• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් එංගලන්තයෙදි කෙල්ලෙක් මරලා! කැනඩාවෙදී පවුලක්ම පිහියෙන් ඇනලා මැරුවා! ලංකාවේ අයට පිටරටදී හැදෙන මේ ලෙඩේ මොකක්ද? Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
දැන් එංගලන්තයෙදි කෙල්ලෙක් මරලා! කැනඩාවෙදී පවුලක්ම පිහියෙන් ඇනලා මැරුවා! ලංකාවේ අයට පිටරටදී හැදෙන මේ ලෙඩේ මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මිනිස්සු තමන්ගේ මවුපියන්, දූදරුවෝ අතහැරලා දුරු රටකට යන්නේ මේ ඉන්න අඩියෙන් තව චුට්ටක් හරි ඉස්සරහට එන්න හිතාගෙන. අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ව රට යවන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. ඒත් පසුගියදා අපට අසන්නට ලැබුණේ හද කම්පා කරන පුවතක්. එනම් එංගලන්තයේ කාඩිෆ් නුවරදී ඉතා අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කර තිබීමයි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 32 හැවිරිදි නිරෝධා කල්පනී නිවුන්හැල්ල නැමති තරුණියක්. ඇය පදිංචිව සිටියේ සවුත් වේල්ස්හි රිවර් සයිඩ් ප්‍රදේශයේයි. මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු වන අතර, ඔහු 37 වැනි වියේ පසුවන තිසර වේරගලගේ නමැත්තෙක්.
පසුගිය අගෝස්තු 21 වැනි බ්‍රහස්පතින්දා මේ කනගාටුදායක සිදුවීම සිදුව තිබුණේ එරට වේලාවෙන් උදෑසන 7.37ට පමණය. එදින කාඩිෆ් නුවර රිවර් සයිඩ් ප්‍රදේශයට අයත් සවුත් මෝගන් ප්‍රදේශයේදී බරපතළ තුවාල ලබා සිටි නිරෝධාව ලද තොරතුරක් මත එරට පොලිසි විසින් සොයාගෙන තිබුණා. අනතුරව ඊට ආසන්න පෙන්ට්වීව් නගරයේදී තිසර වේරගලගේ නමැති සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ.Sri Lanka Latest News

නිරෝධාගේ මව පවසන්නේ 2017 වසරේ නිරෝධා තිසර සමග විවාහ වූ බවත්, 2022 වසරේ ඔවුන් එංගලන්තයේ පදිංචියට ගිය බවයි. පවුලේ ඥාතීන් පවසන්නේ නිරෝධා යනු ආදරණීය දියණියක් බවයි. ඔවුන්ගේ පවුලට සිටි එකම දරුවා වූයේද නිරෝධා පමණි. නිරෝධා මුලින් පාසල් ගොස් තිබුණේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට වන අතර, පසුව ඇය උසස් පෙළ සඳහා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට ඇතුළත්ව තිබුණා.

ඇය ඝාතනය වී තිබුණෙ පසුගිය 21 වැනිදා උදෑසන රැකියාවට යන අතරතුර බවත්, ඊට ටික වේලාවකට පෙර තමාට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් ඇගේ මව මාධ්‍ය වෙත පවසා තිබුණා. නිරෝධා සිය නැදෑයන්ට සහ යෙහෙළියන්ට බොහෝ කරුණාවන්ත චරිතයක් වූ බවත්, ඇගේ උණුසුම් හදවත බොහෝ දෙනකුගේ ජීවිතවලට ආලෝකයක් වූ බවත්, සමාජ සේවා කටයුතුවලට මහත් උනන්දු වූ තරුණියක බවත් ඇගේ මවුපියන් පවසා තිබුණා. ඇගේ අනපේක්ෂිත වෙන්ව යෑම තදින්ම දැනෙන්නේ නිරෝධාගේ පවුලේ සාමාජිකයන්ටය.

මේ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් කරුණු ගොනුකිරීමට පොලිසිය සහාය ඉල්ලා තිබුණා. එසේම ඝාතනය සිදුවූ අවස්ථාවේ ඒ ආශ්‍රිතව නවතා තිබූ සැකකටයුතු ෆෝඩ් ෆියෙස්ටා වර්ගයේ මෝටර් රථයක් පිළිබඳ තොරතුරු සෙවීමටද පොලිසිය උත්සුක වී ඇත. සිවොල් මාවත, වෙලින්ටන් වීදිය, ක්ලෙයාර් පාර සහ පෙනාර් යන ප්‍රදේශ අතර අදාළ සැකටයුතු මෝටර් රථය ගමන් කළ සීසීටීවී දර්ශන ලබාදෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මෙම ඝාතනයට හේතුව තවමත් හෙළි කර නැති අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂක මැතිව් ඩේවිස් නිරෝධාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය කනගාටුව පළකර තිබුණා. එරට වෛද්‍යවරු නිරෝධාගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක් දරා තිබුණද, ඇය පහරකෑමට ලක්වූ ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා තිබුණු බවයි වාර්තා වන්නේ.
නිරෝධාගේ මව, තම දියණියගේ අකල් වියෝව දරාගැනීමට නොහැකිව මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නකි.

‘දුව අපිට හැමදාම කතාකරනවා. නමුත් එදා එයා කතා කළේ නැහැ. ඊට පස්සේ මැසේජ් දැම්මා. මේ සිද්ධිය වෙන්න දින දෙකකට ඉස්සෙල්ලා අපිට කතා‌ කරන එක අඩුවුණා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා මාත් එක්කත් කිව්වා. 21 වැනිදා හවස මහත්තයා දුවගෙන ආවා. මම කිව්වා උදේ ඉඳලා ළමයා කතා කළේ නැහැ කියලා. ඒක කිව්වාම එයාට එක පාරටම ඇඬුණා. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා හිතාගන්නා බැහැ. එයා ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්. යාළුවෝ තමයි කතා කරලා කිව්වේ මෙහෙමයි කියලා. එයා උදේ හත හමාරට තමයි එළියට බහින්නේ. එයා හරි වෙලාවට පිළිවෙළට වැඩ කරන කෙනෙක්. ඒ අතරතුර තමයි මොකක් හරි වෙලා ඇත්තේ.
අපි අනුරාධපුරේ ජීවත්වුණේ. 2010 තමයි වේයන්ගොඩට ආවේ. අපිත් හදන්නේ මේකේ අගක් මුලක් හොයාගන්න…’

නිරෝධාගේ කුඩා කල සිට යෙහෙළියක් වූ ශෂිනි හේරත් සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනකි මේ.
‘නිරෝධා මගේ 2 ශ්‍රේණියේ ඉඳන් හිටපු හොඳම යාළුවා. අවුරුදු 16කට පස්සේ මම සති දෙකකට කලින් ඇයව බලන්න සැතපුම් 1000කට වඩා ගමන් කළා. අපි හිනාවුණා, පැය ගානක් කතා කළා. අපේ මතකයන් බෙදාගත්තා. අපි එකට ඉගෙනගත්ත හැටි, සෙල්ලම් කළ හැටි, සහෝදරියන් වගේ රණ්ඩු වුණු හැටි, මට දැනුණේ කිසිම දෙයක් වෙනස් වෙලා නැති බවක්…. ඒත් ඒක අපේ අන්තිම හමුවීම කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ ආදරණීය නිරෝධා සාමාදානෙන් සැතපෙන්න. ඔයාව මගේ හදවතේ තබාගන්නම්…’

අපි හැමෝම දන්නවා මෙවැනි ඝාතනයක් විදෙස් රටක සිදුවුණාම ඒ තොරතුරු ලංකාවේ වගේ මාධ්‍යවලට මුදාහරින්නේ නැහැ කියලා. අපිට මතකයි මෙවැනිම සිදුවීමක් කැනඩාවේ සිදුවුණා. තරුණයෙක් විසින් මුළු පවුලක්ම ඝාතනය කර තිබුණා. ඒ සිදුවීමෙත් තොරතුරු මාධ්‍යයට ලැබුණේ ඉතා මන්දගාමී ලෙසයි. එසේම මෙම ඝාතනයද කුමක් නිසා සිදුකළාද යන්න තවමත් මාධ්‍යයට හෙළිකර නැහැ.

පසුගිය අගෝස්තු 26 වැනිදා කාඩිෆ් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාර තිසර වේරගලගේ පෙනීසිට තිබුණා. නමුත් විනිසුරුවරයා කිසිදු තීරණයක් ලබා නොදුන් අතර, සැකකරු තවදුරටත් ලබන 19 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබුණා. නිරෝධාගේ අවසන් කටයුතු බි්‍රතාන්‍යයේදී ඉදිරි දිනකදී සිදුකිරීමට නියමිතයි.

මේ වගේ රටවලට ශ්‍රී ලාංකිකයන් යන්නේ දහසකුත් බලාපොරොත්තු සහිතවයි. අනාගතයේ සැපවත් ජීවිතයක් ගතකිරීමටයි. නිරෝධාගේ මවුපියනුත් ඇයව විදෙස්ගත කරන විට දහසක් බලාපොරොත්තු තබාගන්නට ඇති. පවුලේ එකම දරුවාට අනාගතයේ කිසිම අඩුවක් පාඩුවක් නැතිව කල්ගෙවන්නට ලැබෙතැයි ඔවුන්ට සිහින තිබෙන්නට ඇති. නමුත් ඒ සියලු සිහින බොඳව ගියේ ඔවුන්ටත් හිතාගන්නට බැරිවයි. තරුණ තරුණියන් වගේම වැඩිහිටියන් විදෙස්ගත වන්නේ මෙවැනි කනගාටුදායක ඉරණමක් හීනෙකින්වත් බලාපොරොත්තුවෙන් නොවෙයි.

ලාංකිකයෙක්ම තමයි මේ ඛේදවාදකයේ සැකකරු වී තිබෙන්නේ. ලංකාවේ හිටියත් පිට රටක හිටියත් තමන් තුළ තියෙන මුරණ්ඩු ගතිපැවතුම්වල වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ සිද්ධියෙන් ඔප්පු වන්නේ. කැ‌ලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියන කතාවට මේ සිදුවීමත් සාක්ෂි දරනවා. මවුපියන් මේ දියණිය ගැන මීට වඩා සොයා බලන්නට තිබුණා යන්න බොහෝ දෙනකු සමාජ මාධ්‍යයේ පවසා තිබුණා.

මේ අහිමි වුණේ කොයිතරම් ලස්සන ජීවිතයක්ද? අපි මෙවැනි ඛේදවාචකවලින් අපේ ජීවිතවලට පාඩමක් එක්කරගත යුතුයි. අපේ ජීවිත හරිම අනපේක්ෂිතයි. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අපිට ජීවත් වෙන්න තිබෙන්නේ ඉතා කෙටි කාලයක් විතරයි. පවිටු පුද්ගලයන්ගෙන් ඈත්ව යහපත් ජීවිතයක් ගතකළ යුතුයි. නැවත සංසාරයේ කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේ‌වා කියලා අපි නිරෝධා වෙනුවෙන් ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල 27 වැනිදා එළියට ඇවිත්! Sri Lanka Latest News

Next Post

පාතාලයෝ සෙට් එක ඉන්දුනීසියාවෙන් ෆ්ලයිට් එකට නැග්ගා! ලංකාවට එන ගමන්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.