• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකක්ද මේ සාලිය පීරිස් කියපු රූබිකන් නදිය තරණය කරපු කතාව? අනුර – රනිල් අරන් ඒකද කළේ? Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මොකක්ද මේ සාලිය පීරිස් කියපු රූබිකන් නදිය තරණය කරපු කතාව? අනුර – රනිල් අරන් ඒකද කළේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව විවිධ අදහස් පළකරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් දේශපාලනික කාරණයක්. ඒ නිසා ඒ දේශපාලනික කාරණය මෙතැන පැහැදිලි කරන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ඔබේ දැනුමට අදාළ කොටස විතරක් අපි මෙතැනදී කියන්නම්.Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ මහත්මයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ උදාහරණ අරගෙන මේක පැහැදිලි කරලා තිබුණා. ඒ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා මේක සඳහන් කරනවා ‘රූබිකන් නදිය තරණය කිරීම’ කියලා. එතැනදි ඔහු කියන්නේ රූබිකන් නදිය තරණය කළාට පස්සේ ආපසු හැරෙන්න බැහැ කියන කාරණය. මොකක්ද මේ කතාව? කොහොමද මේක එන්නේ? සමහර වෙලාවට ඔබ දැනටමත් දන්නවා ඇති මේකට පාදක වෙන්නේ ජුලියස් සීසර්. මේ වාක්‍ය මීට අවුරුදු 2000කට විතර කලින් ලෝකෙට ආව වාක්‍යයක්. හැබැයි අදටත් මේක අපි පාවිච්චි කරනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා නිසා තමයි මේ කාරණය අපි ඔබට කියන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා එතුමන් සඳහන් කරපු ඒ කාරණයේ ඉතිහාසගත කතාවයි අපි මේ කියන්නේ. ඒ ඉතිහාස කතාව වර්තමානයට ගළපගන්නවද නැද්ද කියන එක ඔබටයි භාර වෙන්නේ. මොකක්ද මේ රූබිකන් නදිය? කවුද මේ තීරණය ගන්නේ? ඇයි මේක තරණය කළාම ආපසු හැරෙන්න බැරි? මොකක්ද මේකේ මේ තරම් තියෙන විශේෂත්වය? මේ හැම දෙයක්ම ඔබට කියන්නයි අපේ සූදානම.

මේ කතාව පටන් ගන්න අපිට යන්න වෙනවා රෝමයේ සෙනෙට් සභාවට. මේ රෝමයේ සෙනෙට් සභාවේ ජෙනරල්වරුන් අතර ඒ කාලේ පොඩි අරගලයක් තිබුණා. මේ කාලසීමාව පැහැදිලි කරනවා නම්, ක්‍රිස්තුපූර්ව පළමු සියවස තමයි මේ සිදුවීමට පාදක වෙන්නේ. ඒ කාලේ රෝම ජනරජය ඉතාම බලවත් එකක් කියලයි සැලකුණේ. එහි අභ්‍යන්තර කටයුතුවලදී ප්‍රධාන බල කඳවුරු දෙකක් තිබුණා. ඒ අතරින් එකක් තමයි ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ බෙල්ජියම. ඒ වගේම ජර්මනියේ අද අයිති වන කොටස් මේකට අදාළයි. ඔය ගෝල් දේශය කියලා හැඳින්වුණේ, ඔබ ‘සූර පප්පා’ කතාව බලලා තියෙනවා නම් මේ රෝමන්කාරයෝ නිතරම උත්සාහ කරනවා ගෝල් දේශය අල්ලගන්න. මේ ගෝල් දේශය අල්ලගන්න අවුරුදු අටක් විතර සටන් කරන්න වුණා කියලයි කියන්නේ. හැබැයි අන්තිමට ජුලියස් සීසර් රෝමයට මේ ගෝල් දේශය ඈඳගන්නවා. නැත්නම් ඒ ප්‍රදේශයත් තමන් සතු කරගන්නවා. මේක විශාල ජයග්‍රහණයක් හැටියටයි ඉතිහාසයේ සටහන් වෙලා තියෙන්නේ. ඔහුගේ බලය, ජනප්‍රියත්වය කෙමින් කෙමින් මේ නිසා වර්ධනය වුණා කියලා කියනවා.

රෝමයේ සීසර්ට හිටිය දේශපාලන විරුද්ධවාදියෙක් තමයි පොම්පෙයස් මැග්නස් කියලා කියන්නේ. එහෙම නැත්නම් පොම්පේ හැටියට තමයි මොහු බොහොම ප්‍රසිද්ධ වෙලා තිබුණේ. දැන් මේ වෙනකොට සීසර්ගේ විවිධ ජයග්‍රහණ නිසා ඔහුට අසීමිත බලයක් සහ අසීමිත ජනප්‍රියත්වයක් හිමිවෙලා තිබුණා. රෝමයේ සෙනෙට් සභාව මේ අසීමිත බලයට බයවුණා කියලයි කියන්නේ. මේ සෙනෙට් සභාව බයවුණා සීසර් මේ රෝමයේ පූර්ණ බලය තමන් සතු කරගනියි කියලා. මොකද එච්චර බලයක් සහ ජනප්‍රියත්වයක් සීසර්ට තිබුණා. ඒ නිසා සෙනෙට් සභාව කල්තියාම මේ අනතුර දැනගත්ත නිසා සෙනෙට් සභාව ආපහු සීසර්ව රෝමයට කැඳවන්න තීරණය කරනවා. මේකට අනිත් ජෙනරල්වරුත් එකඟ වෙනවා. මොකද කවුරුවත් මුදුන් වෙනවට ඒ ජෙනරල්වරු කැමැති වුණේ නැහැ. ඒ නිසා සීසර්ට ආපහු රෝමයට එන්න කියලා මේ සෙනෙට් සභාව නියෝග කරනවා. ඒ වගේම ඒ නියෝගයේ තියෙන විශේෂතම කෑල්ල තමයි සීසර් යළි රෝමයට එනකොට තමන්ගේ හමුදාව විසිරුවලා තමයි රෝමයට එන්න ඕනේ. මොකද එතකොට අර තියෙන මහා බලපරාක්‍රමය බිඳදැමීම තමයි මේකේ අරමුණ වෙලා තිබුණේ. ඒ නිසා සෙනෙට් සභාව සීසර්ට කියලා තිබුණේ තමන්ගේ සියලු හමුදාවන් විසිරුවලා නැවත රෝමයට එන්න කියලා.

මේ වෙනකොට සීසර් ඉන්නේ උතුරු ඉතාලියේ ගෝල් දේශසීමාවට මායිම්ව කියලයි කියන්නේ. ඔබ හිතනවද සෙනෙට් සභාව මේ කිව්ව තීරණයට ජුලියස් සීසර් තමන්ගේ හිස නමලා මේකට ගරු කරන්න ඇති කියලා? දැන් මේ වෙනකොට කිසිම ජෙනරල්වරයකුට නැති තරම් බලයක් ජුලියස් සීසර්ට තියෙනවා. ඔහු ඉන්නේ උතුරු ඉතාලියේ. උතුරු ඉතාලියේ ඉන්න ඔහුට තමයි රෝමයට එන්න කියන්නේ තමන්ගේ හමුදාව විසුරුවලා. රෝම නීතියට අනුව කිසිම ජෙනරල්වරයෙකුට තමන්ගේ හමුදාවත් එක්ක ඉතාලියේ දේශසීමාව තරණය කරන්න බැහැ. මේ ඉතාලියේ දේශසීමාව තමයි කුඩා ගංගාවක් වුණු ‘රූබිකන් නදිය’ කියලා කියන්නේ. මේ නීතිය හදලා තිබුණේ රෝමයට අභ්‍යන්තර යුද්ධයක් ඇතිවීම වළක්වා ගන්න කියලයි කියන්නේ. මේ රූබිකන් නදිය තරණය කිරීම කියලා කියන්නේ රෝමයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කිරීම හා සමානයි කියලයි කියන්නේ.

ක්‍රිස්තුපූර්ව 49 ජනවාරි 10 වැනිදා ජුලියස් සීසර් මේ රූබිකන් නදිය අසලට එනවා. මේ රූබිකන් නදිය අසලට ආවට පස්සේ ඔහුට තෝරාගැනීම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි රෝමයේ සෙනෙට් සභාවේ කීමට හිස නමලා, ඒ නීතියට ගරුකරලා, තමන්ගේ හමුදාව විසුරුවලා තනිවම රෝමයට යන එක. එතනදී සමහර වෙලාවට ඔහුගේ බලය අහිමි වීම නිසා දේශද්‍රෝහියෙක් හැටියට සලකන්න පුළුවන් කියලත් ජුලියස් සීසර් බියවුණා කියලා කියනවා. දෙවැනි එක තමයි තමන්ගේ හමුදාව විසුරුවන්නේ නැතුව මේ නීතිය කඩකරමින් රූබිකන් නදිය තරණය කිරීම. එතැනදී රෝමයට එරෙහිව යුද්ධයක් ආරම්භ වෙනවා. ඔන්න ඔය තෝරාගැනීම් දෙක තමයි ජුලියස් සීසර්ට ක්‍රිස්තුපූර්ව 49 ජනවාරි 10 වැනිදා තිබුණා කියලා කියන්නේ. ඔබ හිතන්නේ මොන දේ සීසර් තෝරගන්න ඇද්ද?

ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ සීසර් මෙතැනදී සෑහෙන වෙලාවක් කල්පනා කළා කියලා. මේ මොහොතේ ඔහු පමණක් නෙමෙයි, ඔහු මුළු රෝමය සම්බන්ධයෙන් ඓතිහාසික තීරණයක් ගන්නේ. මොකද මේ රූබිකන් නදිය තරණය කළොත් එහෙම රෝමයේ යුද්ධයක් ඇතිවෙනවා කියන එක සීසරුත් දන්නවා. ඒක රෝම ඉතිහාසයටත් ලොකුවට බලපානවා කියලා ඔහු දන්නවා. මේ සම්බන්ධයෙන් පුරාණ ඉතිහාසඥයෙක් වුණු ප්ලුටාක් සඳහන් කරලා තියෙනවා මේ මොහොතේ සීසර් ඔහුගේ සොල්දාදුවන් දිහා බලලා කිව්ව කාරණයක් ගැන. එතැනදි ඔහු කියලා තියෙනවා ‘අපගේ සතුරන් බලවත්, නමුත් අපගේ හදවත ඊට වඩා බලවත්’ කියලා. ඕක ඉතිහාසයේ ලියවිලා තියෙන දෙයක්. සමහර ඉතිහාසඥයන් සඳහන් කරලා තියෙනවා ඔහු ස්වර්ගය දෙස බලා මෙහෙම කිව්වා කියලා. ‘දෛවය පවතිනවා. අපි දැන් දාදු කැටය විසිකළ යුතුයි’ කියන එක. ඔන්න ඔය ප්‍රකාශ දෙක තමයි ඉතිහාසයේ මේ සිදුවීම සම්බන්ධයෙන් ලියවිලා තියෙන බොහොම ජනප්‍රිය ප්‍රකාශ දෙකක් හැටියට සැලකෙන්නේ.

අන්තිමට ජුලියස් සීසර් අවසන් තීරණයට එනවා. සීසර් තමන්ගේ හමුදාවට රූබිකන් නදිය තරණය කරන්න කියලා නියෝග කරනවා. මේ තීරණය රෝම ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වුණා කියලයි කියන්නේ. මේ මොහොතේ ඉඳන් ඔහුට ආපසු හැරීමක් නැහැ. ඔහු සෙනෙට් සභාවේ බලය සහ නීතියට එරෙහිව නැගීසිටිනවා. ඒ කියන්නේ එතැනින් එහාට යුද්ධය ආරම්භ වෙනවා කියන එක.

දැන් මේ වෙලාවේ සීසර් එක පැත්තකින් රූබිකන් නදිය තරණය කරනවා. අනිත් පැත්තේ රෝමයේ සෙනෙට් සභාව සහ පොම්පේ සූදානමින් ඉන්නවා. දැන් මේ දෙපාර්ශ්වය අතර තමයි යුද්ධය ඇති වෙන්නේ. සීසර් සහ පොම්පේ, ඒ වගේම සෙනෙට් සභාවේ ඉතුරු ජෙනරල්වරුන් අතර. හැබැයි සීසර් මේ රූබිකන් නදිය තරණය කළ වහාම රෝමයට ඉතාම වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා සෙනෙට් සභාව සහ පොම්පේ හිතුවේ නැහැ මේ තරම් වේගයකින් යුද්ධයක් ඇතිවෙයි කියලා.

පොම්පේට සහ රෝමයේ හමුදාවට සූදානම් වෙන්නවත් වෙලාවක් තිබුණේ නැහැ කියලයි කියන්නේ. ඒ නිසා ඔවුන් ග්‍රීසියට පලාගියා කියලා කියනවා. මේක ඉතිහාසයේ විවිධ විදිහට සඳහන් වෙනවා. සමහරු කියනවා බයෙන් පලාගියා කියලා. සමහරු කියනවා උපක්‍රමශීලීව පසුබැස්සා කියලා. කොහොම වුණත් ඔය විදිහට තමයි ඔය ඉතිහාසයේ ඔය කොටස ලියවිලා තියෙන්නේ. අවසානයේ සීසර්ට කිසිදු ලේ වැගිරීමකින් තොරව රෝමය අල්ලගන්න හැකිවුණා කියලා පොතපතේ සඳහන් වෙලා තියෙනවා. සමහර තැන්වල මේක තියෙනවා යුද්ධයක් ඇති වුණේ ඊට පස්සේ. එහෙම නැත්නම් මේ රෝමය අල්ලා ගැනීමේදී ලේ වැගිරීම් සිද්ධ වුණා කියලා. හැබැයි මේ පොම්පේ ඇතුළු සෙනෙට් සභාවේ ජෙනරල්වරු පලාගියාට ආපහු රෝමයේ අභ්‍යන්තර සිවිල් යුද්ධයක් නිර්මාණය වෙනවා. මේ සිවිල් යුද්ධයේදී පොම්පේ සහ ජුලියස් සීසර් අතර දරුණු ගැටුමක් හටගත්තා කියලයි කියන්නේ. හැබැයි මේ යුද්ධයෙන් අවසානයේදී ජුලියස් සීසර් ජයග්‍රහණය කරනවා. ඔහු රෝමයේ තනි පාලකයා බවට පත්වෙනවා. එහෙම නැත්නම් ඩික්ටේටර් ෆෝ ලයිෆ්, දිවි ඇතිතෙක් රෝමයේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න ඔහුට හැකිවුණා කියලා කියනවා. හැබැයි මේ ජයග්‍රහණය බොහොම තාවකාලික එකක් බවට තමයි පත්වුණේ. ඔහුගේ බලයට බය වුණු සමහර සෙනෙට් සභිකයින්ම එකතු වෙලා ක්‍රිස්තුපූර්ව 49 මාර්තු 15 වැනිදා ඔහුව ඝාතනය කළා කියලා ඉතිහාසය සටහන් කරලා තියෙනවා.
ජුලියස් සීසර්ගේ මරණයත් එක්ක රෝම ජනරජය අවසානයට එනවා කියලයි කියන්නේ. ඒ වගේම ඔහු හදාගත්ත පුතා වුණු ඔක්ටේවියන්, ඇන්ටනී, ඒ වගේම ලෙපිඩස් සමග රෝම පාලනය භාරගත්තා කියලා කියනවා. මේ අරගලයේ අවසානයට ඔක්ටේවියන් රෝමයේ පළමු අධිරාජ්‍යයා බවට පත්වුණා කියලයි කියන්නේ. ඔහු තමයි ඔගස්ටස් සීසර් හැටියට ඉතිහාසයේ නම් වෙන්නේ. ඔහුගේ නමින් තමයි ඕගස්ට් කියන මාසය, නැත්නම් අගෝස්තු කියන මාසය, දින දර්ශනයට එකතු වුණා කියලා කියන්නේ. රෝම ජනරජය අවසන් වෙලා රෝම අධිරාජ්‍යය නිර්මාණය වෙනවා. මේ සියල්ල ආරම්භ වුණේ සීසර් රූබිකන් නදිය තරණය කරන්න ගත්ත ඒ තීරණයත් සමග කියලයි ඉතිහාසය සටහන් කරලා තියෙන්නේ. එතකොට මේ රූබිකන් නදිය තරණය කිරීම කියලා කියන්නේ ආපසු හැරෙන්න බැරි අවසාන තීරණයක් ගැනීම හා සමානයි කියලයි ඉතිහාසය අපිට උගන්වන්නේ.

සීසර්ගේ කතාවෙන් අපිට පේනවා එක තීරණයකට කොච්චර බලපෑමක් ලෝකෙට කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඒ ඔස්සේ ඔහුට බලය, කීර්තිය සහ ඓතිහාසික ජයග්‍රහණයන් ලැබෙනවා. හැබැයි ඒත් එක්කම මතක තියාගන්න ඕනේ, මේ දේත් එක්ක සිවිල් යුද්ධයක් ඇති වුණා, ඒ වගේම සීසර්ගේ ජීවිතයේ අවසානයට පත්වුණා. මේ ඔක්කොම අර රූබිකන් නදිය තරණය කිරීම නිසා ඇති වුණු සිදුවීම් ජාලයේ කොටසක් හැටියටයි ඉතිහාසය ලියලා තියෙන්නේ.

රූබිකන් නදිය තරණය කිරීම කියන කාරණය සම්බන්ධයෙන්, ඒකේ ඉතිහාස කතාව මොකක්ද, ඒකේ තියෙන පසුබිම මොකක්ද, ඒකේ බලපෑම කොහොමද, ඒකෙන් ගන්න තියෙන පාඩම් මොකක්ද, මෙන්න මේ කොටස කියන්න තමයි මේ ලිපිය අපි වෙන් කළේ. වර්තමාන දේශපාලනයේදී මේ රූබිකන් නදිය තරණය කිරීම හා සමානයි කියලා සමහර තීරණ කියවෙන නිසයි ඒකේ අරුත අපි ඔබට පැහැදිලි කළේ.

iQ Meter by Wishwa Danuma

SendShareShare
Previous Post

ලබ්බට තිබ්බ අත පුහුලටත්! ඊළඟට මහින්ද? Sri Lanka Latest News

Next Post

අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.