• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක පළිගැනීමක්! විනයක් නැති දේශපාලන ත්‍රස්තවාදයක්! වසර 30ක යුද්ධයක් අවසන් කරපු මම අද ඉලක්කයක් වෙලා! මේ දේශපාලන තර්ජන ගර්ජන මට හොඳට පුරුදුයි! මම ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ! නිලනිවසින් එළියට බැස්ස මහින්දගෙන් තංගල්ලේ සිට ප්‍රකාශයක්! I Sri Lanka Latest News

September 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබා තිබේ.

ඒ මෙසේය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තුහි දී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි. මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24 ක කාලයක් ඇතුළත මම විජේරාම නිවසට සමු දුනිමි. ඒ අප නීතියට ගරු කළ යුතු නිසාවෙනි. මහින්ද රාජපක්ෂ වන මා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ මගේ ජනතාව හමුවේ පමණි.

පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තීමය භාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට අප සැමට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට ආනුෂංගිකව පැනනැඟී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට මා පත්ව ඇත. එහෙත් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනක මා පසුතැවිලි වන්නේ නැත. මා යුධ වැදුනේ මේ මාතෘ භූමිය තුළ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙනි. හුස්ම අප සැමට පොදුය. ජාති ආගම් භේද නැත. අපගේ හුස්ම වෙනුවෙන් තම හුස්ම අහිමි කර ගත්තේ රණවිරු දරුවන්ය. ඔවුන් විසින් දිනා දුන් අභිමානවත් ජාතියක නිදහස සංකේතවත් කිරීමට සහ එයට කෘතගුණ සැළකීමට අප සැම එක්ව අනුරාධපුර පූජා නගරයෙහි සඳ හිරු සෑය නිර්මාණය කළෙමි. සඳ හිරු පවතින තෙක් අප මාතෘ භූමිය එකම රටක් ලෙස, එකම ධජයක් යටතේ පවතීවා යන්න එයින් නිරූපණය වේ.

මාගේ වැඩිමහල් පුතු නාමල් කියූ ලෙසින්ම සියල්ල ආරම්භ වූ මගේ ගම් ප්‍රදේශයට නැවත පැමිණ සිටිමි. පැමිණියේ ද අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්මය. ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත. කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත. කෙසේවෙතත් සියල්ල ආරම්භ වූයේ මේ භූමියෙනි. මහින්ද රාජපක්ෂ නම් තරුණයා 1970 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කළේ ගිරුවායෙනි. එයට අවස්ථාව ලබා දුන්නේ බණ්ඩාරනායක මැතිණියයි. ඇය තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. ඇය අපට නායිකාවක් මෙන්ම මාතාවක් වුවාය කිවහොත් එය නිවැරදිය. දේශපාලනය තුළ නිවැරදි මඟ පෙන්වීම ඉතා වැදගත්ය. රටේ පීඩිත මහජනතාව සමාජවාදය වෙත යොමු කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පසුපස රුහුණු මහජන මන්ත්‍රීවරයාව සිටි දිවංගත මාගේ ආදරණීය පියාණන් සැමවිටම දක්නට ලැබුණි. මාගේ පියා නියෝජනය කළේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාව‌ගේ අපේක්ෂාවන්ය. ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජනතා රජයේ ප්‍රථම රාජාසන කථාවට ස්තුති යෝජනාව සිදු කරනු ලැබුවේ මා විසිනි. එහිදී රුහුණේ බෙලි අත්තේ මහජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ කථා කළා මට මතකය. අඳුරු කාල පරිච්ඡේදයන්හි පැවති දේශපාලන මර්දන සහ පළිගැනීම් පිටුදකිමින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ ද මේ මහින්ද රාජපක්ෂමය. අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙනුවෙන් පෙනී සිටිමින් නීති ආධාර ලබා දුන් ස්ථානයෙහි ලිපිනය වූයේ “නීතීඥ මහින්ද රාජපක්ෂ, සභාපති – මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රය, කාල්ටන්, තංගල්ල” යන්න බව නැවතත් මාගේ සහෝදරයන්ට සිහිපත් කරමි. පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ආණ්ඩු විරෝධී අරගලයන් ජනතාවගේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් ඔස්සේ කළ සැබෑ ජන අරගලයන්ට උදාහරණය. තම දේශපාලනික පීඩනයන් හා ආතතීන් මඟ හරවා ගැනීම සඳහා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර විය නොහැක. අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ප්‍රධාන විපක්ෂ මතවාදීන් මර්දනය කිරීමට ගන්නා උත්සහය කණගාටුදායකය.

ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධිකය. එම බලාපොරොත්තු දැඩිකම නිසාම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණි. මහින්ද රාජපක්ෂ තීරණ ගත්තේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි. මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති දේශපාලනයේ නිරත වීමට අවැසි මානසින නිදහස ලබාදෙමින් සැමදා මා හට ශක්තියක් වූවාය. එදත් අදත් මා අසලින්ම සිටි සහ සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රමුඛ මාගේ ආරක්ෂක නිල දරුවන්ගෙන් ලැබෙන ආරක්ෂාව රැකියාවට එහාගිය අතිශය ආදරණීය බැඳීමකි. විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂට මේවන විට මුක්කු ගැසීමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශයක් මා හට දැනගැනීමට ලැබිණි. පෞද්ගලිකව මා ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රතිචාර නොදක්වමි. එහෙත් මා ජීවත්ව සිටින තෙක්, අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් වන සිංහ ධජය සෙවනේ පවතින මෙම ඒකීය මාතෘ භූමියට කුමන හෝ අයෙකු ද්‍රෝහි වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ වුවද මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි. එදිනට අවශ්‍ය වුවහොත් මුක්කු ගසා උර දීමට මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආදරණීය ජනතාව සිටින බව මම හොඳින් දනිමි. ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.

SendShareShare
Previous Post

ආණ්ඩුව ස්ථාවර නියෝග කඩලා? ඇමැති ඉද්දී නියෝජ්‍ය ඇමැති ප්‍රශ්නවලට උත්තර දීලා! හර්ෂ උදේම බාල්දියක් පෙරළයි! කතානායකතුමා දීපු නියෝගය දයාසිරි කතානායකතුමාටම හරවයි! ඇමැති වසන්ත නැගිටලා යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මිද්දෙණියෙන් නුවරඑළියට! නුවරඑළියෙන් කඳානට! පද්මෙලාගේ අයිස් ඇද්ද ඩ්‍රයිවර් අල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.