• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපන් ගිය අනුර වැඩ පටන් ගනී! මුලින්ම ‘එක්ස්පෝ 2025’ ප්‍රදර්ශනයට සහභාගී වෙයි! PHOTOS I Sri Lanka Latest News

September 28, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
ජපන් ගිය අනුර වැඩ පටන් ගනී! මුලින්ම ‘එක්ස්පෝ 2025’ ප්‍රදර්ශනයට සහභාගී වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා  ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වූ අතර, මෙම සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා ජපන් ජාතිකයින් මෙන්ම විදේශිකයෝ විශාල පිරිසක් රැස්ව සිටියහ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ගෝලීය පරිවර්තනයන් සිදු වන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බවත්, අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවත්ය. මෙම සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනීමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයද මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා සේම සාර්ථක කාලවලදී එම සතුට සැමරීමටද එක් වන ශක්තිමත් හවුල්කරුවෙක් බවද සදහන් කළේය.

එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ප්‍රදර්ශන මණ්ඩප නැරඹීමටද ජනාධිපතිවරයා මෙහිදී එක් විය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

මිත්‍රත්වය යනු මනුෂ්‍යත්වයේ වටිනාම බැඳීම්වලින් එකක්. එය පුද්ගලයන්, ප්‍රජාව සහ සංස්කෘති එකට යා කරනවා. සීමා අතික්‍රමණය කරනවා. මානව සබඳතා වර්ධනය කරනවා. ඒ වගේම වඩා හොඳ ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් පොදු අරමුණු හරහා ජාතීන් එක් තැනකට ගෙන එනවා.

“2025 එක්ස්පෝ” ප්‍රදර්ශනය මෙම පරමාදර්ශය පෙන්නුම් කරන අවස්ථාවක්. මිත්‍රත්වය සහ පොදු අරමුණු සමරන මේ අවස්ථාවේ ජපානය සහ අනෙකුත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. ඓතිහාසික ඔසාකා නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී  ශ්‍රී ලංකා දිනය සැමරීමට ඔබ සමඟ එක්වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා.

“එක්ස්පෝ 2025” ජාතීන් 150කට අධික සංඛ්‍යාවකට අන්‍යෝන්‍ය මිත්‍රත්වය, සහජීවනය, සංස්කෘතික විවිධත්වය සහ සෑම සමාජයකම පවතින මානව වටිනාකම් ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සපයන ගෝලීය වේදිකාවක්. මෙහිදී අප ශ්‍රී ලංකා උරුමයේ පොහොසත්කම පමණක් නොව, තිරසාර ශක්තිමත් මෙන්ම අනාගතයට සූදානම් ජාතියක් ලෙස අපගේ පැහැදිලි දැක්ම ලෝකයට ඉදිරිපත් කරනවා.

එක්ස්පෝ වැනි ජාත්‍යන්තර වේදිකාවලදී අප සතු ශක්තින් සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ගෝලීය ප්‍රජාව තුළ වගවිය යුතු සහ ඉදිරි දැක්මක් ඇති හවුල්කරුවෙකු ලෙස අපගේ භූමිකාව නැවත තහවුරු කරනවා. ශ්‍රී ලංකාව එක්ස්පෝ 2025 සහභාගිත්වය තුළින් නවීන මෙන්ම නිෂ්පාදන පාදක ආර්ථිකයක් කරා ගමන් කරමින් තීරණාත්මක ආර්ථික පරිවර්තනයක් සඳහා අප දක්වන කැපවීම ලෝකයේ අනෙක් රටවලට පෙන්වීමටද මහඟු අවස්ථාවක් වෙනවා. මෙහිදී තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ අපිට බහුලව පවතින සමුද්‍ර සම්පත් තිරසරව භාවිතා කිරිම ඇතුළු ඉහළ විභවයන් තිබෙන අංශ පෝෂණය කිරිම සම්බන්ධයෙන් අප සතුව ඇති පැහැදිලි ප්‍රතිපත්තිය මනාව පිළිඹිබු වෙනවා.

“එක්ස්පෝ 2025” තේමාව වන්නේ අප සඳහා අනාගත සමාජයක් නිර්මාණය කිරීමයි. එහි දැක්ම වන්නේ අනාගත පරම්පරාවට, විශේෂයෙන් අපේ දූ දරුවන්ට වඩා හොඳ ජිවිතයක් නිර්මාණය කිරීමයි. ගෝලීය පරිවර්තනයන් සිදුවන මේ යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ අපේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතකයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් අපි දැන් තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටිනවා. මෙහිදී සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් අප සහතික වෙනවා.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනිමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් ගණනාවක් පැරණියි. මෑත කාලයේ එය පෙරටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. අපගේ සමීප මිතුරෙකු ලෙස ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා වගේම සාර්ථක කාලවලදී අප සමඟ එම සතුට සැමරීමටද එක් වන හවුල්කරුවෙක්. බොහෝ ශ්‍රී ලාංකිකයින් දැන් ජපානයේ ජීවත් වෙනවා. මේ හරහා විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද අපි මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ වුවත්, එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා මණ්ඩපය අපේ ජාතිය සතු නොසැලෙනභාවය, සංස්කෘතික අභිමානය සහ අනාගතය පිළිබඳ විශ්වාසය පෙන්නුම් කරනවා.

අද දින එක්ස්පෝ 2025 නැරඹීමට මට අවස්ථාව ලැබුණා. මෙම ප්‍රදර්ශනය උත්කර්ෂවත් ලෙස සාර්ථක කර ගැනීමට එහි සංවිධායක මණ්ඩලයට මම උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ශ්‍රී ලංකා මණ්ඩපය සහ ශ්‍රී ලංකා දින සැමරුම සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජය මෙන්ම එක්ස්පෝ 2025 සංගමය ලබා දුන් අමිල සහයෝගය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාවේ පුරාණ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය, ආකර්ෂණීය සංචාරක ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ තේ, මැණික් සහ කුළුබඩු වැනි ප්‍රසිද්ධ නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහිදී භෞතික ප්‍රගතියට සීමා නොවී මානව වටිනාකම් මත පදනම් වූ සමෘද්ධිමත් ලෝකයක් සහ සුන්දර අනාගතයක් ගොඩනැඟීමට අප සතු කැපවීම නැවතත් තහවුරු කරනවා.

සෑම සිහිනයක්ම සැබෑ කරගත හැකි, සියලු දෙනාටම බැබළෙන්නට හැකි සහ ජාතියකට ශ්‍රේෂ්ටත්වය අත්කරගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-27

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය! හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්න ලෑස්තියි! Sri Lanka Latest News

Next Post

ඕලුගල ඉන්දුනීසියාවට ගිහින් කියලා කෙහෙල්බද්දර පද්මේට පොලිසිය ඇතුළෙන්ම ඔත්තුව ගිහින්! පොලිසිය ඇතුළේ ලොකු සුද්දයක් අතළඟ!VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.