ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ඇතැම් පුද්ගලයන් ඉන් පිටතට පැමිණෙමින් සිදු කරන ප්‍රකාශ හමුවේ ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව පවසා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමු කොට ඇත.
ඒ අනුව මහමැතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක ඒ සදහා වන මැතිවරණ නීතිවලට අනුකූලව අපේක්ෂකයින්ට එලෙස අගතියක් සිදුවන ප්‍රකාශ සිදුකිරීම නීති විරෝධී බවට සභාපතිවරයා එම ලිපිය මගින් දක්වා ඇත.
එහිදී එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාවක් ඇතිද යන්න සොයා බලා ඒ සදහා ගත හැකි ඉක්මන් පියවර ගන්නා ලෙසට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටින ලදී.










