ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
බොගවන්තලාව වතු සමාගම, වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය සහ නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය එක්ව ක්‍රියාත්මක කල නොමිලේ වෛද්‍ය සායනයක් (09) දින බොගවන්තලාව පෙට්රොසෝ දමිළ විද්‍යාලයේ පැවැත්වින ,Sri Lanka Latest News
පෙට්රොසෝ දෙමළ විද්‍යාලයේ සිසුන්, මහජනතාව සහ රජයේ නිලධාරීන් ඇතුළු 600 කට අධික පිරිසක් මෙම වෛද්‍ය සායනය සඳහා සහභාගී වූහ.
මෙම නොමිලේ වෛද්‍ය කඳවුරේදී දන්ත පරීක්ෂණ රුධිර පරීක්ෂණ සහ ශාරීරික පරීක්ෂණ රැසක් පවත්වන ලදී
නුවරඑළිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙම වෛද්‍ය කඳවුර සංවිධානය කර සම්පත් දායකත්වය ලබාදෙන ලදී ,
මෙම වෛද්‍ය කඳවුර සඳහා බගවන්තලාව දිස්ත්‍රික් රෝහලේ නිලධාරීන් සහ බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ද සහභාගී විය .






























