ජනපති, අගමැති සහ අමාත්‍යවරු පැමිණෙන උත්සව සදහා ආරක්ෂාව සැපයීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා විසින් අදාල පාර්ශ්ව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන බව අද වෙළද පොළට නිකුත් කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
විශේෂයෙන්ම, ආරක්ෂක අංශ සාමාජිකයන් සේ වෙස් වළාගෙන පැමින, යම් කිසි ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමේ අවදානමක් ඇති බව පොලිස්පතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
වෙන කවරදාටත් වඩා මේ පිළිබදව අවදානයෙන් සිටින ලෙස පොලිස්පතිවරයා සියළු පාර්ශ්වයන්ට දැනුම් දී තිබේ.










