• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනයෙනුත් සහන ණයක් අරන් අනුර අද කඩවත-මීරිගම අධිවේගය හදන්න පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

September 17, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
චීනයෙනුත් සහන ණයක් අරන් අනුර අද කඩවත-මීරිගම අධිවේගය හදන්න පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බවත්, 2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.

ඒ අනුව, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කෙරුණු අතර, කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම්ද අලුතින් ආරම්භ කෙරේ. මෙම මීටර් 500ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරේ. මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8.692ක් වන අතර, සම්පුර්ණයෙන් දේශීය අරමුදල් මේ සඳහා යොදා ගැනේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර, ඒ සඳහා සම්පුර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229.532කි. ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක්ද යොදා ගැනේ. 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආර්ථික කඩාවැටීමකින් පසු රටකට දශකයක් අහිමි වන නමුත් එම දශකයට අඩු හෝ ඇතැම්විට හරි අඩකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත්ය. අද ආරම්භ වූ මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් එහි සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නියමිත කාලයට, එක් දිනකින්වත් ප්‍රමාද නොකර එහි වැඩ නිම කිරීමට කැපවන ලෙසද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

රටක ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා කළ නොහැකි බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙරට ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය බහුවිධ මානයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද පැවසීය. එහිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සියලු දෙනා නීතිය යටතට ගෙන ඒම, සන්නද්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම, දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය නැති කිරීම මෙන්ම, නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය වැටුප් වැඩිකිරීම සහ පහසුකම් ලබා දීම ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සුවිශේෂී වර්ධනයන් අත්පත් කරගෙන තිබෙන බවද සඳහන් කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විශේෂයෙන්ම අපි දන්නවා මීට වසර කිහිපයකට පෙර අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඒ හමුවේ සමස්ත ආර්ථිකයත්, ජන ජීවිතයත් කඩා වැටීමකට ලක් වුණා. එවැනි ආර්ථික කඩා වැටීමකින් පසු අහිමි දශකයක් රටකට තිබෙනවා. එය දශකයකට අඩු, ඇතැම් විට හරි අඩකින් වෙනස් කිරීමට අපේ රජය අපේක්ෂා කරනවා. 2025 වසරේ අයවැය සකස් කර තිබෙන්නේ මෙම ආර්ථික අර්බුදය අවසන් කර ගැනීමේ ඉලක්කය ඇතිවයි.

මේ අහිමි දශකය විසින් දිගුකාලීන අර්බුද නිර්මාණය කරනවා. එහි කැඩපතක් ලෙස මෙම අධිවේගී මාර්ග කොටස සඳහන් කළ හැකියි. මේ ආර්ථික කඩා වැටීම විසින් ඇති කරන ලද අර්බුදයේ ප්‍රමාණය සහ දිශාව මෙවැනි ව්‍යාපෘතිවලින් හඳුනාගත හැකියි. පසුගිය ජනවාරි මාසයේ සිදු කළ චීන සංචාරයේදී මම චීන ජනාධිපතිවරයාගෙන්, චීන ආධාර යටතේ අපේ රටේ ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සහාය ලබා දෙන්න කියා ඉල්ලා සිටියා. එතුමා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර එම සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාව පළ කළා. ඒ පිළිබඳ අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අධිවේගී මාර්ග කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියා අපි ඉල්ලා සිටියා, ඒ අනුව ඩොලර්වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නැති නිසා යුවාන්වලින් එම ණය යෝජනා ක්‍රමය ලබා දිය හැකි බව අපිට දැනුම් දුන්නා. ඒ අනුව සියයට 2.5 – 3.5 අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ලබා දීමට චීන එක්සීම් බැංකුව කැමැත්ත පළ කර තිබෙනවා. අපි ඒ පිළිබඳ අපේ විශේෂ ස්තූතිය පළ කරනවා.

රටේ ආර්ථිකයට යළි පණ පොවන්නේ කෙසේද කියා අපි හොඳින් සාකච්ඡා කළ යුතුයි. ආර්ථිකයට පණ පෙවීම ගැන සාකච්ඡා කරන විට මේ අර්බුදය නිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. 2022 – 2023 ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද සමාජ ඛේදවාචකය ඕපපාතිකව නිර්මාණය වූවක් නොවෙයි. ඒ සමඟ බැඳුණු විශාල සාධක සහ කරුණු ගණනාවක් තිබෙනවා. අපේ පරම්පරාව එම ආර්ථික බිඳ වැටීම අත්දුටුවා. පෝලිම්වල ජනතාව මිය යාම, සමාජ දේහයේ කඩාවැටීම් අපි අත්දැක තිබෙනවා. ඒ සමාජ ඛේදවාචකයේ උරුමකරුවන් බවට පත්ව තිබෙනවා. යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන පරිදි මේ රට ගොඩනැඟීමට අපි සූදානම් කියන සහතිකය මම ජනතාවට ලබා දෙනවා.

ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නැහැ. ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් කේන්ද්‍ර කර ගැනීමට පසුගිය කාලයේ උත්සාහ කළා. ආර්ථිකයක් සහ සමාජයක් ස්ථාවරත්වයට පත් කිරිම සඳහා යටිතල පහසුකම් එක් අංගයක් පමණයි. හැබැයි, එම අංගය පමණක් තිබෙනවා නම් එය අබ්බගාත ස්වභාවයක්. ඒ නිසා අපේ රටේ තිබුණේ අබ්බගාත සංවර්ධන උපායමාර්ගයක්.

ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය වන්නේ නැහැ. ඒ වෙනුවෙන් තවත් පැති ගණනාවකින් කරුණු සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා අපේ රජය මේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරන්නේ බහුවිධ පැතිමාන ගණනාවකින්. යටිතල පහසුකම් එහි එක් කොටසක්. ඒ හා සමාන වැදගත් වැඩ කොටස් ගණනාවක් තිබෙනවා.

එහිදී නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. අපි නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි කියන සංකල්පයට පණ පොවනවා. ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීමට නම් නීතියේ ආධිපත්‍යයට සියලුදෙනා යටත්විය යුතුයි. දේශපාලන සංස්කෘතියේ පිරිහීම හේතුවෙන් අපේ රට සන්නද්ධ අපරාධ කල්ලිවල ගොදුරක් බවට පත් වුණා. ඔවුන් මේ රට තුළ කළු රාජ්‍යයක් නිර්මාණය කරගත්තා. ඔවුන්ට දේශපාලන ආධිකාරිය සහ පොලිසියේ රැකවරණය ලැබුණා. හැබැයි, මේ යටිබිම්ගත රාජ්‍යය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා. එසේ නොමැතිව ආර්ථික ස්ථාවරත්වයෙන් යුත්, අනාගත දරුවන්ට රැකවරණය සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බැහැ. දැනට අපි අත්අඩංගුවට ගෙන සිටින පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවා තිබෙනවා. සන්නද්ධ අපරාධ කල්ලි 75%කට ආසන්න ප්‍රමාණයක් සමඟ සම්බන්ධතා තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයෙන් මුදල් පොම්ප කර තිබෙනවා. මේ සන්නද්ධ අපරාධ කල්ලි මැඬ පැවැත්වීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.

ඒ වගේම දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස, දූෂණය සහ වංචාව සංවර්ධනයට විශාල බාධාවක්. එය සමාජ අස්ථාවරත්වය නිර්මාණය කර තිබෙනවා. හැබැයි, මහජනතාවගේ මුදල් සතයක්වත් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති දේශපාලන අධිකාරියක් අපි වර්තමානයේ නිර්මාණය කර තිබෙනවා. තැන තැන තවමත් පරණ පුරුදුවල සිටින රාජ්‍ය යාන්ත්‍රණයේ ස්ථාන සහ පුද්ගලයන් අපි හඳුනාගෙන තිබෙනවා. අපි නැවත නැවතත් කියන්නේ එම පුද්ගලයන්ට නව දේශපාලන සංස්කෘතිය අනුව හැඩ ගැසීමට අවස්ථාව තිබෙනවා. එසේ නොහැකි නම් ඔවුන්ට ඉවත් වී යා හැකියි. එසේත් නැතිනම් අපි ඉවත් කරනවා. මහජනතාවගේ සෑම රුපියලකටම ගරු කරන, එය සාංඝික දේපළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම් ඇතුළු පහසුකම් ලබා දෙනවා. අපේ අයවැය ලේඛනයේ වැඩිම පංගුව අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා වෙන් කරනවා. 2026 වසරේ වැඩි වූ වැටුප ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන110 ක් වෙන් කර තිබෙනවා. 2027 වන විට මෙම වැටුප් වැඩිවීම ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 330ක් අපි වැය කරනවා. මේ අයුරින් රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් අපි කැප වී කටයුතු කරනවා.

අද සෑම ක්ෂේත්‍රයකම වැදගත් වර්ධනයන් අපි අත්පත් කරගෙන තිබෙනවා. අපි අයවැය ලේඛනයෙන් අපේක්ෂා කළ අයවැය හිඟයට වඩා අඩු අයවැය හිඟයක් ලංකාවේ පළමුවතාවට මේ වසරේ වාර්තා කරනවා. ලංකාවේ කිසි දිනක ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සිදු වුණේ නැහැ. අයවැය ලේඛනයකින් පසු වසර පුරා විවිධ පරිපූරක ඇස්තමේන්තු මඟින් නැවත නැවත මුදල් වෙන් කර ගැනීමේ සංස්කෘතියක් තිබුණා. අපි ඒ සියල්ල වෙනස් කර තිබෙනවා. මේ අයුරින් සැලසුම් සහගතව ආර්ථික ඉලක්ක මෙහෙයවමින් සිටිනවා. ඒ අනුව, අඛණ්ඩව 5%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් වසර දෙකක් අපි අභිමුව පැමිණෙනවා.

අද ඩොලරය සැලකිය යුතු ප්‍රමාණයකින් අපි ස්ථාවර කරගෙන තිබෙනවා. මේ වසර අවසන් වන විට ඩොලර් සංචිත බිලියන 7ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කය ඇතිව අපි වැඩ කරනවා. බැංකු පොලී අනුපාතය තනි ඉලක්කමේ රඳවා ගැනීමට අපි සමත් වී තිබෙනවා. අද බැංකු පද්ධතිය පෞද්ගලික ආයෝජන සඳහා විශාල ලෙස මුදල් පොම්ප කරන්න පටන් ගෙන තිබෙනවා.

ඒ වගේම, ආණ්ඩුවේ පළමු වසර තුළ ඩොලර් බිලියනයක සෘජු ආයෝජනයක් කැඳවා ගැනීමට සමත් වී තිබෙනවා. වරාය නගරයේ ඩොලර් බිලියන 1.4ක ව්‍යාපෘති 04ක් අපි දැනට අනුමත කර තිබෙනවා. තවත් ඩොලර් බිලියන 1.2ක විශාල ව්‍යාපෘතියක් සඳහා එකඟතාව 90%ක ප්‍රමාණයකින් අවසන් වී තිබෙන අතර, ජපන් සංචාරයේදී එම ව්‍යාපෘතිය අවසන් කර ගැනීම පිළිබඳව ඉලක්ක කර වැඩ කරමින් සිටිනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය, අපනයන ආදායම සහ විදෙස් සංක්‍රාම වැඩිම වසර බවට මේ වසර පත් වෙනවා.

මේ අයුරින් බිඳ වැටුණු රාජ්‍යයක්, ස්ථාවර පදනමක් සහිත ආර්ථිකයක් ලෙස ගොඩනඟමින් තිබෙනවා. ඒ නිසා මේ වසර ලංකා ඉතිහාසයේ ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන සංස්කෘතිය, නීතියේ විධානයේ ආධිපත්‍යය යන සියල්ල ඉතා වැදගත් හැරවුමකට භාජනය කරන ලද වසරක් බවට පත්ව තිබෙනවා. එහිදී මාර්ග පද්ධතිය ඉතා වැදගත් වෙනවා. ආර්ථික බිඳ වැටීම පසුපස තිබූ දුෂණය පිළිබඳ චේතනා අධිවේගී මාර්ගයේ කොටසක් ඉතිරි කළා. අපි මේ සියල්ල සම්පූර්ණ කරනවා. ඒ වගේම ජනාවට අවශ්‍ය පානීය ජලය ලබා දිය යුතුයි. ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබා දීමට අපිට අවශ්‍යයි. ඒ වගේම විදුලිබල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා ඉතා ස්ථාවරව අපි මේ ගමන යමින් තිබෙනවා. එළියේ දේශපාලන කැළඹීම් අපිට වැදගත් නැහැ. පිරිහුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට අපි දියුණු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනවා. දියුණුව කරා ගමන් කිරීමේදී දේශපාලන අධිකාරියේ මෙන්ම පුරවැසියාගේ දියුණුව ඉතා වැදගත්. ඒ නිසා ලෝකයේ දියුණු රටක්, ලෝකයේ දියුණුම ජාතියක් ලෙස ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමේ අභියෝගය අපි භාරගෙන තිබෙනවා.

මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් චීන රජය ප්‍රමුඛ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදී සියලු ආයතන වෙතත්, ඒ සඳහා කැපවූ සියලුදෙනා වෙතත් මම ස්තූතිවන්ත වෙනවා. රජයක් ලෙස ඔබට ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දෙන්නම්, දිනක්වත් ප්‍රමාද කරන්නේ නැතිව මෙම ව්‍යාපෘතිය නිමකර ජාතියට ලබා දීමට දායක වන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද,ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා ඇතුළු චීන රජයේ නියෝජිතයෝද, මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-17

SendShareShare
Previous Post

අයවැයට යෝජනා ඉදිරිපත් කරන්න දැන් ඔබටත් අවස්ථාවක්! තමන් කැමැති යෝජනා තියෙනවා නම් ඡන්දෙ දීලා ඉදිරියට ගන්නත් පුළුවන්! මෙන්න ක්‍රමය! I Sri Lanka Latest News

Next Post

මනම්පේරිව දවස් 7ක් තියාගෙන ප්‍රශ්න කරන්න අවසර දෙයි! බලමු අපි මොන මොන ඒවා එළියට එයිද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.