පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.Sri Lanka Latest News
පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පැවතුණ ද ජනතාව තුළ ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති බවද සඳහන් වේ.
පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල දිගුකාලීන ගැටලුවක් වී ඇති රිළවුන් සහ වඳුරු ගහණය අධික වීම තවමත් නොවිසඳුනු ගැටලුවකි.
කෙසේවෙතත් මෙම ආසාදන සහිත වඳුරන් සහ රිළවුන් නිර්වින්දනය කර සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මේ දිනවල සිදු කෙරේ.










