• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා වෙනුවෙන් කොටි මාමලා එක්ක තරහ රෝස මල! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තාත්තා වෙනුවෙන් කොටි මාමලා එක්ක තරහ රෝස මල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක පුංචි දුවෙක් රටේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට එනවා. මේ දරුවාගේ වයස ඕනෙ නම් අවුරුදු තුනක් තුනහමාරක් විතර ඇති. යන්තම් බහ තෝරන වයසේ. යමක් කමක් නොදැන ඔහේ කියවන පුංචි එවුන්ගේ කට අවුස්සලා, ඒ අයගෙන් කතන්දර ගන්න වැඩේ කරන්නේ ගිහාන් ප්‍රනාන්දු. ගිහාන් ඒ වැඩේට දක්ෂයි. Sri Lanka Latest News

මේ වැඩසටහනට ආපු පුංචි දුවට කියන්න ඕනෙ දේවල් මොනවද, නොකියන්න ඕනෙ දේවල් මොනවද කියලා ලොකු අවබෝධයක් නැහැ. ඇත්තටම වැඩසටහනේ ප්‍රශ්න අහන ගිහාන්ටත්, ඈ මේ විදියේ පිළිතුරක් දේවි කියලා අදහසක් තියෙන්න නැතුව ඇති. ඔහු සුපුරුදු පරිදි අම්මා ගැන, තාත්තා ගැන, පවුලේ විස්තර දරුවාගෙන් අහනවා. තාත්තා ගැන ඇහුවහම දරුවා කියනවා, මගේ තාත්තාගේ කකුලක් නෑ කියලා. ගිහාන් නම් කියනවා නෑ, තියෙන්නේ කියලා. මොකද ඔහුට පේනවා තාත්තා ඉඳගෙන ඉන්නවා. මේ දරුවා අපූරු උත්තරයක් දෙනවා. ඈ විවිධ දේවල් කියනවා. මේ කතාව ඇතුළේ අවසාන හරිය වෙන්නේ, මේ දරුවාගේ තාත්තාගේ එක පාදයක් අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වෙලා තියෙන්නේ යුද්ධයේදී. ඈ කියනවා තාත්තාගේ විතරක් නෙමෙයි, බාප්පාගෙත් කකුලක් නෑ කියලා. බාප්පාගේ කකුලත් අහිමි වෙලා තියෙන්නේ යුද්ධයේදී. බාප්පාගේ කකුල අහිමි වෙච්ච එක ගැන කියන්න ගිහිල්ලා තාත්තා සංවේදී වෙනවා. මේ කතාව ඉන් පස්සේ හෙළිදරව් කරන්නේ අම්මා. මේ දෙදෙනාම රණවිරුවෝ. දෙදෙනාගේම දෙපා අහිමි වෙලා තියෙන්නේ යුද්ධයේදී. ඈ කියනවා බාප්පාගේ කකුල නැති වුණේ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී කියලා.

සභාවම සංවේදී වෙනවා. කතාව ඉතාම සරලව ගලා යනවා. වෙනදා හිනාවෙන් පිරී ඉතිරී යන වැඩසටහන එදා නිහඬයි, නිශ්ශබ්දයි. දරුවාගේ පුංචි කට ඔහේ කියවනවා. මේ දරුවා කියනවා ඉතාම සුන්දර වචන දෙක තුනක්. මේක මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් පවා ලෝකෙට ගෙන යායුතු තරමේ විශිෂ්ට වචන දෙක තුනක්. ඒ වචනවල තියෙන්නේ, ‘මම කොටි මාමලා එක්ක තරහයි’ කියන එක. ඒගොල්ලෝ කොටි තමයි, ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් තමයි, ඒගොල්ලෝ නිසා තාත්තාගේ, බාප්පාගේ දෙපා අහිමි වුණා තමයි, ඒගොල්ලෝ නිසා තවත් අය මියගියා තමයි, ඒත් මේ දරුවව නිර්මාණය කරපු පරිසරය ඇතුළේ ඈ කියන්නේ ‘කොටි මාමලා’ කියලා. අමනාපයි තමයි, තරහයි තමයි, හැබැයි ඒගොල්ලෝ මාමලා. ඒගොල්ලොත් නෑදෑකමක් කියනවා, ඒගොල්ලොන්ට ගෞරව කරනවා. මෙන්න මේ දරුවාගේ තියෙන අපූරු වචන ටික මුළු ලෝකෙටම ඇහෙන්න කිව යුතු තරම් සහජීවනයේ ඉතාම සුන්දර වචන බවයි අපට දැනෙන්නේ.

කොහොම වුණත් ගිහාන් කියනවා පුතේ ඔයාගේ තාත්තලා, බාප්පලා, දෙපා අහිමි කරගෙන ඔය රට රැක්ක නිසයි අපි අද මෙතැන ඉන්නේ කියලා. යුද්ධය ගැන යළි යළි සඳහන් කරමින්, පාර පාර අවුස්සන හැඟීමක අපි නැහැ. යුද්ධය කියලා කියන්නේ ජයග්‍රහණය කරපු දෙයක් නෙමෙයි. යුද්ධය ඉවර වුණා විතරයි. යුද්ධය ඉවර වුණාට පස්සේ මුළු රටටම නිදහසේ ඉන්න පුළුවන් වුණා. සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, ජාතිය මොකක්ද, ආගම මොකක්ද, ගෙවල් තියෙන්නේ උතුරෙද, දකුණෙද කියන එකෙන් තොරව, දැන් අපිට ආරක්ෂාව තියෙනවා. අපිට බය නැතුව හුස්ම ගන්න පුළුවන්කම තියෙනවා. මේ කතාව ලිපියක් ලියන්න තරම් විශේෂද කියලා කීප වතාවක්ම හිතුණත්, අපි තීරණය කළා මේ ගැන ලියන්න ඕනෙ කියලා. ඒකට හේතුව තමයි, අපේ ඊළඟ පරම්පරාවට යුද්ධය කියන්නේ දැකලා නැති, අහලා නැති, දන්නේ නැති දෙයක්. හැබැයි අපේ පරම්පරාවේ මිනිස්සු එක බස් එකක ගමනක් යන්න පුළුවන්කම තියෙද්දී, අම්මයි තාත්තයි එකම තැනට වැඩට ගියේ බස් දෙකේ, කෝච්චි දෙකේ. ඒකට හේතුව, අම්මා යන බස් එකේ බස්, බෝම්බයක් පිපිරුණොත් තාත්තා ඉතිරි වෙන්න, තාත්තා යන බස් එකේ බෝම්බයක් පිපිරුණොත් අම්මා ඉතිරි වෙන්න. සමහර වෙලාවට තාත්තලා අම්මලා, දරු පැටව් එක තැන මියගියා. ගම්මාන වලට ඇවිල්ලා ත්‍රස්තවාදීන් එක දිගට පහර දීලා, කඩු, කිණිසි, පිහි, මන්නා ගෙනල්ලා, දරුවන්ව, ගැබිනියන්ව, කිරි කැටියන්ව එකම තැනක, එකට මරලා දැම්මා. නිදි යහනේ මළ සිරුරු විස්ස තිහ පෝලිමේ තියෙන හැටි අපි පත්තරවල, රූපවාහිනීවල දැක්කා. එහෙම යුද්ධයක් නිමා කරන්න වෙහෙසුණු මිනිස්සු දැන් දෙපා අහිමිව, දෑස් අහිමිව, දෑත් අහිමිව, තමන්ගේ ජීවිත ගතකරනවා.

යුද්ධය කියන්නේ සැමරුම්වලින්, මතකවලින් එළියට ගිහිල්ලා, හැබැයි යථාර්ථය අවබෝධ කරගෙන, උතුරත් දකුණත් යාකරලා, දෑත් අල්ලාගෙන සැමරිය යුතු දෙයක්. එහෙම නැතුව අපි දිනුවා කියලා එක කණ්ඩායමකට, එක පිරිසකට රිදවමින්, පීඩා කරමින්, හිරිහැර කරමින් සැමරිය යුතු දෙයක් නෙමෙයි. නමුත් ගිහාන් එදා මතුකරගන්නේ, අපිට අමතක වෙලා ගිය, අසුන්දර මතකයක සුන්දර සිහිවටනයක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඩක්කුව කඩා වැටී අපවත් වූ සත්නමට අවසන් ගෞරව දක්වන්න විපක්ෂනායක සජිත් මැල්සිරිපුර නාඋයනට යයි! විමලුත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ගල්ගමුවේ තනි අලියාගේ පුරාවෘත්තයත් අවසන්! සුබ ගමන් සංජු…! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.