• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාසගේ 2500යි සජිත්ගේ 20000යි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 18, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
ප්‍රේමදාසගේ 2500යි සජිත්ගේ 20000යි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මේ කවුද?’
‘රණසිංහ ප්‍රේමදාස’
‘මොනවද කරන්නේ’
‘දුප්පත් පවුලකට රුපියල් 2,500ක් දෙනවා’

මේ 1988 ජනාධිපතිවරණයේ රණසිංහ ප්‍රේමදාසගේ කැම්පේන් පෝස්ටරයය. පළමු වැනි පෝස්ටරය ආවේ ජනතා විමුක්ති පෙරමුණු ස්ටයිල් එකටය. ඇතැම් ප්‍රදේශවල පෝස්ටරය අලවපු අය අත්අඩංගුවට පත්විය. හේතුව පෝස්ටරය ප්‍රේමදාසගේ කියල එවකට ජනාධිපති ජේ. ආර්.වත් දැනගෙන හිටියේ නැත. ප්‍රේමදාසගේ රුපියල් 2,500 ‘ජනසවිය’ වැඩපිළිවෙළ සඳහන් පෝස්ටරය ආවේ ඉන්පසුවය. තමන් ජේ. ආර්.ගේ හෝ බණ්ඩාරනායක මැතිනියගේ පන්තියේ ප්‍රභූවරයෙක් නොව ජනතාවගේ දුක හඳුනන පොඩි පන්තියේ මිනිහෙක් බවත්, දුප්පත් ජනතාව රැකබලා ගැනීමට තමන් සතුව වැඩපිළිවෙළක් තිබෙන බවත් මිනිසුන්ගේ හිතට කාවද්දන්න ප්‍රේමදාසට ඕනෑ විය. ඒ පෝස්ටරය නිර්මාණය කෙරුණේ ඒ අනුවය.
දුප්පත් පවුලකට 2,500ක් දෙන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂිකා බණ්ඩාරනායක මැතිනියත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් හොඳටම බය විය. ප්‍රේමදාසගේ මේ ඡන්ද පොරොන්දුව උපහාසයට, අපහාසයට ලක්කරන්න යැයි මැතිනියගේ කැම්පේන් ඔස්තාර්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන්ට උපදෙස් දුන්හ. බණ්ඩාරනායක මැතිනිය ප්‍රේමදාසගේ 2,500 පොරොන්දුව විහිලුවට ලක්කළේ මෙසේය.
‘එයා අවුරුදු 10ක් ආණ්ඩුවේ අගමැතිකම් කරමින් හිටියා. ඒ කාලයේ එයාට පෙනුණේ නැද්ද මේ රටේ දරුවෝ 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. දැන් තමයි එයාට ජනතාවගේ දුප්පත්කම පෙනිල තියෙන්නේ. ඕකත් හරියට පොල් බෑ දෙකම ශත 35ට දෙනවා කිව්ව කතාව වගේ එකක්. ‘ජනසවිය’ දෙනවා තියා මෙයාලට ආණ්ඩුව ගෙනියන්නවත් සල්ලි නැහැ. මේ ආණ්ඩුවේ අවුරුදු 10ක් හිටපු මුදල් ඇමැතිතුමාමයි ඒක කියන්නේ.
– බණ්ඩාරනායක මැතිනිය
-10-10-1988 ‘දිවයින
’
මැතිනියත්, ඇයගේ කැම්පේන් ඔස්තාර්ලත් ප්‍රේමදාසගේ ‘ජනසවිය’ ලෝකයේ ලොකුම විහිළුව කරල පෙන්නන්න පාවිච්චි කළේ ජේ. ආර්.ගේ ආණ්ඩුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආ හිටපු මුදල් ඇමැති රොනී දි මැල්ය. රොනී ‘ජනසවිය’ සංඛ්‍යාලේඛනවලින් බොරු කරල පෙන්වූයේ මෙසේය.
‘අද මේ රටේ ආහාර මුද්දරලාභීන් අට ලක්‍ෂයක් ඉන්නවා එක් අයකුට රුපියල් 2,500ක් දීමට නම් රුපියල් දස ලක්‍ෂ දෙසිය ලක්‍ෂයක් අවශ්‍යයයි. මුළු රටේම අය-වැය ලේඛනය දස ලක්‍ෂ 80,000යි. සම්පූර්ණ අය-වැය ලේඛනයටත් වඩා වැඩි මුදලක් ආහාර මුද්දර සඳහා ලබාදෙන්නේ කොහොමද?’
-රොනී දි මැල්
-18-10-1988 ‘දිවයින’
ප්‍රේමදාස තමාගේ 2,500 පොරොන්දුව විහිළුවකට ගනිද්දී තමා හැම දුප්පත් පවුලකටම 2,500ක් දෙන බව සහතික කොට කීවේ මෙසේය.
‘මම කිව්වේ මට ඒ ආණ්ඩුවේ කිසිම බලයක් තිබුණේ නැහැ කියල. ජනතාවට සහන දෙන්න ගෙනා හැම යෝජනාවකටම ද මැල් මහතා විරුද්ධ වුණා. එයාට අපි කිව්වේ ‘නෝ මනි’ කියලා. එයා දැන් අපි ළඟ නැහැ. අපිට දැන් සැනසීමේ ජනතාවගේ දුක්ගිනි නිවන්න පුළුවන්.’
– රණසිංහ ප්‍රේමදාස
-12-10-1988 ‘දිවයින’
‘මම අහන්නේ එක ප්‍රශ්නයයි. මේ විදියට මිනිස්සු ජීවත් කරවන්න කැප වන ප්‍රේමදාස හොඳද? මේවාට සල්ලි නැහැ ලෝක බැංකුව සල්ලි දෙන එකක් නැහැ කිය කියා අනාවැකි කියන කවදත් නැහැ, බැහැ කියන අය හොඳද?’
-රණසිංහ ප්‍රේමදාස
-28-10-1988 ‘දිනමිණ’
ප්‍රේමදාස මේ කතාව කීවේ ප්‍රේමදාසට රොනී සමඟ බේරගන්න පරණ ගනුදෙනුවක්ද තිබුණු නිසාය. ප්‍රේමදාසගේ ‘ගම්උදාව’ නිවාස වැඩපිළිවෙළට රොනී මුදල් ඇමැති ලෙස සල්ලි දීම ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කීවේ මිනිසුන්ට ගෙවල් හදන ව්‍යාපෘතිවලට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය නොදෙන බවය. වරක් කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් මහා වාදයක් ගොස් ප්‍රේමදාස පුටුව ගසා දමා නැඟිට යන්න ගොස් අමතක වී ඇරියේ කැබිනට් මණ්ඩලයේ වැසිකිළි දොරය. මෙය ඉංග්‍රීසි පුවත්පතේ පළ වූයේ ප්‍රේමදාසට අපහාස කරමින්ය. ඒත් ප්‍රේමදාස වැඬේ අතඇරියේ නැත. ඔහු සල්ලි හොයන්න සෙවණ ලොතරැයිය පටන් ගත්තේය. ගෙවල් හදනවාට ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලංකාවට ණය දෙන රටවල් විරුද්ධ යැයි රොනී කී කතාව ඔහු බොරුවක් කොට පෙන්වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වැනි සැසියේදි 1987 වසර නිවාස වර්ෂය ලෙස නම් කරවා ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ කරවා ගැනීමෙනි. ඔහු ලොව හොඳම නිවාස ඇමැති ලෙස සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඔහු 1988 ජනාධිපතිවරණය ජයගත් විගස ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකා දූත කණ්ඩායම් පිටත් කර හැරියේ ‘ජනසවිය’ ව්‍යාපෘතිය අනුමත කරවා ගන්නටය. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය අනුමත කළේ රොනී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් නොව ප්‍රේමදාසගේ ‘ජනසවිය’ පොරොන්දුව උසුළු විසුළුවලට ලක්කළ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගේද ඇස් උඩ ඉන්දවමිනි. 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව ප්‍රේමදාසට ලකුණු යන නිසා ‘ජනසවිය’ නම ‘සමෘද්ධිය’ නමින් වෙනස් කළේය. අදටත් සමෘද්ධිය තියෙන්නේ ප්‍රේමදාසගේ ‘ජනසවිය’ වැඩපිළිවෙළ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ නිසාය. ප්‍රේමදාස ‘ජනසවිය’ දුන්නේ ජාතිය, පක්‍ෂ පාට, බලලා නොවේ. හැබැයි චන්ද්‍රිකා සහ එස්. බී. ‘සමෘද්ධිය’ මුළුමනින්ම දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කළහ. අද ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමෘද්ධිය කපන්න කියන්නේ ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ එහි නැති නිසාය.
රණසිංහ ප්‍රේමදාසගේ මේ පරණ කතාව මතක් වූයේ ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස කොරෝනා නිසා අසරණ වූ පවුල්වලට රුපියල් 20,000ක් දෙන කතාවට රාජපක්‍ෂ ආණ්ඩුවත්, යූ.ඇන්.පී.යත්, රාජපක්‍ෂලාට කඬේ යන මාධ්‍යයත් කෝචෝක් දමන විදිහ දකින කොටය. 1988 රුපියල් 2,500ක වටිනාකමයි, 2020 රුපියල් 20,000ක වටිනාකමයි අතර මහ ලොකු පරතරයක් නැත. අනෙක 1988 රණසිංහ ප්‍රේමදාස 2,500 දෙන්න පොරොන්දු වූයේ ජේ. ආර්.ගේ ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා නාගරික සහ අර්ධ නාගරික ජනයා දියුණු වුවත් ගමේ දුප්පත් ජනයාට විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ගලාගෙන ගොස් නැති බව වටහාගෙනය. ජනතා විමුක්ති පෙරමුණ නැඟිටීමට ප්‍රධාන හේතුව එය බව ඔහු දැන සිටියේය. ඔහු ‘ජනසවිය’ ගෙන ආවේ ගම්බද දුප්පත් ජනතාව සවිබල ගන්වන්නටය. එය සාර්ථක විය. 1991 පළාත් පාලන ඡන්දයේදිත්, 1993 පළාත් සභා ඡන්දයේදීත් ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝග ඇවිත් පක්‍ෂය දෙකඩ වී ආණ්ඩුව දුර්වල වී ප්‍රේමදාස ප්‍රතිරූපය මඩවලින් නාවලත් යූ.ඇන්.පී.ය ගම දින්නේය.
එදා ප්‍රේමදාසගේ 2,500 විහිළුවට ලක් කළා සේ අපහාසයට, උපහාසයට ලක් කළා සේ සජිත්ගේ 20,000 පොරොන්දුවත් රාජපක්‍ෂ ආණ්ඩුව සහ යූ.ඇන්.පී.ය විහිළුවට ලක්කරන්නේ, අපහාසයට, උපහාසයට ලක් කරන්නේ දේශපාලන මර බයෙන්ය. අද ගමේ දුප්පත් ජනතාව ඉන්නේ 1988 ප්‍රේමදාස 2,500 දෙනවා කියන කොට හිටි තැනටත් වඩා අන්ත තැනකය. ඒ කොරෝනාව නිසාය. මේ දුප්පත් ජනතාව පමණක් නොව නාගරික සහ අර්ධ නාගරික ජනතාවත් ඉන්නේ පාන් කියාගන්න බැරිවය. අද ඒ මිනිසුන්ට ඕනෑ වරාය නගර හෝ අධිවේගී මාර්ග නොව ජීවත් වෙන්න අතට කීයක් හරිය. 2019 ජනාධිපතිවරණයේදි බලවත් අධිපති නායකයෙක් හොයපු ඔවුන් අද හොයන්නේ තමන්ගේ දුක හඳුනන, දුක නිවන්න පුළුවන් නායකයෙක්ය. ඒ වෙන කවුරුත් නොව රණසිංහ ප්‍රේමදාස බව පරණ පරම්පරාව දනී. ඒත් අලුත් පරම්පරාවට ඒ ගැන මතකයක් නැත.
‘සජිත් මේ ජනතාව දිනාගන්න සමත් වෙයිද?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ඔහුගේ පියා ඝාතනය වූවාට පසු නතර වූ නිවාස වැඩපිළිවෙළ වසර 12කට පසු වෙනස් විදියකට පටන් ගත්තේය. ප්‍රේමදාස ඝාතනය වූවාට පසු විජේතුංගගේ ආණ්ඩුව හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුව හෝ 2004 රනිල්ගේ ආණ්ඩුවත්, මහින්දගේ ආණ්ඩුවත් ගෙවල් හදන්න මුදල් දුන්නේ නැත. 2002 රනිල්ගේ ආණ්ඩුව නිවාස ඇමැති ධුරය දුන්නේ තොණ්ඩමන්ටය. ඒ ඇමැති ධුරය ඒ තරමට බාල්දු විය. 2015 මෛත්‍රි – රනිල් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවෙන් නිවාස හදන්න මුදල් නොදෙද්දීත් සජිත් තාත්තා වගේම ගෙවල් හද හදා රට වටා ගියේය. ප්‍රේමදාස නිවාස දස ලක්‍ෂයක් හැදුවා කීවාට ලක්‍ෂයක්වත් හදල නැතැයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය චෝදනා කළා සේ මෙදා සජිත්ටද පොදුජන පෙරමුණ චෝදනා කළේ ගෙවල් හැදුවේ නැහැ, ණයක් දුන්නා කියාය. මොනවා වුණත් තාත්තා වගේම පුතත් නිවාස විප්ලවයක් දියත් කළේය.
අනෙක කොරෝනාවෙන් බැට කන ලංකාව වැනි රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ ලෝකු බැංකු ණය සහන ගැනීම දුෂ්කර නොවේ. පසුගියදා මූල්‍ය අරමුදල රටවල් 25කට කොරෝනා ණය සහන පැකේජයක් දුන්නේය. නේපාලය වැනි ලංකාවේ අසල්වැසි රටවලටද එය ලැබුණි. ඒත් ලංකාව ඒ රටවල් 25 අතර නොවීය. ඉතින් තාත්තට 2,500 දෙන්න ආධාර ගත්තා වගේ මේ 20,000 දෙන්න ආධාර ලබා ගැනීම සජිත්ට දුෂ්කර විය නොහැකිය.
‘ඒ වුණාට සජිත්ට තාත්තා වගේ දිනන්න බැරි වුණානේ?’
මේ හැමෝම අහන ප්‍රශ්නයක්ය. හැබැයි 2018 කුමන්ත්‍රණය අසාර්ථක වුණු වෙලාවේ හෝ 2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න පෙර රනිල් අගමැති ධුරය එපා කියා සජිත්ව අගමැති කළා නම් සජිත් අද ජනාධිපතිය. එහෙම වුණා නම් සජිත් ජනාධිපති වෙන එක නතර කරන්න ශක්‍රයාටවත් බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිගරට් බොන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක මට අදාළ නෑ

Next Post

Mans Lanka සමාගම හෝමාගම රෝහලට වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කරයි

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.