සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘බහලුම් 323 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කළ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස රේගු වෘත්තිය සමිති සම්මේලය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළත් කරුණු දැක්වුවා. රේගු වෘත්තිය සමිති සම්මේලය කළ දැනුම් දීම අනුව ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව සොයන්න කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටුව මාස කිහිපයක් තුළ අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබුණා. ඒ අනුව මෙම බහලුම් 323 න් 309 ක් පරික්ෂාවකින් තොරව වරායෙන් පිටමන් කළ බවට කමිටුව විසින් දන්වා තිබෙනවා. එම බහලුම් 309 න් බහලුම් 159 ක් රතු නිවේදන නිකුත් කළ බහලුම් බව කමිටු වාර්තාව දන්වා තිබෙනවා. ඒ වගේම එම බහලුම් 159 භෞතිකව පරික්ෂාවට ලක්විය යුතු බවත් නමුත් එම බහලුම් තොගය කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිටමන් කර තිබෙන බව කමිටු වාර්තාවේ සඳහන් තිබෙනවා. ඒ වගේම කහ නිවේදන නිකුත් කළ අනිවාර්යෙන් ස්කෑන් පරික්ෂාවට ලක්විය යුතු බහලුම් තොගයකුත් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කළ බවට කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම බිමල් රත්නායක ඇමැතිවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන්න නියෝග අනුව රේගුවේ කමිටුව විසින් මෙම බහලුම් 309 නිදහස් කළ බවට ශ්‍රී ලංකා රේගුව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
ඒ වගේම බහලුම් 309 නිදහස් කිරිමේ අධීක්ෂණ කමිටුව තුළ අදාල කාර්යය භාර්යය ඉටු නොකර බහලුම් නිදහස් කිරිමේ කාර්යයක නිරත වුණ බවට බහලුම් 323 පිළිබඳව සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව විසින් රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාට චෝදනා එල්ල කර තිබෙනවා. එලෙස චෝදනා එල්ල වුණ සීවලී අරුක්ගොඩ මහතාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. සීවලී අරුක්ගොඩ මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව වංචාවට දුෂණයට තිත තියන බව බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළා. ඒ වගේම සීවලී අරුක්ගොඩ මහතා එල්ලවන චෝදනා කිසිවකට විරුද්ධව පියවර ගැනිමට ආණ්ඩුව තවම කටයුතු කරලා නැහැ. වංචා දුෂණවලට චෝදනා එල්ල වුණ පුද්ගලයෙක්ද නැද්ද යන්න සොයා බලන්නේ නැතිව ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින් ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිවරයාට හිතවත්නම් , ජනාධිපතිවරයාගේ පක්ෂයට හිතවත්නම් එම පුද්ගලයන්ට දුෂණ වංචා චෝදනා තිබුණාට කිසිදු ප්‍රශ්නයක් නැති බවයි මෙම සිද්ධියෙන් පෙනී යන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරුණු පිළිබඳව බලය ලබාගත්තාට පසුව අවධානය යොමු නොකර බවක් තමයි පෙනී යන්නේ. කෙසේ නමුත් වර්තමාන ජනාධිපතිවරයාත් පසුගිය ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරු වගේම තමයි කටයුතු කරන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා. නමුත් චෝදනා එල්ල වන නිලධාරීන්ට ආණ්ඩුවේ ඉහළ තනතුරු පිරිනමන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා.
ඒ වගේම බහලුම් 309 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කිරීම සම්බන්ධයෙන් රටට සිදුවුණ පාඩුව පිලිබඳව තවම ගණනය කරලා නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ විරුද්ධවාදින් විදේශ රටවලට ගිහිල්ලා වියදම් කරන මුදල් ප්‍රමාණයනම් ඉක්මනින් ගණනය කරලා රටට ඉදිරිපත් කරලා අධිකරණයට ගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් පිරිස් සතුටු කරන්න පුලුවන් තින්දු තීරණ ගන්නවා. නමුත් අනිතිකව බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිකුත් වුණ වාර්තාවට අනුව එයින් සිදුවුණ පාඩුව පියවා ගන්න තවම ආණ්ඩුව කටයුතු කරලා නැහැ.










