• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්පයො අල්ලපු පුතා – ඇමැති ඇවිත් කී කතා…! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සර්පයො අල්ලපු පුතා – ඇමැති ඇවිත් කී කතා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක ශිෂ්‍යයෙක් සර්පයන් සම්බන්ධව විශේෂඥවරයෙක් බවට පත්වෙනවා. ඔහු සර්පයන්ගේ නිදර්ශක එකතු කරනවා. ඒ පිළිබඳ ප්‍රධාන පෙළේ නාලිකාවකින් රටට කියනවා. ඔහු සර්පයන් පිළිබඳ අධ්‍යයනය කරමින්, හදාරමින්, සර්පයන් පිළිබඳ පැහැදිලි කරමින් ඔහුගේ දක්ෂතා පෙන්වනවා. මේ විදිහට හැකියාවන් පෙන්වන තරුණයා එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යයා සර්පයන් පිළිබඳ විශේෂඥවරයෙක් බව ඔවුන් කියනවා. සර්පයන් පිළිබඳ විශේෂඥවරයෙක් වෙන එක පහසු නැහැ. ඒ වගේම ආසියාතික රටක සර්පයන් බහුලව ගැවසෙන රටක සර්පයන් පිළිබඳ විශේෂඥ දැනුමම නෙමෙයි, සර්පයන් පිළිබඳ යම්කිසි දැනුමක් අත්‍යාවශ්‍යයි. නමුත් අවාසනාවකට සර්පයන් පිළිබඳ දැනුම සහිත මේ ශිෂ්‍යයාව තිඹිරි ගෙයිදිම මරලා දාන්න මේ අය පියවර ගන්නවා.Sri Lanka Latest News

මේ වෙනකොට ලංකාවේ වනජීවී නීතිය ඔහුත් සමග ගැටෙන්න පටන් අරගෙන. වනජීවී නීතිය ඔහු නොදන්නා බව අපිට පැහැදිලියි. නීතිය නොදන්නා එක සාධාරණ හේතුවක් නෙමෙයි. නමුත් මේ ශිෂ්‍යයා ගැන ලෝකෙට කියන්නේ නැතුව, මාධ්‍යයට හෙළිදරව් කරන්නේ නැතුව හිටියා නම් ඒ ශිෂ්‍යයා අදටත් තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. දැන් මෙතැනදී වැදගත් වෙන්නේ රටේ නිසි අධ්‍යාපනයක් ඇතුළේ යම් යම් සැලසුම්සහගත විද්‍යාඥයන් විදිහට විතරද රට ඇතුළේ බිහිවෙන්න ඕනේ? ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ යම් යම් ක්‍රමවේද යටතේ ඉදිරිපත් කරන ශිෂ්‍යයන් විතරද? රටට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ගුරුවරුන් කියන සාම්ප්‍රදායික රැකියාවල යෙදෙන අය විතරද? එතකොට මේ විදිහට යම් යම් වෙනස් පාරවල්වල යන ශිෂ්‍යයින්ට කවුද පාර කියන්නේ? මේක බරපතළ ප්‍රශ්නයක්.

ඇත්තටම අපි දකිනවා පහුගිය දවසක පරිසර ඇමැතිතුමා ඇවිල්ලා මේ කොල්ලව මුණගැහෙනවා. ඒ වගේම මේ ක්‍රමවේදය ඇතුළේ, මේ ශිෂ්‍යයාට නිසියාකාරයෙන් සර්පයෝ රඳවාගෙන ඉන්න පුළුවන්ද තමන්ගේ මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න? ඒ වගේම අපි දන්නවා අපේ රටේ සර්පයෝ ප්‍රදර්ශනය කරමින්, සර්පයෝ පොළෙන් පොළට අරන් යන මිනිස්සුත් ඉඳලා තියෙනවා. එතකොට මේ විදිහට, මේ වගේ තත්ත්වයක් යටතේ, මේ වගේ ශිෂ්‍යයන්ට යන්න තියෙන නිවැරදි පාර මොකක්ද? නිවැරදි පාර කියලා දෙන විශ්වවිද්‍යාල තියෙන්නේ කොතැනද? මේ ශිෂ්‍යයන්ට එක පැත්තකින් නීතිය උගන්වලා නැහැ. අනිත් පැත්තෙන් මේ ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කරලා නැහැ. ඒ වගේම මේ ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන ක්‍රමවේද ටික හඳුන්වා දීලා නැහැ. මේ ශිෂ්‍යයන්ව නියාමනය කරලා නැහැ වගේම, මේ ශිෂ්‍යයන්ට නිසියාකාරව තමන්ගේ ගමන යන්න උදව් කරන්න වැඩිහිටියෙක්, එහෙම නැත්නම් වගකිවයුත්තෙක්, මේ කිසිම කෙනෙක් නැහැ.

ඉතින් මේ තත්ත්වය තමයි මේ රටේ තියෙන බරපතළම ප්‍රශ්නය. මේ විදිහට වෙනත් පාරවල්වලින් ගමනක් යන්න උත්සාහ කරන ශිෂ්‍යයන් කොයිම ආකාරයකින්වත් ඉදිරියට නොයන්නේ, මේ තියෙන භයානක තත්ත්වය නිසා. ශිෂ්‍යයන්ට විධිමත් ක්‍රමවේද යටතේ පමණක් අධ්‍යාපනය හදාරලා, විධිමත් ක්‍රමවේද යටතේ පමණක් ඉදිරියට ගිහිල්ලා, විධිමත් ක්‍රමවේද යටතේ පමණක් රැකියා කරන්න සිද්ධ වෙන අපේ වගේ රටක ඉපදෙන එක තමයි අවාසනාව. අපි දැක්කා පිට රටවල ඉන්නවා විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට ගියපු ඉතාම පුංචි වයසේ අය. ඒ අයට ඒ රටේ නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් හදලා තියෙනවා.

ඇත්තටම පහුගිය කාලේ අධ්‍යාපනය වෙනස් කරන්න, අධ්‍යාපන ක්‍රමවේද වෙනස් කරන්න, රජය විවිධ පියවර ගන්නා අවස්ථාවල් අපිට මුණගැහුණා. එතකොට ඒකෙන් කළේ විෂය නිර්දේශ වෙනස් කරන එක වෙනුවට, කාලසටහන් වෙනස් කරන එක, පාසල පටන් ගන්න වෙලාව වෙනස් කරන්න සැලසුම් හදන එක, ගුරුවරුන්ට යම් යම් නීතිරීති දාන එක, ඒ වගේම ශිෂ්‍යයන්ගේ නිදහස වැඩි කරලා දෙන එක, ශිෂ්‍යයන්ට දඬුවම් කිරීමට සීමා මායිම් පනවන එක. ඒවායේ හොඳ නරක මිශ්‍රව තියෙනවා. අපි එකක් හොඳයි කියලවත්, එකක් නරකයි කියලවත් අදහස් ඉදිරිපත් කරන්න යනවා නෙමෙයි.

හරිනි වගේ විදෙස් අධ්‍යාපනයක් තියෙන, වෙනස් විදිහට හිතන අමාත්‍යවරියක් ආයෙත් එයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බැහැ. ඒ වගේ කෙනකුට විතරයි මේ වගේ දේවල්වල යථාර්ථය තේරුම් අරගෙන වෙනස් තීන්දු ගන්න පුළුවන්. ඒ නිසා අපි අධ්‍යාපන ඇමැතිතුමියගෙන් ඉල්ලනවා, පුළුවන් නම් මේවා තේරුම් අරගන්න. ශිෂ්‍යයන්ට සර්පයෝ ගැන ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් අපේ රටේ හදලා නැහැ. ශිෂ්‍යයන්ට වාහනයක් ගැන නිසියාකාරව ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදලා නැහැ. ශිෂ්‍යයන්ට තමන්ගේ වතුපිටි ගැන, ගේදොර ගැන, වටපිටාව ගැන ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදලා නැහැ. කොහේ හරි පිටරටක හදපු විෂය නිර්දේශයක් ලංකාවට ගෙනල්ලා උගන්වලා, ඒ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටට ගැළපෙන විෂයවේදීන් නම්, විශේෂඥයන් නම්, අපේ රටට ගැළපෙන විෂය දැනුම සහිත පුද්ගලයන් නම්, ඒක කවදාවත් වෙයි කියලා හිතන්න බැහැ.

මේක හරියට ලංකාවේ ඉඩම්වල හිටවන්න ඇපල් ඇට බෙදුවා වගේ වැඩක්. අපේ රටේ ඇපල් පැළ වෙන්නෙත් නැහැ, අපිට ඇපල්වලින් වැඩකුත් නැහැ. අන්තිමට බිමත් නාස්ති වෙලා යනවා, ඇපල් ඇටත් නාස්ති වෙලා යනවා. හැදුණත් අපරාදේ, නොහැදුණත් අපරාදේ. ඒ වගේ අපේ රටට ගැළපෙන මිනිස්සුන්ව මේ විදිහට තළලා පෙළලා විනාශ කරලා දානවා වෙනුවට, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුයි කියන එකයි අපේ නම් යෝජනාව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්දගෙ විජේරාමේ ‘ලිෆ්ට් එක’ ! Sri Lanka Latest News

Next Post

ලස්සන පනත අවුරුදු 10ක් කැත තැනක! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.