පොලිසිය විසින් කුඩු, ගන්ජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ට චෝදනා එල්ල කරද්දී පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම්වලින් පෙනී යන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සඳහා පොලිසියද විශාල දායකත්වයක් ලබාදී ඇති බවක්ය. කුඩු සම්බන්ධ වැටලීම් විශාල වශයෙන් රට තුළ සිදුවුවත් කිසිදු කුඩු හිඟයක් රට තුළ දක්නට නොලැබීම එහි ප්‍රතිඵලය විය. එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ මෙලෙස වැටලීම් මඟින් අත්අඩංගුවට ගන්නා කුඩු නැවැත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් දූෂිත නිලධාරීන් හරහාම ජාවාරම්කරුවන් අතට පත්වන බවය.
මේ සම්බන්ධයෙන් ඉතා පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. මේ පිළිබඳව සිදුවන විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඉදිරියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඒ සඳහා සහයෝගය දැක්වූ පොලිස් නිලධාරීන් මෙන්ම මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අනාවරණයක් වීමට ඇති බවක්ය.
වෙලේසුදා, පොට්ට නවුෆර්, දෙමටගොඩ චමින්ද, කොස්ගොඩ තාරක වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිටින පාතාල සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ඔවුන්ගෙන් වරදාන ලබාගත් මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් පුද්ගලයන් පිළිබඳවද මේ වන විට විශාල තොරතුරු ප්‍රමාණයක් මේ විමර්ශන හරහා අනාවරණය වෙමින් පවතින්නේය. එම මාධ්‍යවේදීන්ගේ නම්, ගම් සියල්ල ඉදිරි දින කිහිපයේ එළියට පැමිණීමට නියමිත බවක් දැනගන්නට ඇත.










