• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 309ක් නිදහස් කරපු සිද්ධියේ කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වූ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩව ජනාධිපතිතුමා දැන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට උසස් කරලා! එතුමාට අල්ලස් කොමිසමේ පැමිණිල්ලකුත් තියෙනවා!‌ මේවා කරන්නද මාලිමා ආණ්ඩුව ආවේ? කෝ විනිවිදභාවය? කෝ පාරිශුද්ධභාවය? ජනාධිපතිතුමා බණ කියනවා! මුජිබර් යළි කන්ටේනර් සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

August 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සීවලී අරුක්ගොඩට රේගුවේ ලොකුම තනතුරක් දෙයි! අද ඉඳන් නව අධ්‍යක්ෂ ජෙනරාල්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘බහලුම් 323 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කළ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස රේගු වෘත්තිය සමිති සම්මේලය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළත් කරුණු දැක්වුවා. රේගු වෘත්තිය සමිති සම්මේලය කළ දැනුම් දීම අනුව ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව සොයන්න කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටුව මාස කිහිපයක් තුළ අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබුණා. ඒ අනුව මෙම බහලුම් 323 න් 309 ක් පරික්ෂාවකින් තොරව වරායෙන් පිටමන් කළ බවට කමිටුව විසින් දන්වා තිබෙනවා. එම බහලුම් 309 න් බහලුම් 159 ක් රතු නිවේදන නිකුත් කළ බහලුම් බව කමිටු වාර්තාව දන්වා තිබෙනවා. ඒ වගේම එම බහලුම් 159 භෞතිකව පරික්ෂාවට ලක්විය යුතු බවත් නමුත් එම බහලුම් තොගය කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිටමන් කර තිබෙන බව කමිටු වාර්තාවේ සඳහන් තිබෙනවා. ඒ වගේම කහ නිවේදන නිකුත් කළ අනිවාර්යෙන් ස්කෑන් පරික්ෂාවට ලක්විය යුතු බහලුම් තොගයකුත් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කළ බවට කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම බිමල් රත්නායක ඇමැතිවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන්න නියෝග අනුව රේගුවේ කමිටුව විසින් මෙම බහලුම් 309 නිදහස් කළ බවට ශ්‍රී ලංකා රේගුව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

ඒ වගේම බහලුම් 309 නිදහස් කිරිමේ අධීක්ෂණ කමිටුව තුළ අදාල කාර්යය භාර්යය ඉටු නොකර බහලුම් නිදහස් කිරිමේ කාර්යයක නිරත වුණ බවට බහලුම් 323 පිළිබඳව සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාට චෝදනා එල්ල කර තිබෙනවා. එලෙස චෝදනා එල්ල වුණ සීවලී අරුක්ගොඩ මහතාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. සීවලී අරුක්ගොඩ මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව වංචාවට දුෂණයට තිත තියන බව බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළා. ඒ වගේම සීවලී අරුක්ගොඩ මහතා එල්ලවන චෝදනා කිසිවකට විරුද්ධව පියවර ගැනිමට ආණ්ඩුව තවම කටයුතු කරලා නැහැ. වංචා දුෂණවලට චෝදනා එල්ල වුණ පුද්ගලයෙක්ද නැද්ද යන්න සොයා බලන්නේ නැතිව ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින් ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිවරයාට හිතවත්නම් , ජනාධිපතිවරයාගේ පක්ෂයට හිතවත්නම් එම පුද්ගලයන්ට දුෂණ වංචා චෝදනා තිබුණාට කිසිදු ප්‍රශ්නයක් නැති බවයි මෙම සිද්ධියෙන් පෙනී යන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරුණු පිළිබඳව බලය ලබාගත්තාට පසුව අවධානය යොමු නොකර බවක් තමයි පෙනී යන්නේ. කෙසේ නමුත් වර්තමාන ජනාධිපතිවරයාත් පසුගිය ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරු වගේම තමයි කටයුතු කරන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා. නමුත් චෝදනා එල්ල වන නිලධාරීන්ට ආණ්ඩුවේ ඉහළ තනතුරු පිරිනමන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා.

ඒ වගේම බහලුම් 309 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කිරීම සම්බන්ධයෙන් රටට සිදුවුණ පාඩුව පිලිබඳව තවම ගණනය කරලා නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ විරුද්ධවාදින් විදේශ රටවලට ගිහිල්ලා වියදම් කරන මුදල් ප්‍රමාණයනම් ඉක්මනින් ගණනය කරලා රටට ඉදිරිපත් කරලා අධිකරණයට ගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් පිරිස් සතුටු කරන්න පුලුවන් තින්දු තීරණ ගන්නවා. නමුත් අනිතිකව බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිකුත් වුණ වාර්තාවට අනුව එයින් සිදුවුණ පාඩුව පියවා ගන්න තවම ආණ්ඩුව කටයුතු කරලා නැහැ.

SendShareShare
Previous Post

තියෙන ලෙඩ ගැන නීතීඥ මහත්වරු උසාවියට ඉදිරිපත් කරපු වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන ජීවිතයම විනාශ කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

අපේ පොලිසියත් ගේමක් ගහයි! කෙහෙල්බද්දර පද්මේ-කමාන්ඩෝ සලින්ත-බැකෝ සමන්-නිලංග ඇතුළු පාතාල කල්ලි නායකයන් රැසක් ඉන්දුනීසියාවේදී කොටුකර ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

Load More
ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 අතුරුදන් වූ පසු මේ දක්වා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභාවට පැමිණ කතා කොට නොමැති බව මුජිබර් රහුමාන් මහතා...

Read more
නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.