• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ සංකල්පය යළි පණගන්වන්න විපක්ෂනායක සජිත් තිරප්පනෙන් වැඩ අල්ලයි! ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුර නමක් රෝපණය කරයි! දසබල සෑ රදුන් වහන්සේ නමකට මුල්ගල තියයි! බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ සංකල්පය යළි පණගන්වන්න විපක්ෂනායක සජිත් තිරප්පනෙන් වැඩ අල්ලයි! ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුර නමක් රෝපණය කරයි! දසබල සෑ රදුන් වහන්සේ නමකට මුල්ගල තියයි! බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදු දහම සුරක්ෂිත කිරීම ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම රැකගැනීම අප සියලු දෙනාගේම වගකීමක් බවත් එය රටේ උත්තරීතර නීතිය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී බුදු සසුන රැක ගෙන සෙසු ආගම් ජාතීන්ට නියමිත රැකවරණය ස්ථානය ලබා දෙමින් ඒකීය මාතෘභූමිය තුළ එක්සේසත් වූ ශ්‍රී ලංකාවක් තුළ මේ ආගමික ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අරමුදලක් ඇති කර භික්ෂු මාපිය කැපකරු ක්‍රමයක් ද ආරම්භ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානයට ප්‍රායෝගික ක්‍රියාදාමයක් එක් කළ බවත් අද වන විට අප රටේ බෞද්ධ ආගමික පුනරුදයක් ක්‍රියාත්මක විය යුතු යුගයක් බවත් බුදුදහම විකෘති කරමින් විවිධ කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක කරන විවිධ ක්‍රියාදාමයන් පරාජය කිරිමට ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා තුළ ගැබ්වූ කරුණු කාරණා උපයෝගි කර ගෙන අවශ්‍ය අනපණත් ක්‍රියාත්මක කරන්න නායකත්වය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනා සූදානම් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමත් දස බල සෑ රදුන් වහන්සේ උදෙසා මංගල ශිලා පිහිටුවීම යන මහා දැවැන්ත චෛත්‍ය රාජායාණන් වහන්සේ නමක් ඉදි කිරීමේ මහා පුන්‍යකර්මය ආරම්භ වීම, සුවිශේෂී ලෙස අන්තර්ජාතික බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කිරීම යන ආගමික සංවර්ධන පුන්‍යකර්ම රැසක් සිදු වූ තිරප්පනේ ලබුනෝරුව ගම්මානයේ පිහිටි ආරන්‍ය සේනාසනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

අප රටේ පන්සල් 14129ක් ඇති බවත් ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් ඇති බවත් ආරන්‍ය සේනාසන 412ක් පිරිවෙන් 824ක් දහම්පාසල් 10347ක් ඇති බවත් මේවා රැකගන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සත්‍ය වශයෙන්ම මේ ව්‍යාපෘති සාර්ථක කරන්න සියලු දෙනා කැපවිය යුතු බවත් ඉතා ඉක්මනින් යම්කිසි ඉඩම් ගැටලු ඇත්නම් ඒවා නිරවුල් කර ශක්තිමත් කළ යුතු බවත් වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතිය ගොඩනගන මූලික පද්ධතිය රැකගෙන ඉදිරි ගමන යා යුතු බවත් සම්බුද්ධ ශාසනය රැක ගන්නා මුර දේවතාවුන් වන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද බෞද්ධ ජනතාව මෙන්ම රටේ සියලු දෙනා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම මෙන්ම සෙසු ආගම්වලට ජාතීන්ට සහ සංස්කෘතීන්ට නිසි තැන ලබා දීම තුළ බුදු සසුන බබලවමින් මේ ගමන ක්‍රියාත්මක කළ හැකි බවත් නොබෙදී වෙන් නොවී පොදු අරමුණක් කරා යන ගමනේදී සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

1987 දී ජගත් නිවාස වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලබා ගන්න රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවත් ඒ දේ ඉටු වීමත් සමග දළදා හිමියන්ට රන් වියනක් ඉදි කරන්න කටයුතු කරන බවට සිතා ගත්තත් ඒ ව්‍යාපෘතිය අගමැතිවරයා ලෙස කරන්න හදන විට යම් යම් පුද්ගලයන් ඊට විරුද්ධ වූ අතර ඒ අතර බෞද්ධ ප්‍රජාවද සිටි බවත් මේ සියල්ල තමා අත්දුටු බැවින් එවැනි බෙදීම් ඇති නොවිය යුතු බවත් බෞද්ධ ප්‍රජාව ලෙස එකට එකතු වී එක්සේසත් වී බුදු දහම විකෘති කරන්න යන කුමන්ත්‍රණ පරජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඩබල් කැබ් ඕන අය කියන්න! ආණ්ඩුව වාහන ඇණියක් ගෙන්වන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

හාල් හොරු අල්ලන්න පාරිභෝගික අධිකාරිය බරටම වැඩ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.