මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් 79 වන බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.Sri Lanka Latest News
අදියර දෙකකින් සමත්විත මෙම වාර්ෂික රග්බි සටනේ දෙවන අදියර ඊයේ (06) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
එහිදී රාජකීයන් ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ලකුණු 8-3ක් ලෙස පරාජයට පත්විය.
කෙසේ වෙතත් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු අදියරේ දී ලකුණු 15-5ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත් කිරීමට රාජකීයන් සමත් විය.
ඒ අනුව අදියර දෙකෙහිම ලකුණු සංඛ්‍යාව අනුව කොළඹ රාජකීය විද්‍යාල ලකුණු 18ට 13ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් විය.
මෙම අවස්ථාවට රාජකීය ආදි ශීෂ්‍යයකු වන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය.










