• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි? රනිල් විතරද? මේ ජනාධිපතිලා හිරේ ගිය හැටි දන්නවද? Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ඇයි? රනිල් විතරද? මේ ජනාධිපතිලා හිරේ ගිය හැටි දන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපගේ රටේ ශ්‍රී ලංකාවේ උද්ගතව තිබෙන විශාලතම ආන්දෝලනාත්මක සිදුවීම කුමක්දැයි යමෙකු ඇසුවහොත් එයට දෙන පිළිතුර අපි හොඳින්ම දනිමු. දිනෙන් දින විවිධ සුවිශේෂ මාතෘකාවන් සමාජයේ කතාබහට ලක්වන්නට ඉඩ ඇත. එහෙත් මෙම මොහොතේ අප සමාජයේ අතිශය මහත් කතාබහට ලක්ව ඇත්තේ එකම එක විෂයක් වන එනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමය. රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හෝ එතැනින් පසුව රෝහල්ගත කිරීම හෝ යනු සිරගත කිරීමට අදාළ වූ නීතිමය ක්‍රියාවලියකි. එය සැබැවින්ම උත්තරීතර අධිකරණය විසින් ලබාදී තිබෙන නියෝගයකි. එහෙයින් හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ සිර දඬුවමකි. මෙවැනි වටපිටාවක් යටතේ මෙම සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මක සහ වාර්තාගත සිදුවීමකි. මෙයට පෙර ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයකු සිරගත කිරීමේ දඬුවමකට ලක් නොවී ඇති අතර, එනම් මෙම සිදුවීම පළමුවැනි අවස්ථාව වෙයි. තවද මෙරට සිටි කිසිදු විධායක ජනාධිපතිවරයකු හෝ මෙවැනි දඬුවමක් ලබා නොමැත. මෙරට සමහර හිටපු රාජ්‍ය පාලකයන් අත්අඩංගුවට ගෙන අධිකරණ නඩුහබ සඳහා පමණක් ඉදිරිපත් කර ඇත.Sri Lanka Latest News

මේ ආකාරයට බලන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිදුවීම මේ වනවිට මුළුමහත් ලෝකය පුරාම දැඩි කතාබහට ලක්ව ඇති පුවතකි. එසේම සමස්ත ශ්‍රී ලාංකික සමාජයටද අතිශය වැදගත් වන සිදුවීමකි. දූෂණ චෝදනා මත හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අගෝස්තු 22 වැනිදා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම නඩුව විභාග කර, රක්ෂිත (රිමාන්ඩ්) බන්ධනාගාරගත කරන ලදී. ඉන් පසුව බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුව ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරුකර යවන ලදී. හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමය. එංගලන්තයේ පැවැති පෞද්ගලික උත්සවයක් සඳහා තමාගේ බිරිය ඇතුළු 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග එම අවස්ථාවට සහභාගි වීම චෝදනාව විය. එසේම මෙම සංචාරය සඳහා රාජ්‍ය අරමුදල් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් (160,00,000/-) වියදම් කර ඇතැයි අධිකරණයේදී චෝදනා නැගිණි. දෙස් විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වසර 2022 සිට වසර 2024 දක්වා වසර දෙකක් ජනාධිපති ධුරය දැරූ අතර, මෙම කාලයේදී විවිධ විදෙස් රටවල සංචාර 23ක් සිදුකර ඇත. මෙම සංචාර සඳහා රුපියල් මිලියන 600කට වඩා වැඩි මුදලක් වැයකර ඇති බවද ඉහත වාර්තා පවසයි. මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2කට වඩා අධිකය.
ශ්‍රී ලංකාවේ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙවැනි සිදුවීම්වලට අදාළව ලෝකයේ බොහෝ විදේශ රටවලින්ද කතාන්දර රැසක් ඇසෙයි. එනම් ලෝක ඉතිහාසය ගත්කල එවැනි රට රටවල රාජ්‍ය නායකයන් වෙත නියම කරන ලද විවිධාකාරයේ දඬුවම් ගැන අසන්නට ලැබෙයි. අධිකරණ නියෝගයන් මත සිර දඬුවම් පමුණුවන ලද හෝ නිවාස අඩස්සියේ තබන ලද ලෝක නායකයන් රාශියක් ගැන අසන්නට ලැබෙයි. මෙම සිදුවීම් ලෝක ඉතිහාසයේ රාජකීය (රජවරුන් හෝ අධිරාජ්‍යයන්) සමය දක්වා විහිදෙයි. එනම් ශතක ගණනාවක කාලයක් දක්වා විහිදෙයි. කෙසේ වුවද ඒ සියල්ලක්ම පැහැදිලි කරන්නට මෙහි ඉඩක් නැත. එසේ වුවත් සමීප ඉතිහාසයක කාලය දක්වා සිදුවීම් සොයා බලමු. එනම් පසුගිය වසර 17ක පමණ කාලයක් පුරා එසේ ලෝකයේ විවිධ රටවල දඬුවමට ලක්වූ නායකයන් කවරෙක්දැයි සොයා බලමු. 2009 සිට 2025 වසර දක්වා කාලසීමාව කෙරෙහි අවධානය යොමු කරමු.

● තායිවානය – 2009 – චෙන් ෂුයි බියාන් – තායිවානයේ හිටපු ජනාධිපති. 2000 සිට 2008 වසර දක්වා තායිවානයේ හිටපු 05 වැනි ජනාධිපතිවරයාය. බරපතළ දූෂණ, වංචා චෝදනා ඔහුට එරෙහිව ගොනුවූ අතර, 2009 වසරේදී එරට මහාධිකරණය විසින් වසර 19ක සිර දඬුවමක් නියම කරන ලදී. එම සිර දඬුවම වසර 06ක් ගෙවා 2015දී සෞඛ්‍ය හේතූන් මත සමාව ලබාදී සිරෙන් නිදහස් විය.

● දකුණු කොරියාව – 2009 – රෝ මූ හියුන් – දකණු කොරියාවේ හිටපු ජනාධිපති. 2003 සිට 2008 දක්වා වසර 05ක් දකුණු කොරියාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. 2008 වසරේදී ධනවත් ව්‍යාපාරිකයකුගෙන් ඩොලර් මිලියන ගණනාවක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත 2009දී නඩු අසා ඔහුට එරෙහිව අධි චෝදනා ගොනුකරන ලදී. ඇප ලබා නිවසට පැමිණි ඔහු ටික දිනකින් නඩුවට අදාළ විනිශ්චය ලබාදීමට ප්‍රථම ගල් පර්වතයකින් පැන සියදිවි හානි කරගෙන තිබිණි.

● ඊජිප්තුව – 2011 හොස්නි මුබාරක් – 1981 සිට 2011 දක්වා ජනාධිපති ධුරය දැරීය. ඊජිප්තුවේ සිදුවූ දේශපාලනික බල අරගලය හේතුවෙන් විරුද්ධ පාර්ශ්ව විසින් හොස්නි මුබාරක් සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා 2015 වසරේදී සිරගත කරන ලදී. පුතුන් වේලාසනින් නිදහස් කෙරුණු අතර, හොස්නි මුබාරක් 2017දී නිදහස් කෙරිණි. ඔහු වසර 91දී මරණයට පත්විය.

● මාලදිවයින – 2012 මොහොමඩ් නෂීඩ් – 2008 සිට 2012 දක්වා ජනාධිපති ධුරය දැරීය. ත්‍රස්තවාදී කුමන්ත්‍රණ චෝදනා යටතේ 2015දී අත්අඩංගුවට ගෙන වසර 13කට සිරගත කරන ලදී. මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය 2018 වසරේදී සිර දඬුවම ඉවත දමනු ලැබුවේය.

● දකුණු කොරියාව – 2017 පාර්ක් ගයෙන් හියු – 2013 සිට 2017 දක්වා ජනාධිපති ධුරය දැරීය. ඇය පසුගිය කාලයේ සිර දඬුවම් ලැබූ ප්‍රථම රාජ්‍ය නායිකාව වෙයි. දූෂණය හා බලය අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව ඇයට චෝදනා ගොනුකෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණය වසර 24ක සිර දඬුවමක් නියම කළේය. 2021දී කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් ඇයට ජනාධිපති සමාවක් පිරිනමා සිරෙන් නිදහස් කරන ලදී.

● මැලේසියාව – 2018 නජීබ් රසාක් – 2009 සිට 2018 දක්වා මැලේසියාවේ ජනාධිපති ධුරය දැරීය. මුදල් විශුද්ධිකරණය හා දූෂණ වංචා රැසකට වරදකරු වූ 2018දී වසර 12ක සිර දඬුවමකට සහ මැලේසියානු රින්ගිට් මිලියන 50ක දඩයකට යටත් විය. කෙසේ හෝ පසුව සිර දඬුවම වසර 06ක් දක්වා ලිහිල් කරනු ලැබීය.

● දකුණු කොරියාව – 2018 – ලී මියුන් බැක් – 2008 සිට 2013 දක්වා දකුණු කොරියාවේ ජනාධිපති ධුරය දැරීය. දූෂණ, වංචා, අල්ලස් හා බදු පැහැරහැරීම් ගැන චෝදනා ලැබූ ලී මියුන් බැක් 2018දී අත්අඩංගුවට ගත් අතර, වසර 15ක සිර දඬුවමකට යටත් විය. වසර 04ක් සිර දඬුවම විඳිමින් සිටියදී 2022දී ජනාධිපති යූන් සුක් යොල් විසින් ඔහුට විශේෂ සමාවක් ලබාදී සිර දඬුවම අවලංගු කර නිදහස් කරන ලදී.

● පාකිස්තානය – 2020 – ෂෙබාස් ෂෙරීෆ් – 2022 සිට මේ දක්වා දෙවතාවක් පාකිස්තානයේ අගමැති ධුරය දැරීය. නීති විරෝධී ඝාතන සහ ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් වරක් ත්‍රස්ත විරෝධී අධිකරණයක් ෂෙබාස් ෂෙරීෆ්ට දඬුවම් පැමිණවූ අතර, ඔහු සෞදි අරාබියට පිටුවහල් කරන ලද්දේය.

● දකුණු අප්‍රිකාව – 2021 – ජෙකොබ් සුමා – 2009 සිට 2018 දක්වා දකුණු අප්‍රිකාවේ 04 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. දූෂණ වංචා සහ අනවසර අවි ගනුදෙනු සඳහා ජෙකොබ් සුමාට චෝදනා එල්ල වූ අතර, 2021දී ඔහු අත්අඩංගුවට ගෙන මාස 15ක් සිර දඬුවමකට යටත් කරන ලද්දේය.

● ප්‍රංශය – 2021 – නිකොලස් සාර්කෝසි – 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ලෙස කටයුතු කළේය. : නීති විරෝධී ලෙස මැතිවරණ සඳහා මුදල් යෙදවීම ගැන චෝදනා ලබා 2021දී අත්අඩංගුවට ගෙන නිකොලස් සාර්කෝසිට වසරක සිර දඬුවමක් නියම කරන ලදී. එහෙත් පසුව එම දඬුවම නිවාස අඩස්සියට පරිවර්තනය කෙරිණි.

● පාකිස්තානය – 2023 – ඉම්රාන් ඛාන් – 2018 සිට 2022 දක්වා පාකිස්තානයේ සිටි 19 වැනි අගමැතිවරයාය. ලෝක ප්‍රකට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඉම්රාන් ඛාන්ට 2023දී චෝදනා එල්ල වූයේ අගමැති ධුරය අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිවය. චෝදනා ගණනාවකට වැරැදිකරු වූ ඔහුට මුලින් වසර 03ක සිර දඬුවමක් නියම කෙරුණු අතර, පසුව වසර 14ක සිර දඬුවමක් ලෙසටද දීර්ඝ කෙරිණි. කෙසේ හෝ ඔහු මේ වනවිටද එම සිර දඬුවම විඳිමින් සිටී.

● බ්‍රසීලය – 2025 – ෆර්නැන්ඩෝ කොලාර් – 1990 සිට 1992 දක්වා බ්‍රසීලයේ සිටි 32 වැනි ජනාධිපතිවරයාය. දූෂණ වංචා චෝදනා මත 2025දී අත්අඩංගුවට ගත් අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 09ක අල්ලස් ලබාගත් බවට ඔප්පු වී වසර 10ක සිර දඬුවමකට යටත් විය. එහෙත් පසුව එම දඬුවම නිවාස අඩස්සියට පරිවර්තනය කෙරුණු අතර, මේ වනවිටද ඔහු එම දඬුවම විඳිමින් සිටී.

● දකුණු කොරියාව – 2025 – යුන් සොක් යොල් – 2022 සිට 2025 දක්වා දකුණු කොරියාවේ සිටි ජනාධිපතිවරයාය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා මත ජනාධිපති ධුරයෙන් පහකරන ලද අතර, 2025දී අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. මේ වනවිටද ඔහු අධිකරණ නියෝග මත අත්අඩංගුවේ පසුවෙයි.

● පේරු රාජ්‍යය – 2025 – මාර්ටින් විස්කාර්රා – 2018 සිට 2020 දක්වා පේරු රාජ්‍යයේ 60 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

දෝෂාභියෝගයකින් ජනාධිපති ධුරයෙන් පහකරන ලද අතර, ඔහුට එරෙහි චෝදනා ගණනාවක් මත 2025 අගෝස්තු 14 වැනි දින අත්අඩංගුවට ගන්නා ලදී. මේ වනවිටද ඔහු අත්අඩංගුවේ පසුවෙයි.

දැන් ඔබ මෙම කතාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එය කුමක්ද? එනම් මෙලෙස වසර 17ක කාලයක් පුරා අත්අඩංගුවට ගැනීම් සහ සිර දඬුවම්වලට ලක්වුණු ලෝක රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුවට අලුතින්ම එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. තවත් ආකාරයකින් කිවහොත් ඉහත රාජ්‍ය නායකයන් 15 දෙනකු අතරින් ඔහු සිටින්නේ 15 වැනි ස්ථානයේය. මුළුමහත් ලෝකයම ආන්දෝලනයට පත්කළ පුවත එය විය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ටිපර් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න කොන්ද පණ නැත්තේ කාටද! Sri Lanka Latest News

Next Post

ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල 27 වැනිදා එළියට ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.