සමගි ජන බලවේගයට එක්වූවන්ගේ අත්හිටුවූ පක්ෂ සාමාජිකත්වය හා විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තද එහි ගතයුත්තක් නැති බව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් දැන් වෙන පක්ෂ දෙකක් බැවින් එක්සත් ජාතික පක්ෂය ගත්තේ යැයි කියන එම තීරණය සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට හෝ සාමාජිකයන්ට බලපාන්නේ නැති බවයි.
එසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඉවත් කිරීම හා විනය ක්‍රියාමාර්ග අහෝසි කිරීම මගින් සමගි ජන බලවේගයට එක්වූ පිරිස් යළි එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඔහු පැවැසීය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සැප්. 16. වැනිදා රැස්ව එම තීන්දු ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැනනැගිය හැකි නීතිමය පසුබම සොයාබැලීම සඳහා හිටපු නීතිපතිවරයකු වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටද තීන්දු කර ඇත.










