නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් සකස් කරන ලද “ බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම ” යෝජනාවලිය ඊයේ (17) අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
පස්වැදෑරුම් යෝජනාවලියකින් සමන්විත වන මෙම සමාජ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කර සිටියේ වසර පහකට පසුව සමස්ත ජනතාව වෙනුවෙන් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා පරිසරය සකස් වී තිබෙන බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත මෙම යෝජනා ඉදිරිපත් කරනුයේ ඒවා ක්‍රියාත්මක වනු ඇතැයි යන විශාල විශ්වාසයකින් බවද මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
මෙවැනි සමාජ ගිවිසුමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය වෙත අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසංශාවට ලක් කළේය.
මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය සහ නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය නියෝජනය කරන විද්වතුන් පිරිසක්ද එක් වූහ.











