අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (01) සංශෝධිත අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.Sri Lanka Latest News
ඒ ඔහු හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ 2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේයි.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ භාරදීම සිදු වුණා.
සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.
එම විත්තිකරුට අදාළ චෝදනා භාරදීම සඳහා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 29 වනදා කැඳවන ලෙසත් විසුරුවරයා නියම කළා.










