• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙමළ සන්ධානයේ ශානක්‍යයන් අනුරව හමුවෙයි! පළාත් සභා ඡන්දය අතුරුදන් වගේ! I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
දෙමළ සන්ධානයේ ශානක්‍යයන් අනුරව හමුවෙයි! පළාත් සභා ඡන්දය අතුරුදන් වගේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ යම් යම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කොට තිබූ කරුණක් වූයේ මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවකි. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ආණ්ඩුව මුලින්ම සැලසුම් කර තිබුණේ ඉතා ඉක්මණින් මහ මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් යන මැතිවරණ තුනම පවත්වා අවසන් කිරීමටය. ඒ අනුව මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගත්තද, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ අනපේක්ෂිත පසුබෑමත් සමග පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ මාතෘකාව හිටිහැටියේම ආණ්ඩුව පැත්තෙන් අතුරුදන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී ‘රාජ්‍ය රහස්’ තීරය වාර්තා කොට සිටියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මැදභාගය දක්වා කල්දැමීමට තීරණය කොට ඇති බවකි.Sri Lanka Latest News

නමුත් හදිසියේම වාගේ නැවත වතාවක් ආණ්ඩුව ඇතුළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුව තිබීමත් සමග ‘රාජ්‍ය රහස්’ තීරයද ඊට පසුබිම් වූ කාරණා මොනවාද යන්න සොයාබැලීමට පියවර ගත්තේය. එහිදී අපට දැනගන්නට ලැබුණේ පසුගිය දා ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත සම්මත කරන දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අතර පමණක් පැවැති මුහුණට මුහුණ සාකච්ඡාවකදී මෙම මාතෘකාව නැවත වරක් කරළියට පැමිණ ඇති බවකි.

ශානක්‍යයන් අනුරව හමුවෙයි

එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි පසු රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට වේලාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේ සවස් වරුවේ සාකච්ඡා කිරීමට හැකියාව ඇති බවකි. එම දැනුම්දීමට අනුව ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාසමානික්කම් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගියේය. එම ප්‍රධාන කරුණු 3 වූයේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලදී දෙමළ ජාතික සන්ධානයත් සහභාගී කරවාගැනීම, උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා උතුරු නැගෙනහිරට බලය බෙදීම සම්බන්ධයෙන්ය.

ඒ අනුව රාසමානික්කම් මුලින්ම කතා කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සහ සංවර්ධන අරමුදල පිහිටුවීම සම්බන්ධයෙන්ය. මෙම සංවර්ධන අරමුදල පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි. නමුත් එම සාකච්ඡා සාර්ථක නොවූ අතර, අනුර සමගද එක් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට තිබිණී.

එමෙන්ම පසුගියදා ලංකාවට පැමිණි ලෝක බැංකු නියේජිතයන්ගේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්ද රාසමානික්කම් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. මුලදීම රාසමානික්කම් ඒ පිළිබඳ ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන්ද විමසීමක් කර තිබූ අතර, එහිදී සුනිල් කියා තිබුණේ ඊට ආරාධනා කර තිබුණේ ලෝක බැංකුවෙන් බවත්, ආණ්ඩුවෙන් නොවන බවත්ය. නමුත් රාසමානික්කම් ඒ පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගෙන් විමසද්දී ඔවුන් දැනුම් දී තිබුණේ තමන් කිසිවකුටත් එම සාකච්ඡාවට ආරාධනා කිරීමට කටයුතු කළේ නැතැයි කියාය.

ඒ අනුව රාසමානික්කම් ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත්, මින් ඉදිරියට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඊට දෙමළ ජාතික සන්ධානයද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටත් පියවර ගත්තේය.

පළාත් සභා ඡන්දය

ඉන් අනතුරුව රාසමානික්කම් ප්‍රධානම ප්‍රශ්නය වූ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවධානය යොමුකොට තිබුණේ මීට වසර ගණනාවකට පෙර සිටමය. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ නව සීමා නිර්ණයක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් පසු එහි තිබූ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබිණි. ඒ අනුව 2019දී එවක හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. නමුත් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එයද විසිවී ගියේය.

ඉන් අනතුරුව පසුගිය මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාවේදී රාසමානික්කම් සභානායක බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කොට තිබිණි. නමුත් එහිදී බිමල් රාසමානික්කම්ට දී තිබුණේ තරමක උද්දච්ච ආකාරයේ පිළිතුරකි. ඒ අනුව රාසමානික්කම් නැවත වතාවක් පසුගිය මැයි මාසයේදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා පෞද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙය පෞද්ගලික යෝජනාවක් වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට එය ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක් අවශ්‍යය. ඒ අනුව එම මාස 6 අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේය.

බිමල් දීපු උත්තරේ

ඒ අතරවාරයේ මීට සති දෙකකට පමණ ඉහතදී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ සංචාරයක නිරත වූ අතරවාරයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ සීමා නිර්ණ වැඩකටයුතු අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් සඳහන් කිරීමට ටිල්වින් කටයුතු කර නොතිබිණි. ටිල්වින්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රාසමානික්කම් පසුගිය සතියේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමේදී බිමල්ගෙන් විමසීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් කියා සිටියේ ‘ඔය සමාජ මාධ්‍යවල යන දේවල්වලට මම උත්තර දෙන්නේ නෑ’ යැයි කියාය. නමුත් රාසමානික්කම් නැවත වතාවක් කියා සිටියේ එය සමාජ මාධ්‍යයේ ගිය කතාවක් නොව, ටිල්වින් යාපනයේ ගොස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ කතාවක් බවකි. නමුත් ඊටද ‘මම ඕවට උත්තර දෙන්නේ නෑ’ යනුවෙන් සඳහන් කරමින් රැස්වීම අවසන් කිරීමට බිමල් කටයුතු කොට තිබිණි.

මේ කෙටි ඉතිහාසය සිහිපත් කරමින් රාසමානික්කම් ජනාධිපතිවරයාගෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විමසා සිටියේ ඒ අනුවය. එහිදී අනුර ඊට ඉතා සූක්ෂම ආකාරයේ පිළිතුරක් ලබාදුන් ආකාරය දැකගත හැකි විය. ‘පළාත් සභා ඡන්දය තියන්නේ අලුත් ක්‍රමයටද පරණ ක්‍රමයටද කියලා ඔබතුමන්ලා පක්ෂ නායක රැස්වීමෙදී සාකච්ඡා කරලා තීන්දුවකට එන්න’ යන්න ජනාධිපතිවරයාගේ පිළිතුර විය.

ඡන්දෙ නෑ වගේ

ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවද අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය පවත්වනවාට වඩා එය නොපවත්වන ස්ථාවරයක සිට එවැනි පිළිතුරක් ලබාදුන්නා යැයි කියාය. නොඑසේ නම් ඉන්දියාව කුමන බලපෑම් එල්ල කළද, රට ඇතුළෙන් කුමන බලපෑම් එල්ල වුවද ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්දැමීමේ ස්ථාවරයක සිටිනවා යැයි කියාය. එසේ වුවත් පසුගිය සතියේ අනුරාධපුරයේ සහ ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයක සංචාරයක නිරතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්, තමන් කළ සෑම කතාවකදීම ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේ හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කියාය. එමෙන්ම සජිත් ජනතාවගෙන්ද ඉල්ලීමක් කරමින් කියා සිටියේ පොරොන්දු කඩකළ වැඩ බැරි ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය උපයෝගී කරගන්නා ලෙසටය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ලංකාව ඇතුළේ මහා තෙල් යුද්ධයක්! වහා ගිනි ඇවිළෙන සුලුයි! චීනය-අමෙරිකාව-ඉන්දියාව ලොකු තරගයක! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

‘දරුවා ගස දාලා යන්නෙත් නෑ… ගස දරුවා දාලා යන්නෙත් නෑ…’ සම්මාන පිට සම්මානයට පාත්‍රවුණු ‘තුරු කැපකරු’ පරිසර මෙහෙවර ! කැපිටල් මහාරාජා ව්‍යාපාරයේ ජාතික සත්කාරය! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.