පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.Sri Lanka Latest News
ඔහු මේ බව පවසා ඇත්තේ ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර, ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදීයි. මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ වත්මන් පරිපාලනයට උරුම වූයේ දෝෂ සහිත හා අසම්පූර්ණ විමර්ශනයක් බවයි.
“2019 යේ ආණ්ඩුව පෙරළා යනකොටම අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ 500 ගණක් මාරු කරා. පරීක්ෂණ භාරව හිටපු නිලධාරීන් මාරු කරා. පරීක්ෂණ භාරව හිටපු සමහර නිලධාරීන් රිමාන්ඩ් කරා.”
බාධක මැද වුවද, වර්තමානයේ පරීක්ෂණ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
“නැවත ඒ ආයතන පණ ගන්වලා, ඒ ස්ථාන ගත කරලා, ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ.”
ඒ අනුව මේ වන විටත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැකි නමුත් පරීක්ෂණ නිවැරදි දිශානතියකට යොමු වී ඇති බවයි.










