා නායකහිමිවරු සක්‍රීයව එයට දායකවී අනුසාසනා ලබාදීම සමාජයට අවශ්‍ය බව ද අවධානය කර සිටි ජනාධිපතිවරයා, විධායක ජනාධිපතිවරයාට සීමාවන් නොමැති වුවත් තමාට සීමාවන් ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.

“ජනාධිපතිවරයා ලෙස මා දන්නවා මට තියෙන සීමාවන් කවරක්ද කියලා. බොහෝ අය හිතාගෙන හිටියා මේකට සීමාවන් නෑ කියලා. ඔව් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් රාජ්‍ය ධනය නාස්ති කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් මාළිගාවන් හදන්න පුළුවන් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑ තරම් පුද්ගලික කාර්ය මණ්ඩලය පත්කරගත හැකියි. ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. එහෙත් විධායක ජනාධිපතිට සීමාවන් නැති වුණාට අපිට සීමාවන් තියෙනවා. ඒ නිසා අපි ඔප්පු කරමින් ඉන්නවා සමහර දේ ප්‍රායෝගිකව සීමා ඔප්පු කරන්න. ආණ්ඩුවට තමන්ට රිසි දේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේලා ඉතිහාසය පුරා ඔවදන් දීලා මැදිහත් වෙලා තියෙනවා. ඒ උරුමය අපි පිළිගන්න ලෑස්තියි. ඒ නිසා මහානායක හිමිවරු පෙන්වා දුන් කරුණ ගැන කරුණු කිහිපයක් කියන්නම්.”

මේ අතර, මහනාහිමිවරු විසින් පසුගිය දා ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශය පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී රජයේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියේය.

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය සැප්තැම්බර් 30 වන දින ලිපියක් නිකුත් කර තිබුණි.

ඒ පිළිබඳ අදහස් දැක්වු ජනාධිපතියවරයා පවසා සිටියේ, සංචාරක කර්මාන්තය අවුරුදු 2500ක අනන්‍යාතවය මත ගොඩනැඟී ඇති බවත් ඒ අනුව ඓතිහාසික උරුමය මත සංචාරක ව්‍යාපාරය පවත්වා ගැනීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම රට තුළ ඇති දේශගුණික සෞන්දර්ය මත ද සංචාරක ව්‍යාපාරය තීරණය වී ඇතැයි පැවසු ජනාධිපතිවරයා අනුරාධපුර රාජධාරනිය පැරණි පෞඪත්වය ඉස්මතු කිරීම සඳහා නැවත ගොඩනැගිය යුතු බවද කියා සිටියේය.

“මේ දේවල් හැරුණු කොට වෙන දේවල් අපේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතාවයන් නෙමෙයි. වෙන දේවල් වලට වෙනම තැන් තියෙනවා. ඒ නිසා ඔය නිවේදනය ගැන ඇති වුණ පැටලැවිල්ල එය රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මුලික මුලධර්මයන් නොවේ.”

මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, අවශ්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කළ හැකි බවත් එසේ නොවේ නම් එම නීතිය පවත්නා අයුරින්ම තැබිය හැකි බවත් වර්තමානයේ සිදුකර ඇති සියල්ල පෞද්ගලික අරමුණු මත සිදුකර නොමැති බවත්ය.

යහපත් රාජ්‍ය සඳහා වු සිහිනය ඉටුකරගැනීමට විශාල කාර්යභාරයක් මහා සංඝයා වෙත පැවරී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරගැනීමට පොලීසිය ගත් උත්සාහය සාර්ථක බව ද මෙහිදී කියා සිටියේය.

තරුණ තරුණියන් මත් උවදුරෙන් බේරාගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් එයට ගම් පුබුදුකරලීමේ විශාල කාර්යභාරයක් ගමේ පන්සල සතු බවත් පැවසු ජනාධිපතිවරයා පොලීසියට පමණක් මෙම කාර්යභාරය සිදුකිරීම දුෂ්කර වන බව ද සඳහන් කළේය.

SendShareShare
Previous Post

කොළඹ තරු පහේ සිනමන් ලයිෆ් හෝටලයේ කැසිනෝ ගහලා පරාද වෙච්ච නුවර කොල්ලෙක් හෝටල් කාමරයේදීම දිවි නසාගෙන! I Sri Lanka Latest News

Next Post

මාලිමා ඇමැතිවරු දෙන්නෙක් බේරෙට බහී!Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.