• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියටම ගිහින් විමර්ශනය කරයි! වෙලාවට ඇවිත් නෑ! තීන්දු නිසි අයුරින් ගොනුවට ඇතුළත් කරලා නෑ! රාජකාරිය හරියට ඉටු කරලා නෑ! මතුගම මහේස්ත්‍රාත්වරිය සේවයෙන් ඉවතට! තවත් විනිසුරුවරුන් 15ක් තනතුරුවලින් ඉවතට! I Sri Lanka Latest News

September 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිසි වේලාවට රාජකාරි කටයුතු සඳහා වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ ඇතැම් තීන්දු නිසියාකාරව සකස් කර නඩු ගොනුවට ඇතුළත් නොකිරීම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත්වීම යනාදී චෝදනාවලට වරද පිළිගත් මතුගම මහෙස්ත්‍රාත්වරිය සිය ඉල්ලා අස්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවට භාරදී අධිකරණ සේවයෙන් ඉවත්වී තිබේ.Sri Lanka Latest News

මතුගම මහෙස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන යන මහත්වරුන් කළ නියෝගයක් අනුව එම කොමිෂන් සභාවේ ලේකම්වරයා හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා මීට දින කීපයකට පෙර පෞද්ගලිකව එම අධිකරණය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර තිබේ.

නඩු කටයුතුවලට පෙනී සිටින අය ලෙස හඟවා අධිකරණ ශාලාව තුළට ගොස් වාඩිවී සිටිමින් කළ නිරීක්‍ෂණ අනුව එදින පෙරවරු 10.00 පසුවනතුරුත් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට නොපැමිණි බව තහවුරු කර ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබිණි. තමන් කවුරුන් දැයි හෙළිකර තිබූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනාම පෙරකී චෝදනාවලට අමතරව අධිකරණයට ලැබී තිබූ ඇතැම් ලිපි දීර්ඝ කාලයක් තිස්සේ විවෘත කිරීමක් හෝ සිදුකර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය ලබාගත් නිවාඩු 2024 වසරේ සිටම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමත කර ගැනීමක් සිදු කර නොමැති බවත් තහවුරු කර ගැනීමට හැකිවී තිබිණි.

අධිකරණ කාර්ය මණ්ඩලයේ අදාළ නිලධෘරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කැඳවා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තමන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සමයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නිල බලයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්වී තිබිණි. අධිකරණ සේවය වඩාත් කාර්යක්ෂම කර මහජන හිතකාමී හා මහජන විශ්වාසය වඩ වඩාත් තහවුරු කරනා සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම යෝජනා සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කරන ලෙස ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබිණි.

එකී උපදෙස් අනුව ලැබී තිබූ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම වාර්තා සිදුකර චෝදනා එල්ල වූ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් (විනිසුරුවරුන්) 15 කට අධික පිරිසක් ඔවුන් දැරූ තනතුරුවලින් පහ කිරීමට හා ඔවුන්ගේ සේවය අත්හිටුවීමට පසුගිය සති කිහිපය තුළදී අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

මීගමුව මහෙස්ත්‍රාත්වරිය ලෙස සේවය කරමින් සිටියදී එල්ල වූ චෝදනාවලට වරදකාරිය කළ මෑතක් වනතුරුම කොළඹ අංක අට මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ පසුව මාතර අතිරේක දිසා විනිසුරුවරිය ලෙස මාරුකර යවනු ලැබූ මහෙස්ත්‍රාත්වරිය ද වහාම සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය පසුගිය සිකුරාදා නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

ඇයගේ ක්‍රියා කලාපය අනුව ඇය තවදුරටත් අධිකරණ සේවයේ තබා ගැනීමට නුසුදුසු බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇය සේවයෙන් ඉවත් කර තිබේ. මේ අතර විවිධ චෝදනා එල්ල වූ මේ වනවිට තාවකාලිකව සේවය අත්හිටුවා ඇති මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකු පිළිබඳව සිදුකරන විමර්ශන ද නුදුරේදීම ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. –

SendShareShare
Previous Post

ධම්මික පෙරේරා ලාෆ්ස් ගෑස් එකත් ගනී! I Sri Lanka Latest News

Next Post

මිද්දෙණියෙන් අහුවුණු ‘අයිස්’ කඳානේ සුපිරි ගෙදරකිනුත් හමුවෙලා! කාටවත් සැක නොහිතෙන්න ලස්සනට වත්තේ ගස් යට අතුරලා තියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.