සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට ප්‍රජාතන්ත්‍රවාදි ආරාධනයක් ලැබෙනවානම් යාම වරදක් නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන විට සජිත් ප්‍රේමදාස මහතා ඔහුව බැලිමට රෝහලට ගියා. ඒ අවස්ථාවේ සජිත් යන්නේ රනිල්ට මුක්කුවක් ගහන්න කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. සජිත් යන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලය ගන්න කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. ඒවා විහිළු මත. විපක්ෂ නායකවාරයා මනුෂියවායදී , මානව හිතවාදි ප්‍රබල දේශපාලන චරිතයක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදී මානුෂිය ගුණාංගය ප්‍රගුණ කළ පුද්ගලයෙක්.‘‘










