‘ඉදිරියේදී නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, හතර හමාරටම ගෙදර යන්නත් බැරිවෙයි, රට වෙනුවෙන් කැපවීමක් කරන්න බලාගෙන ඉන්න. එහෙම නැතිව අපට රට පරිවර්තනය කරා ගෙන යාමට බැහැ’ යැයි අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවැසුවාය.
අධ්‍යාපන සේවාව හරියට නැතිව රටකට ඉදිරියට යන්නත් බෑ. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේද කැපවීමක් අවශ්‍යයි. එහෙම නැතිව ආණ්ඩුවක් මාරුවුණා කියල එම තත්ත්වය සියයට සීයක් නගාසිටුවන්න බෑ.
‘රටක් දියුණු කරන්න නම් පරිවර්තනීය වෙනසකට රට යොමුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය සේවයේ සේවකයන්ගේ කැපවීමද ඉතාම අත්‍යාවශ්‍යයි. නිවාඩු දවසෙත් වැඩකරන්න වෙයි. හැන්දෑවෙ හතර හමාර වනවිටම ගෙදර යන්න බලාගෙන ඉන්නත් එපා.’
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළේ අධ්‍යයන පරිපාලන සේවයට සීමිත පදනමින් බඳවාගනු ලැබූ නිලධාරීන්ට පත්වීම් ලිපි බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
නන්දන ශ්‍රී දොරකුඹුර










