ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්විය.










