බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි.
ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේ කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යයි හෙලි වි ඇත.
මීට අමතරව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් ඔවුන්ට සමීප වූ ආශ්‍රිතයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.










