• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් වාර්තා වෙනවා! දිනපතා තුන්දෙනෙක් මියයනවා! අවදානමට පෙර සූදානම! වහාම පරීක්ෂාවක් කරගන්න! I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දිනකට පියයුරු පිළිකාව වැළඳුණු කාන්තා රෝගීන් 15 දෙනකු හඳුනාගන්නා බවත්, එමෙන්ම දිනකට පියයුරු පිළිකාව වැළඳුණු කාන්තාවන් තිදෙනකු මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය.. ඊයේ (24දා) පැවැසුවාය.Sri Lanka Latest News

එසේම 2022 වසරේ පියයුරු පිළිකාව වැලඳුණු කාන්තාවන් 5500ක් හඳුනාගත් බවත්, පිරිමින් 188ක් හඳුනාගත් බවත් ඇය කියා සිටියාය.

“කිසිවෙක් පියයුරු පිළිකාවට තනිව මුහුණ දිය යුතු නැත” යනුවෙන් පියයුරු පිළිකාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය (2025 ඔක්තෝබර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා) නිමිති කරගෙන ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය එසේ පැවැසුවාය.

මෙරටදී පියයුරු පිළිකාව හේතුවෙන් වසරකට කාන්තාවන් 800 දෙනකු මියයන බව ද ඇය සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවේදී කතා කළ ප්‍රජා වෛi විශේෂඥ හසරැල් ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ හා ලෝකයේ කාන්තාවන් අතර බහුලම රෝගය පියයුරු පිළිකාවයි. අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම කණ්ණාඩියක් ඉදිරියට ගිහින් මාසයකට සැරයක් විනාඩි 5ක් පියයුරු පරීක්ෂාවට ලක් කරන්න. ඔබගේ පියයුරුවල සාමාන්‍ය ස්වභාවය දැනගත්තාම මුල් අවධියේම අසාමාන්‍ය වෙනස්කමක් හඳුනාගන්න පහසුයි. ඒ වගේම අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් සෑම වසර 3කට වරක් ඔබේ පියයුරු සෞඛ්‍ය වෘත්තිකයකු ලවා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

මෙහිදී අවදානම් සාධකය කාන්තාවක් වීම විශේෂයි. අවුරුදු 50ට වැඩිවීම, පවුල් ඉතිහාසය හා ජානමය බලපෑම, පියයුරු පිළිකාව කලින් වැලඳී තිබීම, දරුවන් නොමැති වීම, තරබාරුකම, දුම්පානය, මත්පැන් භාවිතය, දිගු කාලීන හෝමෝන ප්‍රතිකාර භාවිතය රෝග කාරක විය හැකියි.

පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ හැටියට පියයුරුවල ගැටිති තිබීම, කිහිල්ලේ ඇති වන ගැටිති, පියයුරු වළ ගැසීම, පියයුරුවල ප්‍රමාණය අසමාන වීම, තණපුඩුවේ වෙනස්වීම්, තණපුඩුවලින් ශ්‍රාවයක් හෝ ලේ ගැලීම, පියයුරුවල වේදනාව, පියයුරුවල සමේ වෙනස්කම් සඳහන් කළ හැකියි.

“උසට සරිලන නියමිත ශරීර බරක් පවත්වා ගැනීම, සතියකට දින 5ක් දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් ව්‍යායාමවල යෙදීම සුදුසුයි. පලතුරු, කොළ පැහැති එළවළු සහ පලා බහුල සමබර ආහාර වේලක් අනුභව කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකීම, දරුවාට මව්කිරි දීම පියයුරු පිළිකා අවදානම අඩු කරනවා.

පියයුරු පිළිකා කලින් හඳුනාගන්න ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලයේ සුවනාරි සායන, රෝහල්වල සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන සහ රෝහල්වල පවත්වන ශල්‍ය පියයුරු සායන වෙත යන්න.

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ගැනීම සඳහා එකමුතු වෙමු මැයින් මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් 11 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 10.00 සිට හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වෙන බව ද මෙහිදී පැවැසිනි.

මෙම මාධ්‍ය හමුවේදී පිළිකා රෝග විශේෂඥ වෛi බුද්ධිනී කරුණාරත්න, විශේෂඥ ශල්‍ය වෛi කාංචනා විජේසිංහ, විශේෂඥ ශල්‍ය වෛi ජේ. ගුණතීපන්, පිළිකා රෝග විශේඥ එන්. ජෙයකුමාරන්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛi විශේෂඥ රංජිත් බටුවන්තුඩාවේ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක් වූහ.

SendShareShare
Previous Post

ඇමැති වසන්තව අත්අඩංගුවට ගන්න දීපු නියෝගය පාර්ලිමේන්තුවේදී සැරටම ඇදෙයි! නියෝගය පෙන්වන්න කියා දයාසිරිට අභියෝගයක්! දයාසිරි අභියෝගය භාරගනී! විනාඩි 10න් නියෝගය පාර්ලිමේන්තුවට අරන් එයි! මහින්ද ජයසිංහ උත්තර නැතිවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුහුණට මුහුණ හැප්පී 4ක් මරුට! 4කට තුවාල! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.