හදිසි අවස්ථාවකදී ප්‍රභූන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක මෙහෙයුමක් ඊයේ (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
බෙල්-12 සහ එම්-18 හෙලිකොප්ටර් දෙකක්, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථ යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාවේද සහභාගිත්වයෙන් මෙම පෙරහුරු ආරක්ෂක මෙහෙයුම සිදු කෙරී ඇත.
කිසියම් අවස්ථාවකදී ප්‍රභූවරයෙක් පාර්ලිමේන්තුවේ ප්‍රාණ ඇපයට ලක්වූ අවස්ථාවකදී ඔහු මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී පෙරහුරු පවත්වන ලදී.
මීට අමතරව හදිසි ගින්නක් හටගත් විට ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී විශේෂ පෙරහුරුවක් පවත්වා ඇත.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ අනුමැතිය යටතේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීඹකට අනුව මෙම පෙරහුරුව පැවැත්විණ.













