වන සතුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග භාවිතා කිරීම සම්බන්ධයෙන් පොල් පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණය අවසන් අදියරේ පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ පැවසුවා ය.Sri Lanka Latest News
අධ්‍යක්ෂවරිය මේ බව පවසා සිටියේ අප කළ විමසීමකදී අදහස් දක්වමිනි.
මෙම ශබ්ද තරංග යන්ත්‍ර වගාවන්ට හානි සිදුකරන වන අලින් ,වදුරන් රිලවුන් වැනි සතුන් ඉලක්ක කර ගනිමින් සකසා ඇත.
පර්යේෂණ වලට අනුව මෙම ශබ්ද තරංග යන්ත්‍ර ඔස්සේ වනසතුන් පළවා හැරීම මේ වන විට නිර්දේශ කළ හැකි මට්ටමේ පවතින බව ඇය ප්‍රකාශ කළාය.
ඒ අනුව වගා භූමියන් තුළ මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට නියමිතව ඇති බවත් එලෙස පරීක්ෂා කිරීමේ වට කිහිපයකින් පසුව වනජීවී දෙපාර්තමෙන්තුව සමඟ එක්ව වගාකරුවන් වෙත ශබ්ද තරංග යන්ත්‍ර ලබාදිය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය. -අරුණ










