• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකම තැනක් – අනතුරු තුනක්! මරණ 47ක්! එකක් සැප්. 3! එකක් සැප්. 4! එකක් සැප්. 5! 96 අනතුර අස්සෙ ලෙඩ්ඩු බේරපු හැටි! 2003 අනතුර සිදුවුණ හැටි! අනතුරු දෙකකට මුහුණ දුන්න දෙන්නෙක් ‘මව්රට’ ට කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
එකම තැනක් – අනතුරු තුනක්! මරණ 47ක්! එකක් සැප්. 3! එකක් සැප්. 4! එකක් සැප්. 5! 96 අනතුර අස්සෙ ලෙඩ්ඩු බේරපු හැටි! 2003 අනතුර සිදුවුණ හැටි! අනතුරු දෙකකට මුහුණ දුන්න දෙන්නෙක් ‘මව්රට’ ට කියපු කතාව මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් ඇල්ල වැල්ලවායේ මහා අනතුර සිද්ධ වෙලා සතියක් ගතවෙලා කියනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සතියයි කියලා. ඇත්තටම ඇල්ල වැල්ලවායේ අනතුර සතියක්, දෙකක්, තුනක්, හතරක් යනකන් අපිට මතක තිබිලා, ඊට පස්සේ අමතක වෙලා යනවා. මේ විදිහේ අනතුරු ලංකාවේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච පළමුවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි වතාව නෙමෙයි මේක. මහා පරිමාණයෙන්ම මේ වගේ සිදුවීම් ලංකාවේ සිද්ධ වෙනවා. එහෙම සිදුවීම් සිද්ධ වෙන බව අඩුම තරමේ රියැදුරන්ටවත් මතක තියෙනවා නම්, ප්‍රශ්නයක් නෑ කියන එක අපේ අදහස. ඒත් අවාසනාවකට ලංකාවේ රියැදුරන්ටවත් ඒක මතක හිටින්නේ නැහැ. ඉතින් අපි තීරණය කළා, මේ අනතුරු ඉතිහාසය පිළිබඳ හොයලා බලන්න.Sri Lanka Latest News

අනතුරු ඉතිහාසය ගැන හොයලා බලද්දී, අපිට හම්බවුණා, පහුගිය කාලවකවානුව ඇතුළේ විවිධ අනතුරු සිද්ධ වුණු අවස්ථාවලදී ඊට මුහුණ දුන්නු අත්දැකීම් සහිත කට්ටියව. මේ පළමු කතාව අපිට කිව්වේ අරුණාතිලක මහත්තයා. අරුණාතිලක මහත්තයා කියපු කතාව අපි ඔහු කියපු විදිහටම ඔබත් එක්ක කියන්නම්. අරුණාතිලක මහත්තයා මේ ස්ථානයේ දීම මීට කලින් අනතුරකට මුහුණ දුන්නු පුද්ගලයෙක්. දෙවියන්ගේ පිහිටින් ඔහු දැන් හොඳින් ඉන්නවා. නමුත් ඔහු ඔහුගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් සහිතව ඉන්න කෙනෙක් නිසා, ඔහු කියපු කතාව අපි ඔබට කියන්න සූදානමින් ඉන්නවා.

‘මම මේ කියන්නේ 2003 සප්තැම්බර් මාසේ 05. ඒක අම්පාරේ ඉඳලා ආපු බස් එක. මම නැග්ගේ වැල්ලවායෙන්. මම වෙනදට එන්නේ ඔය බස් එකේ නෙමෙයි. ඒත් එදා කරුමෙට අම්පාර බස් එක කලින් ආවා. මම හිතන්නේ පහට පහමාරට විතර ඇති වෙලාව. මම හිතන විදිහට බස් එකේ මගින් 51 දෙනෙක් හිටියා. පල්ලමේ ඉඳලා බස් එක ආවා. ඩ්‍රයිවර් ලෝ ෆස්ට් එකට දාගන්න ඕනෙ එක, සෙකන්ඩ් එකේ තමයි ආවේ. එහෙම ඇවිල්ලා සෙකන්ඩ් එකට දාන්න හදනකොටම බස් එක නියුට්‍රල් වුණා. ඔය පේන තැනට පොඩ්ඩක් එහායින්. එතකොට තමයි මෙයා ගියර් එක එන්ටර් කරන්න යන්නේ. ගියර් එක එන්ටර් වුණේ නැහැ.’

‘ටාටා බස් එක ෆස්ට් එකේ නියුට්‍රල් වුණා. බස් එක ටික ටික නියුට්‍රල් වුණා. නියුට්‍රල් වුණාට පස්සේ බස් එක පිටිපස්සට ආවා. ඇත්තටම මේ රියැදුරු මහත්තයා කෑගැහුවා කට්ටියට බහින්න එපා කියලා. ඒ වුණාට මිනිස්සු බස් එක ඒ වෙලාවේ තිබුණු තත්ත්වයත් එක්ක මම හිතන්නේ කලබල වුණා හොඳටම. මිනිස්සු ඒක ඇහුවේ නැහැ. මිනිස්සු 20ක් 25ක් විතර පාර මැදට පැන්නා. බස් එකෙන් පැනපු මනුස්සයා පාර මැද්දේ වැටුණා. මම හිතන්නේ මේ ඩ්‍රයිවර් ආවේ බස් එක වේල්ලට අල්ලන්න. ඒත් එදා වේල්ලට අල්ලන්න බැරි වුණා. මම හිතන්නේ වේල්ලට අල්ලන්න බැරි වුණේ, වේල්ලට අල්ලන්න ගියා නම් අර පාර මැද වැටිලා ඉන්න මනුස්සයා යටවෙනවානේ. කොහොම හරි ඒ වෙලාවේ බස් එක වේල්ලට අල්ලන්න බැරි වුණා. බස් එක ඊ ගහේ වේගෙන් ගියා. ගිහිල්ලා ඊට පස්සේ තියෙන මොකක හරි වැදිලා, බස් එක පෙරළුණා. මට මතක තියෙන්නේ එච්චරයි. ඊට පස්සේ මාව බණ්ඩාරවෙල ඉස්පිරිතාලෙට අරන් ගිහිල්ලා එතැනින් බදුල්ල ඉස්පිරිතාලෙට අරන් ගිහිල්ලා, දවස් තුනහමාරකට විතර පස්සේ තමයි සිහිය ආවේ. මගේ බෙල්ල කැඩිලා, සුෂුම්නාව හරියේ ජොයින්ට් තුනක් කැඩිලා කියලා තමයි ආරංචි වුණේ. මේ බස් එක එතැන තියෙන කුඹුක් ගහේ වැදිලා හිටියා. මාව විසිවෙලා තියෙනවා මම හිතන්නේ.’
‘මගේ සුෂුම්නාවට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණා. අපේ ගොඩක් අය හිතලා තියෙන්නේ මම මැරෙනවා කියලා. ඇත්තටම බදුල්ලට අරන් යනකොට මැරිලා තමයි මම හිටියේ. මාව අයි.සී.යූ. එකට දාලා තිබ්බා. කොහොම හරි ඔහොම දාලා දවස් තුනහමාරකට විතර පස්සේ තමයි යන්තම් සිහිය ආවේ. මම ඒ වෙනකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තමයි කටයුතු කරමින් හිටියේ. පස්සේ සී.ටී.බී. එකෙන් පොඩි වන්දියක් එහෙමත් හම්බවුණා. කොහොම හරි මට මතක හැටියට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාව ආයේ සේවයේ පිහිටුවලා, විශ්‍රාම ගැන්නුවා. මේ අනතුරෙන් ඇත්තටම නවදෙනෙක් මියගියා. 25 දෙනෙකුට තුවාල සිද්ධ වුණා. රියැදුරු මහත්තයයි, කොන්දොස්තර මහත්තයයි ඇතුළු පිරිස බේරුණා. ඒගොල්ලෝ මිනිස්සුන්ව බේරන්න උත්සාහ කළා. හැබැයි කරගන්න දෙයක් නැතුව ගියා. ඒ නිසා ඒගොල්ලොන්ට බස් එකෙන් පනින්න වුණා. ඇත්තටම තුවාල වෙච්ච 25 දෙනාගෙන් බරපතළම තුවාල සිද්ධ වුණේ මට. මගේ බෙල්ල සනීප කරන්න කෑල්ල ගෙනාවේ එංගලන්තෙන්. ගොඩක් අය හිතලා තිබ්බේ මම මළා කියලා තමයි….’

ඔන්න ඔය විදිහට අපි හොයා ගත්තා 2003 අවුරුද්දේ සිද්ධ වෙච්ච අනතුරේ කතාව. ඒක බොරුවක් නෙමෙයි කියන එකට අපිට සාක්ෂි සහිතයි. ඔහු කියන විදිහට සප්තැම්බර් පස්වැනිදා මෙතැනදී මේ විදිහටම අනතුරක් වෙලා තියෙනවා. පෙරළිලා තියෙන්නේ බස් රථයක්. බස් රථ අනතුරෙන් නව දෙනෙක් මියගිහිල්ලා තියෙනවා. මේ සිදුවීම දැන් අපිට මතක නැහැ. අපි ඒක අමතක කරලා දාලා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. අනතුරක් සිද්ධ වෙනකම්ම අපිට ඒක අමතක වෙලා යනවා. අපිට නම් මතක තිබුණා කියලා වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් රටේ දේශපාලකයන්ට, බලධාරීන්ට මේවා මතක තියෙන්න ඕනේ. ඒ සඳහා පියවර අරගන්න ඕනේ. එහෙම පියවර නොගන්නා නිසායි රටේ මේ තත්ත්වය මේ තරම් දරුණු වෙලා තියෙන්නේ. ඊළඟට අපිත් එක්ක ඔය ගැන කතා කළේ සුමිත්‍රා පීරිස් කියන නෝනා. එතුමිය ඉඳලා තියෙන්නේ 1996 අනතුර වෙච්ච බස් රථය හැප්පුණු අනිත් බස් එකේ. ඇයත් මේ අනතුර සම්බන්ධව ඉතාම හොඳ සාක්ෂිකාරියක්. ඇය කියන තැනදී පොඩි පරස්පරතාවක් තියෙනවා. ඇය කියනවා 96 නෙමෙයි, 97 කියලා ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. ඇය කියන්නේ මෙහෙම.

‘මට මතක විදිහට ඒක සිද්ධ වුණේ 1997 සප්තැම්බර් මාසේ 02. මම ඒ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරමින් හිටපු කෙනෙක්. අපිට තියෙනවා යම් ක්‍රමවේදයක්. ඉතින් ඔය සඳහා අවශ්‍ය කරන යම් ලියකියවිලි වගේ දෙයක් භාරදෙන්න මට සිද්ධ වුණා මේ ප්‍රදේශය හරහා යන්න. හැම මාසෙකම පස්වැනිදට පෙර මේ වැඩේ අපි කරන්න ඕනේ. මගේ පුතාට එතකොට වයස අවුරුදු හතරහමාරක් විතර ඇති. මම හිතන්නේ උදේ 7.05ටද කොහෙද සී.ටී.බී. එක පිටත් වුණේ. මගේ පුතා එතකොට චූටි බබා. ඉතින් බස් එක සාමාන්‍ය විදිහට ආවා. ඉස්සරහින් බස් එකක් එනවත් අපි දැක්කා. මම අවුරුදු 10ක් ආවා ගිය පාර ඔය. සාමාන්‍යයෙන් මම ගෙදර යන පාර, මට එහෙම නුහුරු නුපුරුදු පාරක් නෙමෙයි. අපේ ඩ්‍රයිවර් මට මතකයි එයා කුමාර. හරියට ඔතනම තමයි. මට මතකයි අර පැත්තෙන් ආපු බස් එකක් අපේ බස් එකේ හැප්පිච්ච ගමන්ම හරියට කාටූන් එකක් වගේ බස් එක වැටුණා එහා පැත්තට. මට මතකයි අපි ආපු බස් එකේ බාර් එකේ වැදිලා මගේ බබාගේ තොල කට පුපුරලා වගේ තිබ්බා. මගේ බබාව අපි ආපු බස් එකේ ඩ්‍රයිවර්ටයි, කොන්දොස්තරටයි දීලා එතැනට ගියා. මට මතකයි අවුරුදු තුන හතරක බබෙක්ව මම දුන්නා අරගෙන, හරිම සීරියස්, එයාගෙන් ලේ විසික් වෙමින් තිබුණා. මට මතකයි අපේ බස් එකේ කට්ටිය බැහැලා ලෙඩ්ඩුන්ව ගත්තා.’

‘අපි සෑහෙන්න ලෙඩ්ඩුන්ට උදව් කළා, බොහොම අමාරු තත්ත්වයේ තමයි ගොඩ දෙනෙක් හිටියේ. ගොඩක් අයව බරපතළ විදිහට තුවාල වෙලා තිබුණා. සමහර අය එතනම මියගිහිල්ලා හිටියා. හාමුදුරු නමකුත් මට මතකයි එතැනම මැරිලා හිටියා. කොහොම හරි මම අන්තිමට මේ ලෙඩ්ඩු 12ක් අරගෙන, පාරේ යනවා බඩු ගේන්න ගිය ලොරියක්. මගේ බබාවත් අරගෙන, ලෙඩ්ඩු 12කුත් අරගෙන මම එතැනින් පිටත් වුණා. අපේ ඩ්‍රයිවර්ලා බොහොම පළපුරුදු කට්ටිය. මට මතකයි බස් එක හැප්පිච්ච ගමන් අපේ ඩ්‍රයිවර් කපලා කපලා බස් එක වේල්ලට හේත්තු කරගත්තා. මම ඉතින් සෞඛ්‍ය සේවයේ ඉන්න කෙනෙක් නිසා මට යම් අත්දැකීමකුත් තිබුණා. මට මතකයි සමහරුන්ට වතුර පොවන්න එපා කියලා මම කෑගැහුවා. මම හරි අකැමැතියි මෘත ශරීර දකින්න. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. බොඩීස් මාර ගොඩක් තිබ්බා. ඒ අතරතුරේ පණ තියෙන අයට වතුර පොවන්න එපා කියලා මම කෑ ගැහුවා. මොකද අත්දැකීම් තියෙන නිසා අපි දන්නවා වතුර පොවන්න හොඳ නැති බව…’

ඔන්න ඔය විදිහට ඇය පළමුවැනි අනතුරේ මතකය අපිත් එක්ක බෙදාගත්තේ. 97 හෝ 96, පැහැදිලිව දිනය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් සැප්තැම්බර් 02 හෝ 03 වීම විශේෂයි. එතකොට මේ සැප්තැම්බර් 03 පළමුවැනි අනතුර, දෙවැනි අනතුර සැප්තැම්බර් 05, මේ අනතුර සැප්තැම්බර් මාසේ 04. මේවා වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට පැහැදිලි නැහැ. නමුත් කුමන හෝ විදිහකට මේ අනතුරු එකිනෙකට සම්බන්ධව සිද්ධ වෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට සැප්තැම්බර් මාසයේ මුල් සතියේ තමයි මේ ප්‍රධාන අනතුරු තුනම සිද්ධ වෙලා තියෙන්නේ. ගණන් හදලා බැලුවොත් පළමුවැනි අනතුරේදී 23 දෙනෙක්, ඊළඟ අනතුරේදී 09 දෙනෙක්. මේ වතාවේ අනතුරේදී 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

මේවා ටික විතරක් ගණන් හදලා බැලුවත් 47කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙච්ච තැනක් තමයි මේ මාරක වංගුව. එතකොට මේ වගේ මාරක වංගුවක තවදුරටත් මෙවැනි අනතුරු සිද්ධ විය හැකි බව දැන දැනමත්, අපි මේ වංගුව මේ විදිහට නිකන්ම නිකන් තියෙනවද කියන එක ගැන ඔබ හිතලා බලන්න. කොහොම වුණත් අපි මේ ඔබට මතක් කළේ 96 අනතුරේ සහ 2003 අනතුරේ මතකයන්. ඒ මතකයන් අපිට කිව්වේ එදා ඒ අත්දැකීම්වලට මුහුණ දුන්නු කට්ටිය. පළමුවැනිවම අපිට මේ කතාව කියන්නේ බස් එකේ ඇවිල්ලා, ඒ බස් එකත් එක්ක ප්‍රපාතයට වැටිලා, බරපතළ ලෙස තුවාල ලබලා සුවවෙච්ච කෙනෙක්. ඊළඟ කතාව කියන්නේ තමන් ඉස්සරහට ආපු බස් එක, තමන්ගේ බස් එකේ හැප්පිලා, ඒ බස් එක ප්‍රපාතයට වැටෙන හැටි දැකලා, එහි වූ රෝගීන්ට ප්‍රතිකාර කරලා, ඒ අයව ඉස්පිරිතාලේ අරන් යද්දී, තවත් රෝගීන් එක්කම රෝහලටත් ගිහිල්ලා ප්‍රතිකාර කරපු සෞඛ්‍ය සේවිකාවක්. මේ දෙදෙනාම අද ඉතාම සතුටින් ජීවත් වෙනවා. දෙවියන්ගේ පිහිටින් ඒ අයට කරදරයක්, අතුරු ආන්තරාවක් සිද්ධ වෙලා නැහැ. කොහොම වුණත් මේ දෙදෙනාව අපි මේ විදිහට සම්බන්ධ කරගත්තේ අනතුරු සම්බන්ධව ඔබට සාක්ෂි සහිතව පැහැදිලි කරන්න අවශ්‍ය නිසා.

ඕනෙ නම් කෙනෙකුට කියන්න පුළුවන් ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. ඕවා බොරු කතා. එදා දවසම නෙමෙයි, ඒ සතියම නෙමෙයි, ඒ වෙලාවම නෙමෙයි, ඒ තැනම නෙමෙයි කියලා. නමුත් මේ තැනම තමයි. මේ කාලෙම තමයි. මේවායේ සබඳතා තියෙනවද නැද්ද කියන එක ඔබ හොයාගන්න. මම ඒවා දන්නේ නැහැ. මට පුළුවන් ඔබට මේ කතාව කියන්න විතරයි. කොහොම වුණත් මේ අනතුරු තුනෙන්ම ලංකාවේ වටිනා මිනිස්සු විශාල ප්‍රමාණයක් මියගියා. මාර්ගය ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් ගත්තේ නැහැ. මේ වංගුව අතිශය අවදානම් බව දැන් අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පැහැදිලිවම 47කට ආසන්න ප්‍රමාණයක් මේ වංගුවේදී මේ වෙනකොටත් මියගොස් අවසානයි. ඒ නිසා තවත් දවසක තවත් කතාවක් ලියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලිපියේ මේ විදිහට සිද්ධි තුනම එකතු කරලා ලියන්නේ, හතරවැනි සිද්ධිය වුණාට පස්සේ ඒ හතරවැනියට ඊළඟ ලිපිය ලියන්න පහසු කරන්න නෙමෙයි. අපි මේ ලිපිය මේ විදිහට ලියන්නේ, හතරවැනි ලිපියක් ලියන්න ඉඩ නොලැබෙන්න, අවස්ථාවක් නැති වෙන්න, අනතුරු පිළිබඳ නැවත නැවත නොලියන්න හිතේ තියාගෙන. ඇත්තටම මේ මාර්ගය සඳහා නිසි පියවරක් ගත්තොත් මේ විදිහේ ලිපියක් අපිට ලියන්න වෙන එක නතර වෙන්න පුළුවන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඊයේ මේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා! ආණ්ඩුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙත් නෑ! මෙන්න මේ මිනිස්සු දැනු කොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා! විපක්ෂනායක අද එතනටත් ගිහින් මිනිස්සුන්ගේ දුක සැප සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

බස් එකේ නින්ද ගියා! පාර අහගන්න ගෙදරකට තට්ටු කළා! හොරෙක් කියලා ගස් බැඳලා ගැහුවා! වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ දැම්මා! සමාජයට මුහුණ දෙන්න බැරුව දිවි සනාගත්තා! හැම මඟුලක්ම සෝෂල් මීඩියා දාන්න කලින් මේ කතාව කියවපල්ලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.