හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (15) දින පියවර ගෙන තිබිණ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් දිනවල කුණ්ඩසාලයේ සහ හේවාහැට ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති හෙයින් එම ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වී ඇති නිසා සෞඛ්‍යාරක්ෂාව පදනම් කරගෙන ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය.
ඒ අනුව ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ නඩුව සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය.










